(*** නාලක සංජීව දහනායක)
යහපාලන ආණ්ඩුවෙන් ලැබූ අත්දැකීම් අනුව ජනතාව කිසිම දිනෙක සජිත් ප්‍රේමදාසට ආණ්ඩු බලය ලබානොදෙන බව විශ්වාස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29) පැවැසීය.
මහ මැතිවරණයෙන් ජය ලබා ජනතාවට ඇහුම්කන් දෙන සංවේදී රජයක් පිහිටුවන බවද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේද පැවැසීය.
“මේ වනවිට සියලුම දේශපාලන පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය ආරම්භකර තිබෙනවා. නමුත් මහ මැතිවරණයට පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම දේශපාලන පක්‍ෂය හා සන්ධානය අපි පමණයි. මහ මැතිවරණයේදී අපි තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ඉල්ලන්නේ පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් මත පදනම්වයි. යහපාලන රජය විසින් විනාශකළ රටේ අභිමානය නැවත ගොඩනගන්න ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බලාපොරොත්තුවන ආකාරයටම ජනතාව පැහැදිලි බහුතර බලයක් ලබාදෙන බව අපිට විශ්වාසයි.
එමෙන්ම ඉකුත් යහපාලන රජය මෙරට නොබැඳි ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විනාශකර දැම්මා. ඒ නිසා අපේ රට එක්තරා කඳවුරක කනිෂ්ට සාමාජිකයකු බවට පත්වුණා. ලෝකයා හමුවේ අපේ රටට අවමන් කළා. යහපාලන රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන ලෙසට යුරෝපා සංගමය අපිට තර්ජනය කරනවා. එමෙන්ම යුරෝපා සංගමය මේ වනවිට රටවල් පනස්පහකට වීසා පහසුකම් ලබාදෙනවා. නමුත් ඒ රටවල් අතරට අපේ රට ඇතුළත් කරන්නේ නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ කාර්යයන් සිදුකරන අය රණවිරුවන්ට හා බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා. මේවා පදනම් විරහිතයි. ඒ නිසා මේජර් ජනරාල් සුරේෂ් සාලෙයි විසින් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබල චරිතයක් වන යස්මින් ෂූකාට එරෙහිව වන්දි ඉල්ලා අපහාස නඩු පවරා තිබෙනවා. මෙවැනි ක්‍රියාවලින් අපේ රට බේරගන්න පුළුවන් වන්නේ රට, ජාතිය හා ආගම පිළිබඳව හැඟීමක් තිබෙන අයට පමණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ කියන්නේ එවැනි හැඟීමක් තිබෙන නායකයන් දෙපළක්.
එමෙන්ම ඉකුත් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි සහය දුන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට හිටපු ජනාධිපතිවරයා අපට පොරොන්දු වූ නිසයි. නමුත් අවුරුදු පහක් ගතවෙනතුරුත් ඔහුට ඒ පොරොන්දුව ඉටුකරගන්න බැරිවුණා. ඒ නිසා මේ රටේ පාලන තන්ත්‍රය වැදගත්ව පවත්වාගෙන යාම සඳහා අපි මේ සංශෝධනයන් අනිවාර්යයෙන්ම සිදුකරනවා. ලීසිං හා මූල්‍ය සමාගම්වල අකටයුතුකම්වලින් ජනතාව මුදාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ගත් අපගේ රජය විසින් අනුගමනය කරනවා. එම සමාගම්වල සීසර්ලට නීතිය අතට ගන්න දෙන්න බැහැ. ඔවුන් කරන ක්‍රියාවන් සාපරාධී ක්‍රියා ගණයට වැටෙනවා.
එමෙන්ම මූල්‍ය සමාගම්වල ක්‍රියාවන් අධීක්‍ෂණය කිරීමට අවශ්‍ය බලය මහ බැංකුවට නැත්නම් ඒ සඳහා අවශ්‍ය බලය ලබාදෙන්න අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ජනතාවගේ මුදල්වලින් තමන්ගේ පසුම්බි පුරවා ගන්න ක්‍රියාකරන මූල්‍ය සමාගම්වල හිමිකරුවන්ට හා අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව නීති මගින් ක්‍රියාකරන්නත් බලාපොරොත්තු වෙනවා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක එස්.ඒ.ඩී. ජගත් කුමාර මහතා මෙසේ පැවැසීය.
“මීට මාස හතකට විතර කලින් ජනාධිපති ධුරය බාරගන්න සූදානම් වෙලා හිටපු සජිත් ප්‍රේමදාස මහත්තය දැන් අගමැති ධුරය බාරගන්න සූදානම් කියල කියනවා. ඇමරිකාව, රුසියාව, චීනය, එංගලන්තය වැනි ලෝකයේ බලවත් රටවල් කොරෝනා වයිරසය නිසා ඇදවැටෙන විට අපිට පුළුවන්කම ලැබුණා කොරෝනා වයිරසය පාලනය කරගන්න. අපේ රටට ඒ වගේ හැකියාවක් ලැබුණේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ නිවැරැදි නායකත්වය නිසයි. ජනතාවට මේ රජය ගැන ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ නිසා මහ මැතිවරණයේදී තමන් ඡන්දය දෙන්නේ කාටද කියල ජනතාව දැනටමත් තීරණය කර අවසන්” යැයි ද ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක නීතිඥ මධුර විතානගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘යහපාලන අත්දැකීම් හොඳට මතකයි‘