IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල වූ පොල් පොට්ලාට සදාම් හුසේන්ලාටත් ඇමෙරිකාව වීසා දුන්නා

(විනීතා එම්. ගමගේ)

සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකාවේ යෑමට වීසා නොලැබුණ  කතාව අමූලික බොරුවක් වන අතර සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා දුත පිරිසෙන් ඔහුව ඉවත් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකශ කළේය.

රණවිරුවන්ට අපහාස කිරීමටත් තමන්ගේ නම්බුව බේරා ගැනීමටත් ෆොන්සේකා මහතා අසත්‍ය වපුරමින් සිටින බව ද හෙතෙම සඳහන්  කළේය.

ගම්මන්පිල මහතා එසේ පැවැසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එම මාධ්‍ය හමුව ඇමතූ මන්ත‍්‍රීවරයා තව දුරටත් මෙසේ ද පැවැසීය.

 ‘‘ලබන නොවැම්බර් මසට පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීලා වසර 30යි. නමුත් කිසිම ආණ්ඩුවක් ඒක ක‍්‍රියාත්මක කළේ නෑ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සිට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දක්වා ජනාධිපතිවරු හයදෙනකු ව්‍යවස්ථාවේ තිබෙන පොලිස් බලතල පළාත් සභාවන්ට දුන්නේ නෑ.

ඇත්තෙන්ම ව්‍යවස්ථාව අනුගමනය කරන්න ප‍්‍රතිඥා දීලා තනතුරට එන ජනාධිපතිවරයකු ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියන්නේ එතුමා ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතුවක්.

ජනාධිපතිවරු හයදෙනෙක් තමන්ගේ තනතුර අවදානමට ලක් කරලා පොලිස් බලතල පළාත් සභාවට නොදුන්නේ එය රටේ ආරක්ෂාවට ඒ තරම්ම අනතුරක් වන නිසායි.  පළාත් සභාවන්ට පොලිස් බලතල දුන්නොත් අනාගත බෙදුම්වාදී අරගලය ඇති වන්නේ ශ‍්‍රී ලංකා හමුදාව සහ උතුරේ ත‍්‍රස්තවාදීන් සමග නොවේ. ශ‍්‍රී ලංකා හමුදාව සහ උතුරු පොලිස් බළකාය සමග. දෙකම නීත්‍යනුකූල හමුදාවන්.

ත‍්‍රස්තවාදීන්ට රහසේ උදවු කළ ඉන්දියාව සහ නෝර්වේ වගේ රටවලට විවෘතවම බෙදුම්වාදීන්ට අවි ආයුධ සහ පුහුණුව ලබා දෙන්න පුළුවන්. මේ නිසා අපේ ව්‍යවස්ථාවේ පළාත් සභාවන්ට පොලිස් බලතල තිබීම ඇසේ ඇනුණු කටුවක් වගේ. ඒත් මේ කටුව ගලවා දමන්න කවුරුවත් එඩිතර වුණේ නෑ.

මේ වන විට සුළු ජනවර්ග පදනම් කරගත් පක්ෂ කිහිපයක් හැරුණු විට අන් සියලූම පක්ෂ පොලිස් බලතල බෙදීමට විරුද්ධ බව ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් පසුගිය වසර තිහ පුරා පළාත් සභා පොලිස් බලතල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කළේ නෑ දෙමළ බෙදුම්වාදීන්ට තිබෙන බයට. ඒ නිසා ඉදිරි සති දෙක ඇතුළත පොලිස් බලතල ඉවත් කිරීමේ විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත‍්‍රී කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

එදාට එක්කෝ පොලිස් බලතල ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගන්න පුළුවන් වේවි. නැති නම් අපි පොලිස් බලතල බෙදනවාට විරුද්ධයි කියලා බොරුවට රඟන ඊනියා දේශපේ‍්‍රමීන් රටට හෙළි කරන්න පුළුවන් වේවි.

තමන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරයට සහභාගි වීමට නොහැකි වුණේ අපේ රණවිරුවන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා වීසා ප‍්‍රතික්ෂේප වුණු නිසා යැයි ඇමැති ෆොන්සේකා රටට පවසා තිබෙනවා. මේක තමන්ගේ නම්බුව බේරා ගැනීමටත් රණවිරුවන්ට අපහාස කිරීමටත් ඇමැති ෆොන්සේකා ගෙතූ බොරුවක්.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඇමෙරිකාවේ පිහිටුවීමේ එක් ප‍්‍රබල කොන්දේසියක් තමයි සියලූම සාමාජික රටවල නියෝජිතයන්ට එක්සත් ජාතීන්ගේ සැසි වාරයන්ට සහභාගි වීමට කොන්දේසි විරහිතව වීසා නිකුත් කිරීම. එක්සත් ජාතීන්ගේ වීසා ඇමෙරිකානු වීසා වලින් වෙනස්. ඒ වීසා වලින් සංචාරය කළ හැක්කේ නිව්යෝර්ක් නගරයේ පමණයි.

