IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


මහින්ද යුද්ධය නිමවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා: නව රජය තුන් වසරකදී රටම විනාශකර දැම්මා

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ දේවහුව ප්‍රසාද් ජයකොඩි)

මහින්ද රාජපක්ෂ රජය යුද්ධය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ බවත් නව රජය බලයට පත්ව වසර තුනක් ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව රටම විනාශයට පත් කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (1) දහවල් ගලේවෙල නගරයේ දී පැවසීය.

“එළිය” නමින් සංවිධානය කරගෙන යන රට දැනුම්වත් කරන වැඩසටහන් මාලාවේ මාතලේ දිස්ත්‍රික් එළිය වැඩසටහන ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණි.

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පළාත් සභා හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම එළිය වැඩසටහන ගලේවෙල සංවිධානය කොට තිබිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ මේ වන විට රට විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටී තිබෙන බවත් එදා බටලන්ද වධකාගාර පවත්වාගෙන ගිය  පිරිස්  මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම සිදු කරන බවත්ය. එමෙන්ම තිස් වසරක් පැවති යුද්ධය අවසන් කොට රටේ සංවර්ධනය ස්ථාපිත කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ දී සිදුකළ බවත් මේ වන විට වර්තමාන රජය ඒ සියල්ල විකෘති කරමින් රට විශාල විනාශයකට ඇද දමන බවත්ය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක  භික්ෂූන් වහන්සේ තමන්ගේ පින්කමක දී සිදුකළ අනුශාසනාව විකෘති කොට විශාල අපකීර්තියක් එක් කිරීමේ වෑයමක නිරත වුණා. මේ වන විට ඒවා ජනතාවට පැහැදිලි වී තිබෙනවා.

බටලන්ද වධකාගාරය සුදුවෑන් නිර්මාතෘවරුන් වෙනත් කණ්ඩායම්වලට අභූත චෝදනා කරමින් සිටිනවා. මුස්ලිම් ජනතාව සාමාන්‍ය වැසියාට බොරු සපයමින් මහින්ද රාජපක්ෂ කෙරේ අවිශ්වාසය ගොඩනැඟුවා. 

එළිය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ රටේ පවතින ආර්ථික කඩා වැටීම ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ක්‍රියාදාමයන් හෙළිදරව් කර ජනතාව දැනුවත් කිරීමටයි. එසේම නව රජයට අවශ්‍ය පරිදි ජනතාව දැනුවත් කිරීමටයි. එසේ පත්වන නව රජයට ක්‍රමානුකූලව වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය මඟ පාදා දීමටයි.

තිස් වසරක් පැවැති යුද්ධය නිමා කොට වසර තුනකින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට නිදහසේ ජීවත් කරවීමට අයිතිය ලබා දුන්නා. මෙම ආණ්ඩුව බලයට පත්ව සිදුකර ඇත්තේ එම ස්ථාපිත කොට තිබූ නිදහස පාවිච්චි කරමින් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමයි 

මේ වන විට රට පුරා අපරාධ රැල්ලක් වර්ධනය වෙලා. දිනපතාම මිනීමැරුම් රැසක් අසන්නට දකින්නට ලැබෙනවා. එමෙන්ම දේශපාලනඥයින් භික්ෂූන් වහන්සේලාට සහ රටේ පොදු ජනතාවට ජම්පර අන්දවන යුගයත් රට තුළ ක්‍රියාත්මක වෙනවා.   මෙම රජය ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ක්‍රියාත්මක කරනවා. 

“විශේෂයෙන් ලෝකයත් සමග රට ඉදිරියට යනවිට ආසියාවේ ප්‍රබල ආර්ථික මධ්‍යස්ථානය බවට අපේ ලංකාව පත් කළ යුතුයි. මේ ස්ථානයට රැගෙන යන විට අපි විද්‍යාවෙන් තාක්ෂණය අතින් දියුණු වෙන්නට ඕන. තාක්ෂණය අතින් විද්‍යාව අතින් දියුණු වීමේ දී අපි දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරගෙන කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාව ආරක්ෂා කරමින් ගෝලීය ආර්ථිකයක් සමඟ ඉදිරියට යන්නේ කොහොමද කියලා සොයා බැලීම  ඉතාමත්ම වැදගත්.

