IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


රටේ බලය දී තිබෙන්නේ වැරැදි කණ්ඩායමකටයි

(මොරොන්තොට එන්. ආරච්චි)

වසර 70 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ඒ දෙකම එකතු වෙලාත් රට පාලනය කළා. ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයන් පත් කළා. පසුගිය ඡන්දයට කලින් මේ දේශපාලනඥයන් ජනතාවට කීිවා රටට සෞභාග්‍යය උදා කරනවා, ජනතාවගේ ආර්ථිකය නගා සිටුවනවා කියලා.

එහෙම කියලා මාස දෙක යන කොට ආණ්ඩුව කියපු ඒවා අමතක කළා. එම නිසා දේශපාලනය එපා කියන මතයක් ගොඩ නැගුණා. මේ රටේ බලය වැරැදි කණ්ඩායමකට දීලා තියෙනවා.

එම නිසා දේශපාලනඥයන් එපා කියමු මිස දේශපාලනය එපා නොකියමු. එම නිසා නිවැරදි දේශපාලනඥයන් තෝරා ගනිමු යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා (24) ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ බුලත්කොහුපිටිය, හාතාගොඩ ප්‍රදේශයේ ඉකුත්දා පැවැති ජන හමුවක් අමතමිනි.
එහි දී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

පෙබරවාරි 10 වැනි දින දෙන ඡන්දය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්, වගකීම් සහගතව ලබා දෙන්නක්. වසර 70 ක් ජනතාව ඡන්දය පාච්චි කරලා ජනතාවගේ අපේක්ෂා ඉටු වෙලා නෑ. 2015 දී එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දු ඉටු කරන්න බැරි වෙලා. වසර 5 න් 3 ක් ඉවරයි. රනිල් වික්‍රමසිංහ හොරු අල්ලලා හිරේ දාලා ඒ දේපළ පවරා ගන්නවා කීවා. හොරු ඇල්ලුවද අල්ලනවා වෙනුවට හොරු ආරක්ෂා කළා.

එක්සත් ජාතික පක්ෂය කීවා රැකියා ලක්ෂ 10 ක් දෙනවා කියලා. ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියනවා එයින් ලක්ෂ 4 ක් දැනටමත් හදලා ඉවරයි කියලා. ඉදිරි වසර 2 ක කාලය තුළ ඉතිරි රැකියා ලක්ෂ 6 හදනවාලු. කාටවත් රැකියා ලැබුණා ද? නමුත් මේ ගම්වල ලැබිලා නෑ.

පාසල් ළමයින්ගේ නිල ඇඳුම 2015 දී ලබාදුන් කූපන් මුදලමයි අද 2017 දීත් දෙන්නේ. රෙදිවල වටිනාකම වැඩිවෙලා. නමුත් කූපනයේ එකම මුදලයි. ළමයින්ගේ පොත් රජයෙන් දුන්නා. අද වෙනකොට ඉන් බාගයයි දෙන්නේ. ඉතුරු බාගේ කඩෙන් ගන්න වෙලා.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව බැරි වෙලාවත් එක්සත් ජාතික පක්ෂය දිනුවොත් එක්සත් ජාතික පක්‍ෂය කියයි මහ බැංකුව හොරකම් කළාය. බුලත්කොහුපිටිය ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. එහෙම කියලා සමෘද්ධි බැංකුවත් කඩා ගෙන යයි. පාසල් ඇඳුම කැපුවට ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නොත් ජනතාව ඊට එකඟයි කියලා සමෘද්ධියත් කපයි. මේ ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළොත් හම්බන්තොට වරාය විකුණුවාට කමක් නෑ කියලා කොළඹ වරායේ නැගෙහිර පර්යන්තයත් දෙයි.

