(නිමල කොඩිතුවක්කු)
මාර්තු මාසයේ තුනෙන් දෙකේ බලයක් හඹාගෙන ගිය පොහොට්ටුවට ජූලි මාසය වනවිට සරළ බහුතරයවත් ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(17) පැවසීය.
තමන්ට මැතිවරණය ජයග්‍රහණය කරන්න රටේ ජනතාව කොරෝනාවට නෙවෙයි මාරයාට වුණත් දෙන්න මේ ආණ්ඩුව සූදානම් බවද මරික්කාර් මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේ ද කීවේය.
“කොරෝනා පරාජය කරපු මේ රජයට සහය දෙන්න කියලා මැතිවරණ ව්‍යාපාරය කරද්දි පොහොට්ටුව සමහරු දාලා තියෙනවා. කොරෝනා රටට එන්න ඉඩ දීලා ඉන්පසු දෙවෙනි සහ තෙවෙනි රැල්ලටත් ඉඩ දීපු රජයට ඡන්දය දෙනවාද කියලා කල්පනා කරල බලන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි වටේ දී කොරෝනා වසංගතය එන්න ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතු වුණා. නාමයෝජනා දීලා මහ මැතිවරණය තියෙන්නෙ තිබුණු හදිස්සිය නිසා මාර්තු 19 වෙනකම් රට ඇරලා එයාපෝට් ඇරලා කොරෝනා වසංගතය රටට එන්න ඉඩ දුන්නා.
ඒ දවස්වල පී.සී.ආර් පරීක්ෂණ කරලා මේ වසංගතය පාලනය කරන්න ආණ්ඩුවට අවස්ථාවක් තිබුණා. එහෙත් ආණ්ඩුවට ලොකුවුනේ ඉක්මණින් මැතිවරණයකට ගිහිල්ලා තුනෙන් දෙකක් ලබාගන්නයි. ජනතාව ගැන වගේ වගක් මේ පොහොට්ටුවේ පිරිස්වලට තිබුණේ නැහැ.දේශපාලන වේදිකාවේ කිව්වට කොරෝනා රැල්ලක් කොහේවත් නැහැ කියලා මහින්ද මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා. මේවා මාර විහිලු. රටේ මිනිස්සු බොරුවට ද බය වෙලා තියෙන්නෙ කියලා අපි අහනවා.
කොරෝනා නැත්නම් ආයෙත් පාසල් වැහුවෙ ඇයි කියල මේ ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. කොරෝනා අවදානමක් තිබිච්ච නිසා තමයි පාසල් වැහුවේ. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා බොරු කියන්න එපා කියලා.මේ අය මාර්තු මාසේ ඉක්මණින් ඡන්දය තියලා තුනෙන් දෙකක් ගන්න හඹා ගෙන ගියා. ආණ්ඩුව පත්වෙලා මාස නමයක් ගියත් රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ජීවන වියදම ඉහළ ගිහින්, රටේ ජනතාවට සහන නැහැ.
ජනතාවගේ වැටුප් කපලා. ලීසිං වාරික ණය වාරික ගෙවා ගන්න විදිහක් නැහැ. රටවිරුවන්ට ලංකාවට එන්න විදිහක් නැහැ. රාජ්‍ය අංශය රැකියාවල විශාල අවදානමක් තියෙනවා. රණවිරුවන් රාජ්‍ය සේවකයන් රවට්ටලා.
දැන් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ගියා තියා 113 වත් ගන්න බැරුව ඉන්නවා. පරාජය පේන මේ ආණ්ඩුව ඉක්මණට මැතිවරණයට යන්න උත්සාහ කරනවා. තමන්ට මැතිවරණය ජයග්‍රහණය කරන්න රටේ ජනතාව කොරෝනාවට නෙවෙයි මාරයාට වුණත් දෙන්න මේ ආණ්ඩුව ලෑස්තියි” යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේ ද කීවේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘මාර්තුවේ තුනෙන් දෙක හඹාගිය පොහොට්ටුවට ජූලියේදී සරළ බහුතරයවත් නැහැ’
Raveendra Friday, 17 July 2020 04:48 PM
පැරණි කියමනක් මතකයට නැගෙනවා "හබන් කුකුලන් උඩු බුරනකොට" වල්ඌරන්ට" අවමගුල් කියලා... එය මොහුට ඉතාමත්ම හොඳින් ගැලපෙනවා.
de silva Saturday, 18 July 2020 02:54 PM
මොනවා නැති වුනත් පිට රට අතරමංවෙලා අනාථ කඳවුරුවල ඉන්න පුරවැසියන් ටික මාස 4ක් ගතවෙලත් ගෙන්වාගන්න ක්‍රමවේදයක් නැති ආණ්ඩුවෙන් වැඩක් තිබෙනවද.?
thilak Wednesday, 22 July 2020 07:31 AM
ඔහු ඊළඟ පාර්ලිමේන්තුව සඳහා තෝරා නොගනිමු.