මේ කොන්දේසියට ගරු කරලා මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ යුද අපරාධ පිළිබඳ බරපතළ චෝදනා එල්ල වුණු පොල් පොට්, සුන් යත් සෙන්, සදාම් හුසේන් වැනි අයටත් ඇමෙරිකාව වීසා ලබා දීලා තිබෙනවා. උග‍්‍ර ඇමෙරිකානු විරෝධීන් වන මුවම්මර් ගඩාපි සහ පිදෙල් කැස්ත්‍රෝටත් වීසා දීලා තිබෙනවා. එහෙම නම් ෆොන්සේකා ඇමැතිවරයාට විතරක් වීසා නොලැබුණේ ඇයි?

ෆොන්සේකා ඇමතිවරයාට වීසා ප‍්‍රතික්ෂේප කිරීමක් ඇත්තටම සිදු වෙලා නෑ. ඇත්තටම වුණේ ජනාධිපතිතුමා එතුමාව දාලා ගිය එකයි. මේ යෝධයා මහා සංඝ රත්නයට බැණ බැණ ඉන්න අතරේ මම මෙයාව ඇමෙරිකාවේ අරගෙන ගියොත් හාමුදුරුවන්ට බණින නිසා තෑග්ගට ඇමෙරිකාවේ අරන් ගියා කියලා සිතාවි කියලා ජනාධිපතිතුමා ෆොන්සේකා ඇමැතිතුමාව සිය නිල දුත පිරිසෙන් ඉවත් කළා. කෙටියෙන් කිව්වොත් හැලූවා. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න තමයි වීසා ලැබුණේ නෑ කියලා රටට බොරු කිව්වේ.

පසුගිය සති අන්තයේ අපි අනාවැකි හතරක් පළ කළා. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි වන සංශෝධනය ජනමත විමසුමකට යොමු කරන බව,  ආණ්ඩුව විසි වන සංශෝධනය විවාදයෙන් ඉවත් කර ගන්නා බව, ඒ වෙනුවට පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත විවාදයට ගන්න බව, පළාත් සභා මැතිවරණය කල් දැමීමේ අරමුණින් ඒ පනත මැදට කොට්ඨාස ක‍්‍රමය රිංගවන බව යන හතර.

ඊයේ වන විට අපේ අනාවැකි හතරම සැබෑ වෙලා. විසි වන ව්‍යවස්ථාව හරහා ඡුන්දය කල් දමා ගන්න බෑ කියලා තේරුණාම පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත ඉදිරියට ගත්තා. ඒක තිබෙන්නේ කාන්තා අවම නියෝජනය සියයට 30 ක් බවට සහතික කිරීම. අපි අනාවැකි පළ කළ අයුරින්ම ඒක ඇතුළට කොට්ඨාස ක‍්‍රමය රිංගෙව්වා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 78 (1) වගන්තියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සෑම පනත් කෙටුම්පතක්ම ඊට අවම වශයෙන් සති දෙකකට පෙර ගැසට් මගින් ප‍්‍රසිද්ධ කළ යුතුයි. එහෙම කරන්නේ අරමුණු දෙකකට. එකක් ඒ නීතිය පිළිබඳ ජනතාවට තමන්ගේ අදහස් දක්වන්න අවස්ථාවක් ලබා දීම. දෙක එකී කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීම.

නමුත් යම් නීතියක් ගැසට් මගින් ප‍්‍රසිද්ධ නොකර පාර්ලිමේන්තුවේ විවාද කරන පනතක් ඇතුළතට රිංගුවාම ජනතාවට අර අවස්ථාවන් දෙක අහිමි වෙනවා. ඒ නිසා කිසිම ආණ්ඩුවක් එවැනි ව්‍යවස්ථා විරෝධී දෙයක් කළේ නෑ. ලංකා ඉතිහාසයේ මුල්ම වරට විවාද වන කෙටුම්පතක් මැදට අලූත් කරුණක් ඔබන්නේ 2017 අගෝස්තු 24 දින. විවාදය කළේ පළාත්පාලන මැතිවරණ (සංශෝධන) පනත.

හදිසියේම ආණ්ඩුවේ ක්ෂේත‍්‍ර නිලධාරින්ට මැතිවරණයට තරග කිරීම තහනම් කරන විධිවිධානයක් අර පනත ඇතුළට ඔබනවා. ඒ හරහා අගතියට පත් පාර්ශ්වයන්ට උසාවි යෑමේ අවස්ථාව අහිමි කරනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ දී කාන්තා නියෝජනය කතා කරන කෙටුම්පතට කොට්ඨාස ක‍්‍රමය රිංගවීමෙන් දෙවැනි වරටත් ඒ වැරැද්ද කළා. ආණ්ඩුවක් මේ සටකපටකම කරාවි කියන සැකයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාවක් දාලා තිබෙනවා. ඒ තමයි 77(2) වගන්තිය. සෑම සංශෝධනයක් පිළිබඳවම ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නීතිපති සිය මතය කතානායකට දන්වන්න  ඕනෑ.