මේ රටේ අද තියෙන්නේ හවුල් ආණ්ඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ. එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඡන්දය දිය යුත්තේ ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද නැහැ. ඒ පක්ෂයේ ඉන්න බැසිල් රාජපක්ෂ පිළිබඳව අධිකරණයක දී කියන්න අවස්ථාව එනකල් ඉන්නේ. පසුගිය වසර 15 ක පමණ කාලයක් මේ රට පාලනය කරපු අය ඒ පක්ෂය ඇතුළේ ඉන්නේ. අඩුම තරමේ ගමේ පාරක් හැදුවේ නැති අය ජී.එල්. පිරීස් මහතා අද කියනවා අද රට බෙදන්න යනවා කියලා. එදා එල්ටීටීයට අන්තර් පාලන යෝජනාව ගෙන ආවේ ජී.එල්. පීරිස් මහත්තයා. එහෙම කරපු කෙනා අද කියනවා රට බේරා ගන්න ඒ අයට ඡන්දෙ දෙන්න කියලා.

ජනාධිපතිවරණයේ දී 2015 ජනවාරි 8 ට කලින් කීවා බටහිර ජාතීන් මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවට ගෙනියන්න සූදානම් වෙනවා කියලා. එහෙම කියලා එහි වාසිය ලබා ගන්න කටයුතු කළා. දැන් වසර 3 ක් ගියා අද විදුලි පුටුව කෝ. තමන්ගේ හොර මැර වහගන්න උපයෝගි කරගන්නවා දේශප්‍රේමිත්වයක්. හිටපු ඇමැතිවරු මත්පැන් බාර්, මත්පැන් නිෂ්පාදනාගාර තියෙන අය. විමල් වීරවංශ 2010 සිට 2015 දක්වා ලක්ෂ 740 ක් උපයා ගැනීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් නඩු දැම්මා. මා ලඟ තියෙනවා ඔහුගේ මාසික විදුලි බිල විතරක් එක් ලක්ෂ විසි දහසක. වැටුප හැට පන් දහසයි. වැටුප මදි විදුලි බිලටවත්. මෛත්‍රී, රනිල්, ජීඑල් පීරිස් මේ අය පක්ෂ 3 ක් නෙවෙයි. එක පක්ෂයක අය. මහින්ද රාජපක්ෂ කාලයේ එක්සත් ජාතික පක්ෂයෙන් ගියා ඇමැතිකම් අරගෙන. රනිල් බලයට ආවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ආවා ඇමැතිකම් අරගෙන. මේ ඉන්නේ එකම පිරිසක් එහාට මෙහාට මාරුවෙන.

ගම්වල අය ශ්‍රී ලංකා, යූඑන්පී කියලා බෙදිලා. පරම්පරාවේ යුඑන්පී පරම්පරාවෙන් ශ්‍රී ලංකා කියාගෙන ගහ මරා ගන්නවා. දේශපාලන පක්ෂ කියන ඒවා පරම්පරාවෙන් එන්නේ නෑ. එහෙම පරම්පරාවෙන් එනවානම් එන්නේ වාසගම් විතරයි. දැන් වසර 70 ක් මේ පක්ෂ දෙකම පාලනය කළා. මේ අය පක්ෂවලට බෙදිලා ඉන්නේ බොරුවට. ඔවුන් නියෝජනය කරන්නේ එකම කඳවුරක්. ඡන්දෙදි  විතරයි බෙදෙන්නේ. එම නිසා ජනතා විමුක්ති පෙරමුණට මෙවර පළාත් පාලන ආයතනවල බලය දෙන්න. වසර 4 ක් දීලා බලන්න. හොඳ නැතිනම් ඊළඟ මැතිවරණයේ දී වෙනස් කරන්න.

මධ්‍යම ආණ්ඩුව මහ හොර ගුහාව වෙලා, පළාත් සභාව පළාත් හොර ගුහාව වෙලා, ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය හොර ගුහාව වෙලා. මේවාගේ හොරු ලගින්නේ නැති නැනක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න  යයි පැවැසීය.


මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා -

 ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණයට ආවේ අකමැත්තෙන්. මැතිවරණ සිතියම අනුව 2015 මාර්තු 16 තියන්න තිබුණේ. ආණ්ඩුව ඒක කල් දාලා කීවා පවතින ඡන්ද ක්‍රමය ජරාජීර්ණ වෙලා. මේ ඡන්ද ක්‍රමය වෙනස් කරමු කියලා. මහින්ද රාජපක්ෂ යුගයේ කේවල මැතිවරණ ක්‍රමය ගෙනාවා. එය බලයේ සිටින පක්ෂයට සදාකල් බලයේ සිටීමට හැකි ක්‍රමයක්. එම නිසා නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් ගෙනාවා. සමානුපාතික ක්‍රමයේ මනාප ක්‍රමය නිසා අදාළ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් නැතිව යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් යටියන්තොට මැතිවරණ කොට්ඨාසයට වසර 23 ක් මන්ත්‍රීවරයෙක් නෑ. නමුත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව දෙනෙක් හිටියා. නව ක්‍රමය යටතේ කොට්ඨාසයට අදාළ මන්ත්‍රීවරයෙක් ඉන්නවා.

මනාප පොරයක් නෑ. කාන්තා නියෝජනයත් සියයට විසිපහක් ලැබෙනවා. රටේ සියයට 52 දශම 8 ක් කාන්තා ජනගහනය. නමුත් ප්‍රතිපත්ති, තීරණ ගන්න ක්‍රියාවලියේ නෑ. අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 න් කාන්තාවෝ ඉන්නේ 12 යි. ප්‍රතිශතයක් විදියට සියයට 5 ක්. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩිවීම හොඳයි. ඒවායේ වංචා, දූෂණ අඩුවෙනවා. ආණ්ඩුව අකමැත්තෙන් මැතිවරණයට ගියේ දෙණියාය, හාලිඇල, කඩුගන්නාව, පඬුවස්නුවර පුද්ගලයෝ 4 දෙනෙක් නඩු දැම්මා. ඒ අය 4 දෙනා කොළඹට ඇවිත් හමුවෙලා එකම නීතිඥයා අල්ලලා උසාවි දැම්මේ. හරියට ඒ මහගම සේකරගේ තුම්මං හංදිය චිත්‍රපටිය වගේ. මේවා දන්න අය දන්නවා.

පළාත් පාලන ආයතන 341 ට නාම යෝජනා දෙනකොට එකදු නාම යෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි. ලබන වසරේ පෙබරවාරි හතර වන දින 70 වෙනි නිදහස සමරන්න යනවා. ලොව රටවල් 198 අතරින් දූෂිත අතින් 4 වන තැන හිමි කර ගෙන තියෙනවා. සිය දිවි හානි කර ගැනීම අතින් ලොව 2 වන ස්ථානය හිමි වෙලා තියෙනවා. 70 වන නිදහස සමරන අවස්ථාවේදීත් මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට ගමේ පාලනය ජනතා විමුක්ති පෙරමුණට දෙන්න   යැයි පැවැසීය.

මෙම අවස්ථාවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් වසම්වල ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝ ද සහභාගි වී සිටියහ.



අදහස් (9)

රටේ බලය දී තිබෙන්නේ වැරැදි කණ්ඩායමකටයි

MP Monday, 01 January 2018 08:18 AM

ඕක හීනයක්... මොකද මිනිස්සු ඡන්දයෙන් ප්‍රතික්ෂේප කල සියළුම මන්ත්‍රී අපේක්ෂකයින්ව ජනාධිපති පසුගිය මහමැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පත් කර ඔවුන්ට ඇමතිකම්ද ලබා දුන්නා. ඉතින් මොන කතාද? ඒ කුණුබක්කියම තමයි ඔය තාමත් ඉන්නේ!

:       0       48

Ravneedra Monday, 01 January 2018 08:42 AM

අපිත් දන්නවා ඔය තියෙන සෑම පක්ෂයකම ඉන්න තාක් ඉන්න කට්ටිය තක්කඩි පුද්ගලයින් බව....

