IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


රූපවාහිනියයි පත්තරයි බලද්දි හිතෙන්නේ රටේ ආණ්ඩුවක් නැති පාටක්

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා සහ වාරියපොල රවීන්ද්‍ර නෙත්තසිංහ)

ඇතැම් මාධ්‍ය විසින් මාධ්‍ය නිදහස භාවිත කරන ආකාරයෙන් රූපවාහිනිය සහ පුවත්පත් බලන විටත් සිතෙන්නේ රටේ ආණ්ඩුවක් නැති ආකාරයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) පැවසීය. 

ආණ්ඩුව විසින් කරන යහපත් සංවර්ධන කටයුතුවලට ප්‍රමුඛත්වයක් නොදී ආණ්ඩුවට විරුද්ධව කරන කතා සහ දේශපාලනඥයන් අතරේ තිබෙන ආරවුල් පමණක් මාධ්‍ය තුළින් පෙන්වීම රටට කරන බරපතළ විනාශයක් බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදාගම්මානය වන කුරුණෑගල, නිකවැරටිය, කොටවෙහෙර, ‘වෙහෙරපුර’ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

 මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ නිවාස ප්‍රශ්නය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ජාතික වශයෙන් පුළුල් වගකීමක් ඉටුකළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා ගෙන ගිය වැඩපිළිවෙළ අද අපේ රජය යටතේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ශක්තිමක් කරමින් කාර්යක්ෂම, විධිමත්ව, ඉලක්ක සහගතව අද කරගෙන යනවා. එහි ප්‍රතිලාභ ලැබෙන්නේ මේ රටේ නිවාස නැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවටයි. සතියකට අඩුම තරමේ ගම්මාන දෙකක් විවෘත කරමින් එතුමා ගෙන යන වැඩපිළිවෙළ අප ඉතාමත් අගය කරනවා. එය සාර්ථක කරගන්න අපි රජය විදියට එතුමාට සහාය දීලා තිබෙනවා. 

කෘෂිකර්ම, වාරිමාර්ග ක්ෂේත්‍රය, නිවාස සංවර්ධන ක්ෂේත්‍රය, අනෙක් විවිධ ක්ෂේත්‍රවල ඉතා විශාල වැඩකොටසක් අපි රජයක් විදියට කරලා තිබෙනවා, කරගෙන යනවා. එමෙන්ම හෙට දවසේ සිදුකරනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සඳහන් කළ පරිදි අපේ දේශපාලන ප්‍රතිවාදීන්, විරුද්ධවාදීන් නොයෙකුත් දේවල් කියනවා. හවසට රූපවාහිනිය බැලූ විට පෙනෙන්නේ මේ රටේ ආණ්ඩුවක් නැහැ කියා. උදේ පත්තරේ බැලූ විට හිතන්නේ මේ රටේ ආණ්ඩුවක් නැහැ වගේ කියා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් ද කියලා එයින්ම තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස අද මේ රටේ ආණ්ඩුවට විරුද්ධව දේශපාලන පක්ෂවල වැඩ කරන අය මොනතරම් මේ නිදහස භාවිතා කරනවාද යන්න මින් පෙනෙන පළමුවැනි කාරණාව. කරන යහපත්, සංවර්ධන වැඩ අද මාධ්‍ය තුළ ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ආණ්ඩුවට විරුද්ධව කතා කරන දේවල්, දේශපාලනඥයින් අතරේ තිබෙන ආරවුල් තමයි මාධ්‍ය තුළ පෙන්වන්නේ. රටක් සංවර්ධනය වීමට අවශ්‍ය ජනතාව දිරිමත් කරන ජනතා බලාපොරොත්තු ඉටු වෙන යහපත් වැදගත් සංස්කෘතික සදාචාර සම්පන්න සමාජ පසුබිමක් තිබෙන රටක් විදියට යහපත් බව, සදාචාරය, විනයගරුක බව අද මාධ්‍ය තුළ ඉස්මතු කරන්නේ නැහැ. මාධ්‍ය තුළ ඉස්මතු කරන්නේ සැමවිටම ගැටුම්, ආරවුල්, අසමගිකම්, යම් මතභේදකාරී තත්ත්වයන්. මෙය මේ රටට කරන බරපතළ විනාශයක් බව කිව යුතුයි. 