මේ අවස්ථා දෙකේ දීම ඒ සංශෝධන ව්‍යවස්ථාවට එකඟයි කියලා නීතිපති දැනුම් දුන්නා. ඇත්තෙන්ම ආණ්ඩුවේ නීති උපදේශක වෙන්න  ඕනෑ නීතිපති එජාපයේ නීති උපදේශක වෙලා. නීතිපති තනතුරේ ස්වාධීනත්වය වැදගත් නිසා නීතිපති සහ පොලිස්පති තනතුරුවලින් පුද්ගලයන් ඉවත් කිරීම පිළිබඳ විශේෂ පනතක් තිබෙනවා. ඒ තමයි 2005 අංක 5 දරන නිලධාරින් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටි) පනත. ඒ පනත අනුව නීතිපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යැයි ද ගම්මන්පිල මහතා ස`දහන් කළේය.



අදහස් (10)

යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල වූ පොල් පොට්ලාට සදාම් හුසේන්ලාටත් ඇමෙරිකාව වීසා දුන්නා

Nalaka Friday, 22 September 2017 05:24 AM

ඇයි මහින්දටත් වීසා දුන්නා නේද එක නෙමෙයි මන්ත්‍රිතුමෝ ඔයාලාම නේද කිව්වේ සරත් ෆොන්සේකා ජනාදිපති ඡන්දෙට එනකොට එයාට ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් තියනවා කියල?

:       106       11

Shan Friday, 22 September 2017 06:21 AM

කොහේද? සදාම් හුසේන් ජීවත් උනේ වීසා ඉල්ලන්න.

:       104       42

maheeFriday, 22 September 2017 09:04 PM

ශාන්, මොළේ කොලොප්පන් වුණාම මිනිස්සු එක එක මනෝ විකාර කියවනවා. සමහරවිට හුසේන් කියලා මෙයා අඳුරන කෙනෙකුට දීපු වීසා එකක් ගැන වෙන්න ඇති මේ කියවන්නේ.

:       146       14

SHAN SAUDI Saturday, 23 September 2017 08:31 AM

මේ ගැන නම් කියන්න දෙයක් නෑ... නමුත් කියන්න තව දෙයක් තියනවා එක පහළ දක්වා ඇති දැන් පසුගිය ටිකේ කෑගහපු හාමුදුරුවන් සහ මහනායක හාමුදුරුවන් කියන්න බලන්න සරත් ෆොන්සේකා මහතා කීව චීවරධාරියා කියන ආමන්ත්‍රණයෙයි මෙහි පහළ තියන චීවරධාරියා කියන ආමන්ත්‍රනයෙයි තියන වෙනස මොකක්ද කියලා. මේවට තමා කියන්නේ සිවුර පිටින් කඩේ යනවා කියලා..

:       72       1

Nuwan Friday, 22 September 2017 09:35 AM

මේ මනුස්සයට හිරගෙට යන්න වීස එක දෙනකන් මේ වගේ හතර බිරි කතා කියා කියා රටට විහිලු දිදී ඉදීවි....

:       46       4

dhamneth Friday, 22 September 2017 09:51 AM

මෙන්න පස්වෙනි අනාවැකිය ,අනාගන්නේ නැතිව නිවැරදි උත්තරය දෙන්න.මේ වර්ෂය ආරම්භයේදී කියූ පරිදි මේ වර්ෂය තුළදී ඒකාබද්ද විපක්ෂයට ආණ්ඩු බලය ලබාගත හැකිද?

:       55       2

vidya Friday, 22 September 2017 08:42 PM

ඔහෙටත් වීසා දුන්නා නේද? වෙහෙරවල් විවෘත්ත කරන්න ඇමෙරිකාවේ.

:       49       2

Chanak Los angeles Saturday, 23 September 2017 05:59 AM

මොහු මේ දොඩවන විදියට ඕස්ට්‍රේලියා ජාතිකයාගේ අත්සන හොරට ගහලා අර බලපත්‍රය හදා වංචාව කර ඇති බව තහවුරු කරගන්න පුළුවනි ...

:       115       1

samSaturday, 23 September 2017 09:53 PM

චානක්, ඒක දැනටමත් බොහෝදුරට තහවුරු වෙලා. නඩුවේ තීන්දුව ලබන මාසේදී ලැබේවි . එතකොට මේ සුදු පිරුවට ඇඳගෙන ඉන්න අයගේ සැබෑ මුහුණුවර කාටත් දැනගන්න ලැබේවි .

:       0       14

Saman Sunday, 24 September 2017 02:14 AM

ඔය කියන හැමෝම පොන්සේකාට කඩේයන මිනිස්සු පාවාදෙන මින්නිසු කියන ඒවා ගනන්ගන්ඩ එපා උදය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2133 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 496 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site