විනීතා එම් ගමගේ
රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා යන දෙදෙනාම සුදුසු නැති බවත් ඔවුන් දෙදෙනාම විධායක ජනාධිපති ධුරයට ඉව අල්ලමින් සිටින බවත් ඔප්පු වී ඇතැයි පුරවැසි බලය සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
එහෙත් මිලිටරි පාලනයක් හෝ ජාතිවාදය මුල්කරගත් පාලනයක් මේ රටට ගැලපෙන්නේ නැතැයි ද හෙතෙම කියා සිටියේය.
විජේසූරිය මහතා මේ අදහස් පල කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද පැවැති පුරවැසි බලය මාධ්‍ය හමුවක දීය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ සරත් විජේසූරිය මහතා මෙසේ ද පැවැසීය.
‘‘අපි බලකර කියා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ පෙළ ගැසෙන ලෙසයි. ජාතිවාදී බලවේගවලට ජනතාව ත්‍රස්ත කරන්න දොරගුළු හැර දෙන්න එපා. ජනාධිපති හා අගමැති පොරොන්දු ඉටු කර නැහැ. අරමුණු ඉටු නොකර අලංකාර කතා කියන ජනාධිපති දැන් මොනවද කරන්නේ?
රටේ අභිවෘද්ධිය පතන සියලූ දෙනා 20 වැනි සංශෝධනයට පක්ෂ විය යුතුයි.
සියල්ල අසාර්ථක කරගත් ඔහු වෙන දෙයක් තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍යට නායකත්වය දෙන්න පවා එතුමාට බැරි වුණා. දැන් බලන්නේ කවර අන්දමින් හෝ බලය තබා ගන්නයි.
හිටපු නීතිය හා සාමය පිළිබඳ ඇමතිත් අධිකරණ ඇමතිත් රාජකාරිය ඉටු කරන අය වීම නිසා අගමැතිට අවශ්‍ය වුණා තමන්ට හීලෑ කරගත හැකි දෙදෙනෙක් මේ තනතුරුවලට ගෙන එන්න.
හිටපු ජනාධිපතිවරයා විවේචනය කරල මෙතනට ආ තලතා මේ වනවිට විශේෂ අධිකරණ පිහිටුවීමෙන් වළකින්නට කරුණු ඉදිරිපත් කරනවා. මෙතන තියෙන්නේ අමාත්‍යවරිය ගේ වරදක් නොවෙයි, අග්‍රමාත්‍යවරයාගේ නරක අදෘශ්‍යමාන මැදිහත්වීමයි. මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුට අදාළ නඩු පසෙකලා ඔහුගේ පිහිටෙන් හෝ බලයට එන උවමනාවයි තිබෙන්නේ. ‘‘
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිලිටරි හෝ ජාතිවාදී පාලනයක් මේ රටට ගැලපෙන්නේ නෑ - සරත් විජේසූරිය
dasun Wednesday, 01 August 2018 04:42 AM
ඔබලා ගෙනා යහපාලනයයි මේ ඔක්කොටම මුල. ඒ නිසා තවත් වැදිබණ නොකියා පැත්තකට වෙන්න.
THILAK Sunday, 05 August 2018 09:21 AM
ආයේ මොකටද සෙට්වෙන්නේ..? කරපු හරිය හොඳටම ඇති.