:       0       25

Bamunuarachchi Monday, 01 January 2018 11:00 AM

මොනවද ඔය කියන්නේ? ඔබලාම නේද තිබුණු ආණ්ඩුව ගෙදර යවන්න හැදුවේ? දැන් මොකක්ද කියන්නේ? ඔයාලම කියනවා අපි තාම ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් නැහැ කියලා. ඉතින් හිටපු කට්ටිය පන්නා ගත්තා නම් මේ හැර වෙන කාට ඡන්දය දෙන්නද? මේ නස්පැත්තියට වග කියන්න ඕනේ ඔයාලම තමයි.

:       125       298

prakaash Monday, 01 January 2018 11:35 AM

මේ අයගෙන් රටට වැඩක් නැහැ.

:       141       165

දියවන්නාවේ රාල Tuesday, 02 January 2018 01:13 AM

ඇයි ජේවීපි එකත් ඇතුළු සමසමාජ, කොමිනියුස්ට්,මහජන එක්සත් සියලු දෙනාම ආණ්ඩුවේ හිටියා නේද? කීප දෙනෙකු හැර දහනායකගේ සිට අද දක්වා පක්ෂ මාරුකර ආණ්ඩුවල තනතුරු ගත් අය නේද?

:       1       80

MP Tuesday, 02 January 2018 02:20 AM

මොන බොරුද? ඔක්කොම හොරු. දේශපාලනයට එන්නේම හොරකම් කරන්නමයි. නෑත්නම් නිකම් ගෙදරට වෙලා ඉන්න බැරුවයි. දේශපාලනයේ ඉන්නේම හොරු. ඊට පස්සේ අහක ඉන්න මිනිසුන්ට බර පටවනවා.

:       2       17

Chandra Wednesday, 03 January 2018 03:28 AM

දැන් චන්දය ඉල්ලන්නේ , වාහන පෝලිමක් අරගෙන කෑගහගෙන ගිහින් , රු 2000.00 ය්, එතනෝල් සහ බත් එකක් දීලා. පිරිසිදු සමාජ සේවයක් කරන මහත්මයෙක් හොයාගන්න බැහැ චන්දයක් දෙන්න. ලංකාවේ දේශපාලනය කියන්නේ වියාපාරයක් . ගානක් විසිකරලා දිනලා, ඊට පස්සේ පරම්පාපරාවටම හම්බ කරගන්නවා . හැමෝම කරන්නේ , ලයිට් දානවා , තාර දානවා, එකෙන් කොමිස් ගහනවා , දුෂිතයන් (පක්ෂයට වැඩ කරපු අය) පොලීසියෙන් බේරා ගන්නවා . අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ ඉදලත් හැමදාම රට හදනවා. ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ නැහැ. දේශපාලනය කරන අය නීතියෙන් ගැලවෙනවා , ලැජ්ජාවක් නැතුව ජනතාව නොමග යවල චන්දය ගන්නවා . අපි බත් කන හරක් වගේ බලාගෙන ඉන්නවා . කතා කරන්න ගිය අය පොලව යට ඉන්නවද කියලවත් හොයාගන්න බැරි වුනා. ඔබ සැමට ජය !

:       0       382

Dr. P.B. Dharmasena Thursday, 04 January 2018 12:33 AM

ලංකේය දේශපාලනය යන මග ඉතාමත් ගැඹුරු ලෙස අධ්‍යනයකට ලක් කරන්න හොඳම කාලය මේක. විද්වත් ස්වාධීන පරිනත පුද්ගලයින් ලංකාවේ ඉන්නවා. විවිධ විෂයයන් පිලිබඳ විශිෂ්ටයන් එකතු කරලා උත්තර මන්ත්‍රණ සභාවක් පිහිටුවල එම සභාවට අනුමත කිරීමේ බලතල ලබා දිය යුතු වෙනවා. දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොර මෙම සභාව කිසිදු බලපෑමක් කිසිවෙකුගෙන් නොවන අන්දමට ව්‍යවස්ථාපිත කල යුතුය.

:       0       4

Dimu Monday, 22 January 2018 07:43 AM

ඔයාලව මේ පාර හැදී ගෑවිලම යනවා යනවා යනවමඊ

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 386 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 507 5

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5936 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 703 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2029 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3735 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 200 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 376 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1116 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site