“තාක්ෂණයේ දියුණුවත් එක්ක අද ලෝකයේ කෘෂිකර්මාන්තය වීශාල වශයෙන් දියුණු වෙලා තියෙනවා. අද අපේ ගොවි මහත්තුරුන්ට විශාල ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ”

හැබැයි නව තාක්ෂණයත් එක්ක ජල කළමනාකරණය ජලය පිරිමැස්ම ආදී කටයුතු සිදු කරන්න පුළුවන්. අපි ගොවි ජනතාව තුළින් මේ තත්ත්වය ඇති කිරීම සිදුකළ යුතු වෙනවා.

බොහෝ විට මේ දිනවල ආණ්ඩුවේ අය කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නැවත බලයට ආවොත් ඒ  අය ඇතිකළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙයි කියලා කියනවා. හැබැයි අපිට නිදහස ලැබුණු දා සිට මේ දක්වා බිහි වූ රාජ්‍ය නායකයන් අතරින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරලා ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ විතරයි,”

“මෙතන ඉන්න තරුණයන්ට මතක නැතිව ඇති ඒ අය දන්නේ නැහැ 87 88 89 භීෂණය විශාල වශයෙන් මේ රටේ තරුණ තරුණියන් විනාශ වන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ වගේම මේ රටේ අවුරුදු විසි හතක් විවිධ රජයන් තුළ විවිධ ජනාධිපතිවරුනට විසඳා ගැනීමට නොහැකිව දිනෙන් දින ඉදිරියට ගිය ත්‍රස්තවාදය අවුරුදු තුනක් වැනි කෙටි කාලයක් තුළ මේ රටෙන් සදහටම තුරන් කරලා සාමය මෙරටට ගෙනාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ත්‍රස්තවාදයක් තියෙනවනම් ජනාධිපතිවරු ඇමතිවරු හමුදාපතිවරු  මහජනතාව පාර මැද මිය යනවා නම් නගරය තැන තැන බෝම්බ පුපුරනවා නම් භික්ෂූන් වහන්සේලා තැන තැන ඝාතනය වෙනවා නම් මුස්ලිම් පල්ලිවල පූජකවරුන් කපා කොටා දමනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනවා ද,”

” ත්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙනවනම් ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරන්න පුළුවන්ද? පාතාලය නැවත හිස ඔසවනවා නම් අද ජනතාව දන්නවා. උදේ අවදි වෙන කොට යම්කිසි ඝාතනයක් ගැන කතා කරනවා. මෙවැනි තත්ත්වයක් යටතේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා කියන්නේ. මේ රටේ තිබුණු යුද්ධය අවසන් කරලා රටේ ජනතාවට සන්තෝසෙන් ඉන්නට පුළුවන් වාතාවරණයක් සකසලා තියෙනවා. ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ තමයි ආර්ථිකය ගොඩ නැගුවේ. ඒ ජනතාවට සතුටින් ඉන්න උතුරු-නැගෙනහිර ගිහිල්ලා බලන්න අනිත් ප්‍රදේශවල වගේම දියුණුවක් සංවර්ධනයක් ඇති කළා. ඒ මොනවට ද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා දා යුද්ධයෙන් විනාශ වූ ඒ ප්‍රදේශවල පාරවල් හැදුවා. විදුලිය දුන්න දුම්රිය මාර්ග ඉදිකළ ඒ සියල්ල කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.”

රටේ අනෙක් ප්‍රදේශ සංවර්ධනය කරනවා වගේම උතුරු නැගෙනහිර ප්‍රදේශ එදා සංවර්ධනය කළා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මේ රජය ප්‍රාදේශීය සභා ඡන්ද කොපමණ කාලයක් හිරකරගෙන හිටියද? පළාත් සභා ඡන්දය කල් දානවා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතිවාසිකම් තමයි එහෙම උල්ලංඝණය වෙන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සෑම ඡන්දයක්ම නිසි කලට ඉස්සරලා පැවැත්වූවා විතරක් නෙවෙයි නැගෙනහිර ප්‍රදේශයේ පළාත් සභා ඡන්දය පළමුවෙනි වතාවට ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නා. ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් උතුරේ පළාත් සභාව පිහිට වූයේ ගිනිඅවි සියල්ල ඉවත් කරලා. ඒ ගිනිඅවි ඉවත් කළේ වෙන මොනවටවත් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ මැතිවරණය තියන්න.”

