(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ දෙනගම යසන්ත ආරියසේන)
මේ රටේ අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක ධජයක් යටතේ ඒකරාශී විය යුතුයි. තක්කඩින්ගේ සහ චෞරයන්ගේ ග්‍රහණයට හසුවෙලා දූෂිත වලව් වලින් වට වෙලා ජරාජීර්ණ වෙච්ච මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අප ඒකාන්තයෙන්ම කටයුතු කරනවා, යැයි නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාතර තිහගොඩදී පැවැසීය.
නිදහස් ජනතා සභාවේ පළමු ආසන බලමණ්ඩල රැස්වීම ලෙස කඹුරුපිටිය ආසන බල මණ්‍ඩල රැස්වීම පෙරේදා 20 වැනිදා මාතර තිහගොඩ සියෙලි උත්සව ශාලාවේදී පැවැත්වුණි.
එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවැසීය.
සියළු පරස්පරයන් පසෙකලා 2022 කොහොමද ප්‍රභූන් එකතුවුනේ. එකිනෙකාට හොරා කියාගන්නා නිල් පාට හොරු කොළපාට හොරු කියල බැනගත්තා හැබැයි මේ නිල්පාට, කොළ පාට, කුරහන් පාට හොරු ඔක්කොම එක දේශපාලන අරමුණක් වෙනුවෙන් එකතු වුණා. ඔවුන්ගේ අනාගතයට අනුව ඔවුන් නිවැරදියි. එහි ප්‍රතිඵලය වුනේ රට තුළ අත්තනෝමතික පාලනයක් ඇතිවීමයි.
ජාතික සම්පත්, ජාතික ආරක්ෂාවට බලපාන ටෙලිකොම් වැනි ආයතන විදේශකරණය කරන ආකාරය මෙහිදී කියවුණා. අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ පාලනය පිටු දැකීම සඳහා සියලු ප්‍රජාතන්ත්‍රීය බලවේග එක ධජයක් යටතේ ඒකරාශීවිය යුතුයි.
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ආර්ථිකය මත පදනම් වෙච්ච දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය මත පදනම් වෙච්ච මොන වර්ණයේ දේශපාලන චෞරටන්ටවත් මේ බිම මිනිසුන් නැවත රවටන්න ඉඩ දෙන්නේ නැති පාලනයක් ඇති කළ යුතුයි.
හොරා කෑව කියල සෑම මැතිවරණයකම කෑගහල කියනවා. හොරා කාපු ධනය නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ගේන ආකාරයේ ශිෂ්ටසම්පන්න නීතිගරුක රාජ්‍ය පාලනයක් සහිත දේශපාලන වාතාවරණයක් ගොඩ නැගිය යුතුයි. ඒක තනි පුද්ගලයකුට කණ්ඩායමකට කළ හැකි දෙයක් නොවෙයි. අප ගොඩනගන පුළුල් සංධානය ඇමතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හෝ තනතුරු ගන්නා සංධානයක් නොවිය යුතුයි.
රට වෙනුවෙන් නිවැරදි සංධානයක් හදාගන්න අවශ්‍ය නම් අඩියක් දෙකක් පස්සට ගන්න අප සූදානම්. මේ රටේ අනාගතය වෙනුවෙන් අපි පාලම් බාස් උන්නැහෙගේ රාජකාරිය සූදානම්. වසර 75 ක් කාලකන්නි දේශපාලකයන් විසින් පැහැරගත් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නොකිලිටි දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කිරීමට අප කැපවෙනවා. නිල්වලාවේ ඓතිහාසික දේශපාලන මුද්‍රාව මේ රටේ පැළපදියම් කරන්නට ඒ වෙනුවෙන් පෙරගමන්කරුවන් කරන්නට ශක්තිය ලැබේවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වීරසුමන වීරසිංහ, කේ.පී.එස්. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ලලිත් එල්ලාවල, වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුද සම්මේලනය ඇමැතූහ.
කිරින්ද, පුහුල්වැල්ල, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ සහ විශාල ජනතාවක් මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.
ඩලස් අලහප්පෙරුම සභාව ඇමැතූ අයුරු සහ සහභාගී වී සිටි පිරිසෙන් කොටසක් මෙහි වෙති.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මෙම පාලනය පිටු දැකීමට හැමෝක එක් විය යුතුයි
pj Tuesday, 22 August 2023 05:50 AM
"අප ගොඩනගන පුළුල් සංධානය ඇමතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් හෝ තනතුරු ගන්නා සංධානයක් නොවිය යුතුයි." අර මොබයිල් ෆෝන් එකක් සමඟ සිටින කෙනා එදා JVP එකෙන් පැන්නෙ තනතුරු ගන්න නොවෙයිද? බලාගෙන !
LGP. JATHUNARACHCHI. Tuesday, 29 August 2023 09:19 PM
කා සමග ද?
ashok Wednesday, 30 August 2023 09:52 AM
Jvp එකත් එක්ක නම් ගමනක්ම නෑ. දැන්ම ඔබගේ ගමනට වැට කඩොලු දාගන්නෙ නැතුව ඒව ඉවකත්කර ගන්න.
Sampath Wednesday, 30 August 2023 07:10 PM
ඔබලා සමග ගමන් යෑමට වඩා මුහුදේ පැනීම හොඳ විය හැකියි
Hector Perera Thursday, 21 September 2023 12:37 AM
මේ ඩලස් මිනිහා 18 සහ 20 සංශෝධනවලට ඡන්දය දීලා දැන් ක්‍රමය වෙනස් කරන්න ඕනලු . මොන විහිළුවක්ද!