IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


’මන්තී‍්‍ර වරප‍්‍රසාද වලට මුවාවී හොරුන්ට හැංගෙන්න දෙන්නේ නෑ’

(නාලක සංජීව දහනායක)

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දුරකථන තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමෙන් මන්ත‍්‍රී වරප‍්‍රසාද උල්ලංඝනය වන්නේ වරප‍්‍රසාද පනතේ කුමන වගන්තිය යටතේ දැයි පෙන්වන මෙන් සභානායකවරයාට හා ආශූ මාරසිංහ මන්ත‍්‍රීවරයාටත් තමන් අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (20) පැවසීය.

මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරකම වසා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් යෙදී සිටින බව ද ඔහු කීය. 

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

බැඳුම්කර බෑණාට දුරකතන ඇමතුම් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතළිස් එක්දෙනා අතරින් තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස්දෙනෙක් පිළිබඳව පමණක් කතාකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඇඬූ කඳුළින් පවසනවා. මම නම් පෞද්ගලිකව අර්ජුන් ඇලෝසියස් හඳුනන්නේ නැහැ. කතාකරලත් නැහැ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ සම්බන්ධතා පැවැත්වීම වරදක් නෙමෙයි.

ඒත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කරන සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් ඇලෝසියස් සමඟ රහසේ සම්බන්ධතා පැවැත්වීම ගැටලූවක්. තමන් අර්ජුන් ඇලෝසියස් හඳුනන බව පවසමින් කෝප් කමිටු සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට මෙම මන්ත‍්‍රීවරුන්ට හැකියාවක් තිබුණා. එසේත් නොමැතිනම් ඔහුත් සමඟ කරන කතාබහ කෝප්කමිටුව ඉදිරියේ කිරීමට මේ මන්ත‍්‍රීවරුන්ට හැකියාවක් තිබුණා.

අර්ජුන් ඇලෝසියස් රැක ගැනීමේ වංක චේතනාවෙන් ක‍්‍රියා කළ නිසා මේ මන්ත‍්‍රීවරුන් එසේ ක‍්‍රියාකළේ නැහැ. මෙතන ප‍්‍රශ්නයක් තිබෙන්නේ මේ මන්ත‍්‍රීවරුන් පස්දෙනා පිළිබඳව පමණයි. අනෙක් මන්ත‍්‍රීවරුන් ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ.

මන්ත‍්‍රීවරුන්ගේ දුරකතනවලට රහසින් ඇහුම්කන් දීම මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩවීමක් බව ආශූ මාරසිංහ මන්ත‍්‍රීතුමා කියනවා. මෙතනදී කිසිම මන්ත‍්‍රීවරයෙක්ගේ දුරකථනයකට රහසේ සවන්දී නැහැ. රහස් පොලීසිය විසින් සකස්කරපු වාර්තාවක් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවී ඇති  අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම්වරුන්, රියැදුරන් හා සමීපතමයන්ගේ දුරකථනවලින් එක් එක් පුද්ගලයන්ට ගත් දුරකථන ඇමතුම්වලින් එම වාර්තාව සකස්වී තිබෙනවා.

ඒවා බොහෝම සාමාන්‍ය තොරතුරු, වට්ස්ඇප් පණිවිඩ, වයිබර් පණිවිඩ, යැවූ කෙටිපණිවිඩ ප‍්‍රමණය පිළිබඳව සොයාගන්නේ විමර්ශන සඳහා බැඳුම්කර කොමිසමට ලබාදුන් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයෙන්. ඒ නිසා දුරකථනවලට රහසේ සවන්දුන් බව පැවසීම පට්ටපල් බොරුවක්. එමෙන්ම අපරාධ පරීක්‍ෂණයකදී අධිකරණයේ අවසරය ලබාගෙන දුරකථනවලට රහසේ සවන්දීම වරදක් නෙමෙයි. හොරකම හෙළිවනවිට මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරකම වසාගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් යෙදී සිටින බවක් පෙනෙන්න තිබෙනවා. මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවී හොරුන්ට හැංගෙන්න ඉඩ දෙන්නේ නැහැ.

අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න ඇසීම කළයුත්තේ දප්පුල ද ලිවේරයි. බැඳුම්කර වංචාව සෙවීමේ රන් පදක්කම හිමිවෙන්නේ විගණකාධිපතිවරයාටනම් එහි රිදී පදක්කම පිරිනැමිය යුත්තේ අතිරේක සොලිස්ටර් ජෙනරල් දප්පුල ද ලිවේරා මහතාටයි. දප්පුලගේ වේග පන්දුවලට මුහුණ දෙන්න බැරි නිසා මිත‍්‍රශීලි පන්දු එවන නීතිපතිවරයා කොමිසමට ගෙන්වා ගන්නවා යැයි පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී ලොකුගේ මහතා මෙසේ පැවසීය.

එමෙන්ම අගමැතිතුමා විසින් සිංගප්පූරු ජාතිකයෙක් වුන අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිකම ලබාදෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පියා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක්. මේ වංචාව සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ හඬ නැඟුවා. ඒ වෙලාවේද එක්සත් ජාතික පක්‍ෂයේ නීතීඥවරුන් තිදෙනකුගේ කමිටුවක් පත්කර බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. එමෙන්ම මීටපෙර පැවැති පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප්කමිටුව විසින් සකස්කළ බැඳුම්කර වාර්තාවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් අස්සන් කළේ නැහැ.

ඊට පස්සෙන්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එවිට එම වාර්තාව නිකුත් කිරීම වළක්වමින් සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගත්තා. ඊට පස්සේ පත්වූ පාර්ලිමේන්තුවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් කෝප්කමිටුවක් පත්කළා. ඒ වාර්තාවත් ඒකමතිකව සම්මත කිරීමට එරෙහිව පාද සටහන් යෙදුවා.

එලෙස පාද සටහන් යොදපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධකම් පැවැත්වූ බව මේ වනවිට හෙළිවී තිබෙනවා. ඒ නිසා මේක එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානාත්මකව සිදු කළ කොල්ලයක් ලෙස හැඳින්වීමට හැකියාවක් තිබෙන බවද ඔහු පැවසීය.



අදහස් (6)

’මන්තී‍්‍ර වරප‍්‍රසාද වලට මුවාවී හොරුන්ට හැංගෙන්න දෙන්නේ නෑ’

bandara kuwait Tuesday, 21 November 2017 10:44 AM

ජාත්‍යන්තර කම්බ හොරෙක් ...හොරුන්ට විරුද්ධව කථාකරන..........

:       0       0

sudesh Wednesday, 22 November 2017 03:34 AM

ජනතා නියෝජිතයන්ට මොකටද මන්ත්‍රී වරප්‍රසාද කියලා දෙයක්. ඒ අය කරන දේවල් වහ ගන්නද? මේවා නැති කරන්න ඕනේ.

:       0       53

darshana Wednesday, 22 November 2017 05:20 AM

වැඩිය කෑගහන්න දඟලන්න එපා , ඔයත් විශාල වංචාවක් කරලා නඩු පිට ඉන්නේ .

:       0       0

Priya Wednesday, 22 November 2017 05:25 AM

මෙයා රෙදි අන්දලාද දන්නේ නැහැ කතා කරන්නේ. ඔක්කොටම කලින් හොරාට විකුණපු අනුන්ගේ කොටස්වල මුදල්ටික දීලහිටියනම් නේද හොඳ . කතාවනම් දෝලාවෙන් එත් ගමන නම් පයින්.. අනේ අපේ රුපියල් සීය ....

:       4       6

BamunuarachchiFriday, 24 November 2017 01:33 AM

උදය ගම්මන්පිල මහතා ගේ කතාවට පිළිතුරු දෙන්න අපබ්බ්‍රන්ස නොකියා.

:       1       0

PriyaSaturday, 25 November 2017 05:44 AM

ගම්මන්පිලට මහත්තයා කියලා අමතන්න වටින්නේ නැහැ. එයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තිබ්බා එයත් නියම මහත්තයෙක් වුණා නම්. විදේශිකයන්ගේ ආයෝජන හොරකම් කරපු කෙනෙක් හැටියට එයාව අනුමත කරන්න අපිට බැහැ. අපිව රවට්ටලා රුපියල් 100 ගානේ එකතුකරේ හොරකම් කරපුව වහගන්න වෙන්න ඇති. හොරකම, කව්රු කරත් අපි අනුමත කරන්නේ නැහැ. අනුන්ට ඇඟිල්ල දික්කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මෙයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2185 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site