“බලන්න එදා වගේද අද මේ රටේ නව රජය බලයට පත් වුණ දා ඉදලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අයුරු විරෝධී වැඩ කොච්චර කළා ද? මුලින්ම රජය පටන් ගත්තේ තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුව තියෙද්දී 2015 වසරේ ජනාධිපතිවරණයක් තියලා බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවේ අගමැති ඉවත් කරලා නව අගමැති කෙනෙක් පත් කරනවා. මහා ඇමතිවරු ඉදිරිපත් කරනවා අග්‍රවිනිශ්චයකාරවරයා ඉවත් කළා. ඒක ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර, විරෝධී වැඩ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. හැම තිස්සේම සංවර්ධනය ගැන කතා කරන්නෙ නෑ. කාට හරි හිරේ දාන කාටහරි ජම්පර් අන්ඳවන කතාවක් තමයි මේ රටේ මැති ඇමතිවරු නිතර නිතර කතා කරන්නේ. එක තමා මේ ආණ්ඩුවේ” ප්‍රජාතන්ත්‍රවාදය.

“අපිට පිටරට ඉන්න උපදේශකයන් පසුපස යන්න අවශ්‍යතාවක් නැහැ. අපේ රටේ සංස්කෘතිය තත්ත්වය ආදී පිළිබදව අවබෝධයක් තියෙන්නේ. දේශීය විද්වතුන්ට මේ රටේ අධ්‍යාපනය සංස්කෘතිය කර්මාන්ත ආදී සියලු දේ පිළිබඳව දියුණු කිරීමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම විශාල වැඩ කොටසක් කරන රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු වෙනවා. මේ රටේ ආර්ථිකය රැගෙන යෑම පාලනය කිරීම ආදී සියලු දේවල් රාජ්‍ය සේවකයන් අතින් සිදු වෙනවා. අද රාජ්‍ය සේවකයන් නිසියාකාරව සේවාව ලබා ගන්නේ නැහැ. හැබැයි පහුගිය කාලයේ රාජ්‍ය සේවකයින් ඇගයීමට ලක් කරලා. ඒ අයගේ බුද්ධිය රටේ සංවර්ධනයට ගෙව්වා. එදා කොළඹ නගරය තිබුණු තත්ත්වය සහ මේ පරිවර්තනය කරන්න රාජ්‍ය සේවකයන් විශාල කැප කිරීමක් කළා. අද මේ සියල්ල අමතක වෙලා. මේ සියල්ල විනාශ වෙමින් යනවා. රාජ්‍ය සේවය දියුණු කරන්න නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. අද ජනාධිපතිවරයා අගමැතිවරයා දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගිහිල්ලා අපිට බනින්න අවස්ථාව සලසල දුන්නේ අපි. ඒ අපි ඇති කරල තිබුණු නිදහස නිසා අපි ඇති කරලා දීපු ප්‍රජාතන්ත්‍රවාදය නිසා. එදා කිසිම ජනාධිපතිවරයකුට යාපනයට යන්න පුළුවන් වුණේ නෑ. ඒ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ රජය. යම් යම් බොරු ප්‍රචාර නිසා සමහර ජනකොටස් මුලාවට පත් කරලා. විශේෂයෙන් මුස්ලිම් සහෝදරවරුන් බොරු පතුරවල ඔවුන් මුළා කළා. ඒ ඇත්ත දැන් වැටහිලා තියෙන්නේ.”

”මේ තත්ත්වය රටේ ජනතාව හඳුනාගත යුතුයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පුළුවන් වුණා අවුරුදු තුනක් ඇතුළත රටේ යුද්ධය අවසන් කරලා සාමය ස්ථාපිත කරලා ප්‍රජාතන්ත්‍රවාදය රටේ ඇති කරන්න. වර්තමාන ආණ්ඩුවට පුළුවන් වුණා අවුරුදු තුනක් ඇතුළත මේ රට විනාස කරන්න”

මේ අවස්ථාවේදී ආචාර්ය පාලිත කොහොන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, වීශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්ම මහත්මීහු ද එළිය වැඩසටහන අමතමින් අදහස් ප්‍රකාශ කළහ.



අදහස් (0)

මහින්ද යුද්ධය නිමවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා: නව රජය තුන් වසරකදී රටම විනාශකර දැම්මා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5562 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 655 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1996 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3692 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 991 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site