(*** මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී රටේ සංවර්ධනය වේගවත් කිරීමට මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා (21) පැවැසීය.
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලියකට සහභාගිවෙමින් හෙතෙම මේ බව කීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ඔබතුමන්ලා දන්නවා මේ ප්‍රදේශයේ ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන පිරිසක් සිටිනවා. දිස්ත්‍රික්කයේ ශක්තිමත් නායකත්වයක් තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය ඉදිරියට යනවා. අපි 18 දෙනෙකු තරග කරනවා පොහොට්ටුවෙන් අපට ආසන වැඩි සංඛ්‍යාවක් ලබාගත හැකියි.
අපි හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා.
විදුලිය සහ බීමට පිරිසුදු නළ ජලය සෑම නිවසකටම ලබාදීමේ වැඩ සටනක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුමක් සකස්කර තිබෙනවා.
ක්‍රමානුකූලව පාරවල් හැදිලා විදුලිය ඇවිත් බීමට ජලය ලැබුණාම නගරයක තිබෙන පහසුකම් ගමටත් ලැබෙනවා.
අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි අධ්‍යාපනය දියුණු කරන්න විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.
සෞඛ්‍ය පහසුකම් ලබාදීමද අපේ වගකීමක්. ගෝඨාභය රාජපක්ෂ නොහිටින්න කෝවිඩ් වසංගතයෙන් වෙනත් තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණා. ඒ තත්ත්වයෙන් රට බේරා ගැනීමට ඔහුට හැකිවුණා.
යුද්ධය අවසන් කර කොවිඩ් මර්දනය කරලා ජනතාව ආරක්ෂා කරගෙන ඉදිරියට රටේ සංවර්ධනය ශක්තිමත් කිරීමට එතුමාට පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායක මහාමාර්ග හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.
මේ මැතිවරණය තියන්න තිබුණේ ජනාධිපතිවරණය අවසන් වූ විගසයි. ඒ කාලෙ හැටියට නම් ජනාධිපති දිනුව ගමන් පාර්ලිමේන්තුව විසුරවලා ජයග්‍රහණය ලබලා තමන්ගේ ආණ්ඩුවක් හදනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහෙම කරන්න හැකිවුණේ නෑ. කරන්න පුළුවන්දේ තමයි මාර්තු මාසේ පළවෙනිදා විසුරුවා හැරීම කළේ. දැන් මාස හයක් ගිහින් ජනාධිපතිතුමා දිනලා අගමැති තුමාට බහුතර ආණ්ඩුවක් හදාගන්න බැරිවෙලා.
කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අනුර කමල් පෙරේරා මහතා මෙසේ කීය. කොටිකාපොළ කියන්නේ මැති ඇමැතිවරු දෙන්නෙක් හිටි ගමක්. ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙක් මේ ගමට ගෙනා පළමු වතාව මේ. ඒ ගැන මා සතුටුවෙනවා. මා පොඩි පවුළකින් දේශපාලනයට ආව කෙනෙක්. මම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදියට දේශපාලනයට ඇවිත් ආසන සංවිධායක වෙන්න මට හැකිවුණා.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන්ද කථා කළ අතර වයඹ ආණ්ඩුකාර මුසම්මිල් මහතාද මාවතගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හා වරියෝද සහභාගි වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘රට ගොඩනඟන්න තුනෙන් දෙකේ බලය දෙන්න‘