මම දැක්කා මාධ්‍ය තුළින් ඊයේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් කියලා තිබෙනවා අපේ රටට ඒකාධිපති පාලකයෙක් ඕන කියලා. අපේ හාමුදුරුවනේ සමාවෙන්න, මම බෞද්ධයෙක් විදියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා එතැන තමයි අපි වරද්ද ගත්ත තැන. ඒකාධිපතියෙකුගේ ස්වරූපය මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකින් දැනිලා තිබුණා 2015 ට කලින්. ඒක අමතක වෙලා තිබෙනවා. ඒ නිසා තද පාලකයින් ඉල්ලනවා. 

පාලනය දැඩි වැඩියි කියලා, තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසකට ලක්කළේ කියන එක අමතක කරන්න එපා. මේක මම පැහැදිලිවම කියන්න ඕන. ඒ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ඇතුළු ඒ සියලු දේ දුන්නාම, ඒ සියලු දේම වැරදි විදියට භාවිතා කරලා ඒ ආයුධයෙන්ම අද අපිට ගහනවා.  

මේ රටේ සමාජ පරිවර්තන සිදුකළ දේශපාලන නායකයින් කිහිප දෙනෙක් ඉන්නවා. බණ්ඩාරනායක මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා ඒ නායකයින් අතරින් කිහිප දෙනෙක්. නමුත් මූලික වශයෙන් අද තිබෙන මේ සමාජ තත්වයන් ඇතැම් අය වැරදි විදියට භාවිතා කරනවා. ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ආඥාදායකයෝ, හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය, ඒ අත්දැකීම පිළිබඳ අවබෝධයක් නැතිවයි ඒ දේවල් කතා කරන්නේ. මේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රබුද්ධයින්, දේශපාලනඥයින් රාශියක් ඉන්නවා. ඒ අය ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඉල්ලන ඒකාධිපතියෝ, මේ රටේ ඇතිවන්න කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැහැ. 

ඒක නිසා ආපු පාර වරද්දගන්න එපා. ආපු පාර වරද්දගෙන වළක වැටෙන්න ලැයිස්ති වෙන්න එපා. අපි මේ කරන සංවර්ධනයත් එක්ක නිවැරදි දේශපාලන ව්‍යාපාරය අපි ශක්තිමත් කරනවා. රටේ දීලා තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ඒ සියල්ල එකට යා යුතු වෙනවා. අපි මේ වසර තුනහමාර තුළ මේ රටේ කිසිම කාලයක නැති ජාත්‍යන්තර මිත්‍රශීලීභාවයක් ඇතිකරගෙන තිබෙනවා. නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ මේ වෙලාවේ. අද ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් සලකනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකනවා. ඔබලාට මතක ඇති, එක්සත් ජාතීන්ගේ සංවිධානය මම බලයට එන්න කලින් 2014 වනවිට සම්පූර්ණයෙන් අපෙන් ඈත් වෙලා සිටියේ. 

අපි ආණ්ඩුවක් විදියට පත්වුණාම ඒ සෑම කෙනෙක්ගේම විශ්වාසය දිනාගත්තා. අපි මේ යන ගමන පැහැදිලි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් කියලා පැහැදිලිවම පිළිඅරන් තිබෙනවා. ඒ නිසා තමයි අපට අද ණය ආධාර ලැබෙන්නේ. ජාත්‍යන්තර සහයෝගීතාව ලැබෙන්නේ. හිටපු පාලනය ගැන ඔබලා ඔබේ හෘද සාක්ෂියෙන්ම අහන්න ඕන. හිටපු ජනාධිපතිතුමා තමන්ට බලයේ ඉන්න වසර දෙකක් තිබියදී තමයි මැතිවරණයකට ගියේ. 

