(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට කළ දේම නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතාටද සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
අද මහින්ද මහත්තයා පොහොට්ටුවට කතිරය ගහන්න කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය - බර අඩු කරන්නයි මේ යන්නේ.අපි තේරුම් ගන්න ඕන 2009 මැයි මාසේ 20 වැනි දා යුද්ධය අවසන් කරනවා, ඒ යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, ගෝඨාභය ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සරත් ෆොන්සේකා නිසා.
යුද්ධය අවසන් වෙලා සරත් ෆොන්සේකා හොඳම හමුදාපති කියලා රට වටේම අරන් ගියා, කටවුට් ගැහුවා, උත්සව තිබ්බා, බොහොම වර්ණාවෙන් කතා කලා.හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2010 ජනාධිපතිවරණයේදී එතුමත් එක්ක සරත් ෆොන්සේකා මහත්තයා තරග කළා කියලා ජම්පරේ ඇන්දුවා.
මෙන්න මහින්ද මහත්තයාගේ හැටි. යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න ෆොන්සේකා මහත්තයා තමන් එක්ක ජන්දය ඉල්ලපු තරහට, වෛරයට , පළිගන්න ජම්පරය ඇන්දුවා.අද මහින්ද මහත්තයා නිකං හරි රණවිරුවෙක් හිරේට ගියොත් රණවිරු දඩයම කියලා බොහොම දුකින් කථා කරනවා.හැබැයි රට බේරා ගත්ත, යුද්ධය වෙලාවේ යුද්ධය කරපු සරත් ෆොන්සේකා මහත්තයා එයත් එක්ක තරග කරපු තරහට ජම්පරය ඇන්දුවා.
අද කරන්නෙත් එදා කරපු වැඩේමයි.ඒ වගේම දෙයක් මෛත්‍රී මහත්තයයි එයයි ඡන්දය ඉල්ලුවා, මෛත්‍රී මහත්තයා දිනුවා. සභාපති පැරදුණා දැන් මෙයා අලුත් පක්ෂයක් හැදුවේ ශ්‍රී ලංකාකාරයින්ගෙන් සහ මෛත්‍රීගෙන් පළිගන්නයි.දිනපු මෛත්‍රීට බාධා කරන්නයි යැයි ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහින්ද ෆෝනසේකාට කළ දේ මෛත්‍රිටත් කරනවා
Bamunuarachchi Monday, 29 January 2018 10:16 AM
ෆොන්සේකාට කළේ කුමක්ද? ෆොන්සේකාට ජනතාව කරපුදේ බලලා කතාකරන්න. ෆොන්සේකා කව්ද කියා ඔබ තවමත් ඉගෙනගෙන නැද්ද? අනේ පව්...
sudseh Monday, 29 January 2018 10:29 AM
මෛත්‍රි ඡන්දේ ඉල්ලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවේ. ඒක දුමින්ද දිසානායකට අමතක වුණාට ජනතාවට අමතක නැහැ. ලක්ෂ 58 අපි ඡන්දේ දුන්නේ මහින්ද මැතිඳුන්ට මිසක් හංසයාට නොවේ. අපේ ඒ වටිනා ඡන්දය අරගෙන වත්මන් ජනාධිපති පැරදුණු අපේක්ෂකයන් පත්කර ඇමතිකම් දුන්නා. අපේ ඡන්දය අවභාවිත කළා.
සෙනෙවි Monday, 29 January 2018 11:04 AM
ෆොන්සේකාට ඒක කලේ මෛත්‍රී ඇමතිවරයෙක්ව හිටපු ආණ්ඩුවෙන් බව අමතකද?
කුමාර Monday, 29 January 2018 11:09 AM
නෑ දුමින්දට වැරදිලා. මෛත්‍රීට ඒක කරන්නේ දැනට ඔහු විසින්ම බලගන්වපු එජාපයේ ලොක්කා රනිල් ජනාධිපති ලෙස පත්වීමෙන් පසුවයි.
R.M.S. ARIYARATHNA.Wednesday, 31 January 2018 12:05 AM
ඔබ හරියට හරි, ෆොන්සේකාටත් .මෛත්‍රීටත් දෙන්නටම යස අගේට පෙනෙයි රනිල් කවුද කියල එයා වැඩ පටන්ගත්තට පසුව. තවම එයා වැඩ පටන්ගත්තෙ නෑ.
Chanak Los Angeles Wednesday, 31 January 2018 04:10 AM
අපේ රටේ දේශපාලකයෙක් වෙමින් බලයක් ලැබෙනවා කියන්නේ සක්විති රජකමක් ලැබුනා වගෙයි.. බොරුනම් බලන්නකෝ එක කලිසම හෝදහොදා ඇන්දා කියපු, ෆුට් බයිසිකලයක් ගන්න රුපියල් සීයක් තිබුණේ නැහැ කියා ඔහුගේ කටින්ම කියපු අර වංශවත් දේශපාලකයාගේ අද තිබෙන වත්කම...
බයයි Wednesday, 31 January 2018 05:37 AM
මහින්ද මහත්තයාගේ මුහුණේ ඉරියව් දිහා හොඳින් බලනවිට බයත් හිතෙනවා..
janaka Wednesday, 31 January 2018 07:55 AM
මේ කරන්නේ නම් මහ ජරා වැඩක්නේ...
nathina Wednesday, 31 January 2018 08:25 AM
බමුණුආරච්චි !!! ඔලුව නරක් වෙලාද මඤ්ඤං කියවන්නේ!! ෆොන්සේකා කව්ද කියල කිව්වා නම් අනිත් අයටත් දැනගන්න!!
SenarathSaturday, 03 February 2018 07:23 AM
ෆොන්සේකා තමයි අවිස්සාවේල්ලේදී සුදුකොඩි කතාව කියලා ලංකාවේ හමුදාවට දෝෂාරෝපණය කලේ. ලෝකේ කිසිම රටක හමුදාවක් තමන්ට වෙඩි තියද්දී, මිනිස් බෝම්බ පුපුරවද්දී, අහිංසක ජනයාගේ ජීවිතවලට වන හානිය නිසා නිකන් මැරුම් කෑවේ නැහැ. එහෙම කළේ අපේ රණවිරුවෝ. මේ යුද්ධයෙන් ජීවිත බේරුණු ලක්ෂ 3 ක ජනයාගෙන් භාගයක් මැරෙනවා, යුද්ධ තව සති 2ක් ඇදුණානම්. ෆොන්සේකාට ඕනේ ගෝඨාගෙන් පළිගන්න.. රටට හෙනගැහුවත් කමක් නැහැ.
Saman Thursday, 01 February 2018 05:32 PM
කිසිම ප්‍රශ්නයක් නැහැ
gamage Friday, 02 February 2018 12:07 PM
ෆොන්සේකා හොඳ රටට සේවයක් කල විරුවෙක් තමයි. නමුත් ෆොන්සේකා කළේ කුමක්ද? මහින්දට එරෙහිව එන්ජීඕ කොන්ත්‍රාත් එකක් කිරීමයි.