(***අංජුල මහික වීරරත්න)
මාරාන්තික කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුවද ඒ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කර ඇති වැඩ පිළිවෙළ ගැන කිසිසේත් සෑහිමකට පත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොරෝනා වයිසරයට අදාළව පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් දේශපාලන බලය අතට ගත් හා ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් කටයුතු කරන්නේ නීතියේ ආධිපත්‍යය හා සාධාරණත්වය පිළිබඳ බරපතළ අවිශ්වාසයක් නිර්මාණය කරමින් බවත් මේ තත්ත්වය නිසා වඩාත්ම පීඩාවට පත් වන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටී.
විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දක්වන රුවන් විජයවර්ධන මහතා මෙසේද පවසා සිටී.
කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්ව තිබේ. මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය වන්නේ ඔවුන්ගේ පවුල්වල ජීවත්වන දුවා දරුවන් ඇතූළු සාමාජිකයන්ගේ ජීවිත ද අවදානමට ලක්වීමයි.
රජය විසින් කරන කොරෝනා මර්දන වැඩසටහන්වලදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඒ සඳහා යොදා ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ගැටලුවක් මතුව තිබේ. දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වීම බරපතළ ප්‍රශ්නයකි. ගෝලීය වංසගත තත්ත්වයක් ලෙසින් ව්‍යාප්ත වන මාරාන්තික කොරෝනා වයිරසය සඳහා මුහුණ දෙමින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද එම නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අනුගමනය කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
නාවික හමුදා සාමාජිකයන් 4000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වැලිසර නාවික හමුදා කඳවුර කේන්ද්‍ර කර ගනිමන් නිරෝධායන ක්‍රියාවලියකට ලක්කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එමෙන්ම රජයේ පාසල් රැසකද නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කර ඇත. ඉන් බොහෝමයක් වෙන්කර ඇත්තේ හමුදා නිලධාරීන් වෙනුවෙනි. මේ වනවිට ඇතැම් පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් හේතුවෙන් ගුරුවරුන්ගේ ජීවිත පවා අවදානමකට ලක්වී ඇත.
කෙසේ වෙතත් අඩු පහසුකම්වලින් යුක්ත මෙම මධ්‍යස්ථානවලදී කොරෝනා ආසාදිත වූ සහ නොවු භේදයකින් තොරව සියලු දෙනා නිරෝධායන නීති බැහැර කරමින් ඒකරාශී කර තැබීම ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් බරපතළ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීමකි.
අද ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් නැත. දේශපාලන සංදර්ශන බවට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෑගැසූ විරෝධතා උද්ඝෝෂණ, මාධ්‍ය සාකච්ඡා අද නොපැවත්වේ. නමුත් සත්‍ය වශයෙන්ම අද ඔවුන්ට තමන්ගේ පමණක් නොව තමන්ගේ දරු පවුල්වලද ජීවිත අවදානමේ හෙළමින් කටයුතු කරන්නට සිදුවී ඇත්තේ රජයේ අදූරදර්ශී ඇතැම් වැඩපිළිවෙළ හේතුවෙනි.
රණවිරුවන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇත. ඔවුන්ගේ වැටුප් පවා කප්පාදු කරන තත්ත්වයට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
නිරෝධායනයට ලක්ව සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා නිලධාරීන් පර්යේෂණාගාර මීයන්ගේ තත්ත්වයට පත්කර ඇති බවට රජයට චෝදනා එල්ල වේ. දුම් ඇල්ලීම සඳහා මුට්ටි ලබාදීම කැඳ පෙවීම වැනි අවිධිමත් සහ අනාරක්ෂිත ක්‍රම එම කඳවුර තුළ අත්හදා බලන බවට රණවිරුවන්ගෙන් ම චෝදනා එල්ල වේ. මේ පිළිබඳ හඬ නගන්නට කිසිවකු නොමැත. රජය මුනිවත රකමින් සිටී.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සමාජය තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන බවයි. අපට ඇයගෙන් විමසීමට ඇත්තේ රණවිරුවන් සහ විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙරට ජන සමාජයට අයත් නොවන පිරිසක්ද යන්නයි.
ත්‍රිවිධ හමුදාවේත් පොලිසියේත් රණවිරුවන් මුහුණ දෙන අනෙක් අභාග්‍ය සම්පන්න කරුණ වන්නේ දේශපාලන බලය අනීතික ලෙස හසුරුවමින් හැසිරෙන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ද ඕනෑ එපාකම් අනුව තම වෘත්තියේ ගෞරවය සහ අභිමානය හෑල්ලුවට ලක් කිරීමට ඉඩදී බලා සිටීමට සිදුවීමයි.
කොරෝනා වයිරසයට අදාළව පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු නෛතික තත්ත්වයන් සියල්ල සහ නිරෝධායන නීති රීති පවා අමු අමුවේ උල්ලංඝණය කරමින් දේශපාලන බලය අතට ගත් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් කටයුතු කිරීම රටේ නීතියේ ආදිපත්‍යය පිළිබඳ සහ සාධාරණත්වය පිළිබඳ බරපතළ අවිශ්වාසයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.
නීතියක් තිබෙනවා නම් එය සියල්ලන්ටම සමාන විය යුතුය යන පිළිගැනීම අද වනවිට විහිළුවක් බවට පත් කර තිබේ. මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයේදී දැඩි පීඩාවට ලක්වන්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත.
මෙම තත්ත්වය තුළ රටේ නීතිය, රණවිරුවන්ගේ වෘත්තීය ගෞරවය රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙස අප රජයට දැනුම් දෙන අතර මේ සම්බන්ධයෙන් විපක්ෂය ලෙස අපි දැඩි අවධානයකින් පසුවන බවද සිහිපත් කරමු.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රජයේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බෑ
Kavinda Tuesday, 02 June 2020 07:04 PM
සහරාන්ගේ ප්‍රහාරය වෙනකොට ඔබතුමා කොහෙද හිටියේ?
vipula Friday, 05 June 2020 06:05 AM
එකල රජය ආරක්ෂක ලේකම් සහරාන් බෝම්බ ගැන හොයන්නේ නැතුව දැන් බයිලා කියවනවා. අපේ හුඟක් දේශපාලකයින්ට හොඳට කතාකරන්න පුළුවන් වුණාට රටේ සුභසිද්ධියට වැඩ කරන්න දන්නේ නැහැ. නමුත් ගෝඨාභය ජනපති කතා නොකළාට වැඩ කරන්න දන්නවා. ඒකයි වෙනස...
THILAK Friday, 05 June 2020 02:35 PM
මේ ලබා තිබෙන ප්‍රතිපල වලින් සාමාන්‍ය ජනතාව සැහීමකට පත්වෙලා ඉන්නවා.. හැබෑ දේශපාලුවන්ට තේරෙන්නේ නැහැ..
Bamunuarachchi Saturday, 06 June 2020 12:06 PM
ඔබේ සැහීම අපිට සතේකට වැඩක් නැහැ. රටේ ලක්ෂ 69 දැනට සෑහීමකට පත්වෙනවා. ලබන චන්දෙන් අපි එක ලක්ෂ 75 කින් ඔප්පු කරන්නම්.