ඒ මැතිවරණයට ගියේ මුහුණ දෙන්න බැරි ප්‍රධාන ප්‍රශ්න දෙකක් නිසා. එකක් තමයි අන්තර්ජාතික වශයෙන් ඇතිවුණ ගැටලු විසඳගන්න බැරිවීම. එදා ඇතිවුණ විදේශ ණය කන්දරාව සමග ඇතිවුණ ආර්ථික අර්බුදය. මේ ප්‍රශ්න නිසා තමයි වසර දෙකකට කලින් මැතිවරණයකට ගියේ. අපි ආණ්ඩුවක් විදියට ඒ ප්‍රශ්න දෙකටම කර ගැහුවා. ඒ ප්‍රශ්න දෙක අපි විසඳලා දුන්නා. ඒ නිසා සමාජය තුළ තිබෙන වැරදි දේවල්, අයහපත් දේවල්, අපි නිවැරදි කරලා තිබෙනවා. 
සමාජය තුළ පවතින මාධ්‍ය තුළ පෙන්වන ගැටුම්, මතභේද, මේවා මේ රටේ ජනතාවගේ මනස විනාශ කරන්න කරන දේවල්. ජනතාවට ඒවා දැක්කාම ඇතිවන්නේ කඩාවැටීම. ජාතියක්, රටක් විදියට ගොඩනැගෙන්න අධිෂ්ඨානශීලීභාවය, අවංකභාවය, කැපවීම, අපේක්ෂාවන්, ඒවා ඉෂ්ට කරගන්නයි කටයුතු කරන්න ඕන. ඒ ජනතාව නොමග යවන විදියට මාධ්‍ය නිදහස භාවිතා වෙනවා නම්, සමාජයේ පෙන්නුම් කරන යහපත් බව වැරදි විදියට කෙනෙක් දකිනවා නම්, ඒ ගැන අපි ඉතාමත් කනගාටු වෙනවා. 

ඒ නිසා මේ සියලු තත්වයන් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ඇතුළු සියලු ක්ෂේත්‍ර ගත්තොත් අපි ආණ්ඩුවක් විදියට විශාල වැඩකොටසක් කරලා තිබෙනවා” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

අද මේ බිහිවුණු වෙහෙරපුර ගම්මානය හුදෙක් ඉඩම් දීමට නිවසක් තනන්නට මාර්ග පහසුකම්, විදුලිය, ජල පහසුකම් දීමට සීමා වූ ගම්මානයක් පමණක් නොවේ. අපි මේ ගම්මානයේ ජනාධිපති කාර්ය සාධක වැඩසටහන් 5ම ක්‍රියාත්මක කරනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන, ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, ළදරුවන් සුරක්ෂිත කරන වැඩසටහන. අපි බිහිකරන සෑම උදාගමකම පොදුවේ ඔසු උයනක් නිර්මාණය කරනවා. ඒ ගෙවතුවල දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ පැළෑටි පැළ කරලා ඒ ඵලදාව ආයුර්වේද දෙපාර්තමේන්තුවටත් ආයුර්වේද නිෂ්පාදන කරන පෞද්ගලික ආයතනවලටත් ලබාදීමට කටයුතු කරනවා.

ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් මෙරටේ උදාගම්මාන 2500ක් ඉදිකරන කොට පැහැදිලිවම හැම ගෙවත්තකම ඖෂධ වගාව ආරම්භ  කරල මම පොරොන්දු වෙනවා අපි පිටරටට ගෙවන ඒ ලක්ෂ 8900 ඉතිරි කරලා මේ රටේ මේ අහිංසක ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලා විදේශ සංචිත ශක්තිමත් කිරීමට කටයුතු කරනවා කියලා මම පැහැදිලිව කියනවා. 

