IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කරගෙන ආණ්ඩුවෙන් දැවැන්ත මාධ්‍ය දඩයමක් සිදු වෙනවා

 

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත මාධ්‍ය දඩයමක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව පත්වී වසරක් තුල සිදුවන මේ බරපතල ප්‍රහාරය හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටියේ පක්ෂ නායක කාර්යාලයේ දී අද(18) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

     "මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අසමත්කම හැම තත්පරයක් ගානෙම දැන් ඔප්පු කරමින් ඉන්නවා.

තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්ධනයක් දැන් ආණ්ඩුව ආරම්භ කරල තියෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා. කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඊට එරෙහිව අපි සටන් කරනවා.

කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. කොයිම ආකාරයක හෝ මාධ්‍යට එරෙහිව දියත් වෙන මර්ධනයට සහ බලපෑමට අපි විරුද්ධයි. මින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරනවා.

පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ මර්ධනය උග්‍ර වෙලා තිබෙනවා.

මේ අත්අඩංගුවට ගැනීම් තුළින් අදහස් ප්‍රකාශ කරන පරිශිලිකයන් බියවැද්දීමට උත්සහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට එල්ලකරන ප්‍රභල පහරක් විදියට අපි දකිනවා.
මට නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාර එල්ල කරලා තියෙනවා. එහෙත් අපි කවදාවත් මාධ්‍යට එරෙහි වෙලා නෑ. අපිට විවේචන දරා ගැනීමේ සංවරය සහ ශක්තිය තිබිය යුතුයි.
 
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙත ආණ්ඩුවේ දැඩි මර්ධනය යොමුවෙලා තියෙනවා.

මේ ආණ්ඩුවේ  සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කොට තිබෙනවා. සියලු වාරණ ඉවත් කරනවා කියලා තිබෙනවා. නමුත් වසරක් යන්නත් පෙර ඒ සියල්ල බොරු වෙලා ඉවරයි.

අපි ආණ්ඩුවට කියනවා විවේචන වලට සවන් දෙන්න.ඒවාට ඉඩ දෙන්න. ඔවුන්ගේ නිදහස අහුරන්න එපා. සමාජ මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ ත්‍රස්තවාදය නවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා ඇති. එය ක්‍රියාවෙන් ඔප්පු කරන්න."යැයිද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.



අදහස් (4)

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කරගෙන ආණ්ඩුවෙන් දැවැන්ත මාධ්‍ය දඩයමක් සිදු වෙනවා

gamunu Wednesday, 18 November 2020 10:57 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියා රට පාලනය කළ යුගයේ මෙන් මාධ්‍ය නිදහස ලබාදෙන්න.

:       0       0

Senarath Thursday, 19 November 2020 03:33 AM

රිචඩ් සොයිසා දෙකොනින්ම හිනාවෙනවා ඇති මේවා අහලා. පව් එයාගේ අම්මා මොන තරම් දුක් වුණාද ඒ ගැන...?

:       0       0

nm Friday, 20 November 2020 11:46 PM

රජයේ වෛද්‍යවරුන් මලු හොඳින් පිස ආහාරයට ගන්නා මෙන් පුනපුනා මාධ්‍ය වලින් ජනතාව දැනුවත් කරද්දී සජිත්ගේ දුරකථන පක්ෂයේ සමාජිකයකු හම්බන්තොට සමාජිකයා රටේ ජනතාවට මාළුකෑම පිළිබඳව ජනමාධ්‍යය ඉදිරියේ අපූරු රඟපෑමක් කළේය. ඔහු අමුවෙන් මාලු කෑවේය. මේ ආකාරයට මාලු කන්නේ සතුන් වුවත් ඔහුගේ තර්කය වූයේ ඔහුගේ මෙම ක්‍රියව නිසා මාලු නිකන් ජනතාව මාළුකෑමට වැඩියෙන් නැඹුරු වූ බවකි. ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් පවා මාධ්‍ය ඉදිරියේ පුන පුනා කියා සිටිනුයේ මන්ත්‍රීවරයාගේ අමු මාලු කෑමේ ක්‍රියාව සජිත් ඇතුළු පිරිස ඉහළින් අගය කළ බවකි. කවුරු මොනවා කෙසේ කිව්වත් රටේ ජනතාව මේ පිළිබඳව දරන අදහස ඔවුන්ගේ මුවින්ම ලබාගැනීමට ජනමාධ්‍යයට හැකිනම් මාලු කෑම පිළිබඳවත් මාලු වෙළඳාම ඉහළයාම පිළිබඳවත් සත්‍ය සොයා ගැනීමට හැකියාව පවතී...

:       0       1

Gihan Monday, 23 November 2020 12:09 AM

ටෙනිස් ගහන පින්තූරයක් ගත්ත කෙනාව මතක් වුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 404 1

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 520 6

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5942 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 703 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2029 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3735 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 201 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 378 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1121 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site