දැන් ඩොනල්ඞ් ට්‍රම්ප් මොනවද කරන්නේ. එයා හිතනවා එයාගේ රට ගැන, ජනතාව ගැන. රට පළමුව, ජාත්‍යන්තරය දෙවනුව. යහපාලන රජය කරන්නෙත් ඒකයි. ජනාධිපතිතුමාත් ගරු ආග්‍රාමාත්‍ය තුමා ඇතුළු අපේ රජය කරන්නෙත් ඒකයි. පළමුව මාතෘ භූමිය පළමුව ශ්‍රී ලංකාව. ඊට පස්සේ ජාත්‍යන්තරයයි ඔය අනිත් රටවල් ටිකයි. මෙන්න මේකයි අපේ ගමන. අපි ළඟ කාඞ්බෝඞ් දේශප්‍රේමීත්වයක් නැහැ. රණවිරු ගම්මාන හදලා ඒවායෙන් රණවිරුවන්ගෙන් සල්ලි අය කරන දේශප්‍රේමීත්වයත් අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන දේශප්‍රේමීත්වය හදවතින් එන්නේ. ඒක මේ අරලියගහ මන්දිරය ගැන ජනාධිපති මන්දිරය ගැන සිහින මවමින් එන දේශප්‍රේමීත්වයක් නොවේ.  එහෙම දේශප්‍රේමීන් තමා ජනාධිපතිතුමා අගමැතිතුමා සහ යහපාලන රජය සතුව තියෙන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය. 

අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස්.බී නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (5)

රූපවාහිනියයි පත්තරයි බලද්දි හිතෙන්නේ රටේ ආණ්ඩුවක් නැති පාටක්

Widyachacra Friday, 22 June 2018 07:19 AM

මමද ජනපති ඔබද ජනපති?

:       0       14

RaveendraFriday, 22 June 2018 09:46 AM

අනේ ඔං කිව්වා " අපිනම් නොවේ " හරියැ . මොකද අපි කිසිවිට කැමති නැහැ දුප්පත් මහජනතාවගේ බදුමුදල් වලින් පිනට කකා බි බී සැපවත් ජිවිතයක් ගත කරන්න. එය මහා පාපයක්. මොකද " අපේ දරුවන්ටත් යාදෙන්නේ නැහැ " එවන් පාපකාර්ම. එවන් පාපකර්ම මෙලොවදීම අපට පඩිසන් දෙනවා. එබැවින් එවන් ජරා අසීලාචාර වැඩවලට වචනයකින් හෝ සහභාගිවිමට අප කැමති නැත.

:       0       47

prakaash Friday, 22 June 2018 10:27 AM

අනේ මොනවද මේ දොඩවන්නේ? අවුරුදු ගාණක් දේශපාලනය කරලා පින්පඩි නේද ගන්නේ? මෙවැන්නවුන් මේ බිමෙන් ඉවත් කළ යුතුයි.

:       0       90

Saththaya Saturday, 23 June 2018 01:35 AM

ආණ්ඩු දෙකක් තියෙන නිසා තමයි ආණ්ඩුවක් නැති ගාණට වැටිලා තියෙන්නේ... මැච් එක ගහද්දී එක නායකයෙක් විතරයි ඉන්න ඕනේ සහයෝගයෙන්...

:       0       405

prabash Saturday, 23 June 2018 01:24 PM

අද කොහොමත් තියෙන්නේ එකාදිපති පාලනයක් තමයි. පාතාල ලෝකයේ පාලනයක් . අපිටනම් නිව්ස් බලනකොට හිතෙන්නේ මේ රටේ තියෙන්නේ ආණ්ඩුවක් විතරයි කියල. එයාට මෙයා බනිනවා, මෙයට එය බනිනවා, පක්ෂය දිනන්වන එක ගැන වීටරයි කතා කරන්නේ . රටේ සංවර්දනය ගෙන කාතා කිරීමක් නෑ. අපේ පක්ෂය අපේ පක්ෂය..එකෙක් කියනවද අපේ රට කියල . නොදකින් දෙසපලුවෝ . රට දිනවපල්ලා එටකොට පක්ෂය ඉබේම දිනුම්. පක්ෂය දිනුවට රට හෙදෙන්නේ නෑ.

:       0       151

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5560 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 655 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1996 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3692 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 989 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site