(මොනරාගල - නයනජීව බණ්ඩාර, වැල්ලවාය අයි.ආර්. ඉන්දික සහ බිබිල කේෂර ගුණතිලක)
ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එවකට මුදල් ඇමති මහබැංකු හොරාගෙන් කප්පම් ගෙන සුපිරි නිවසක් ලබාගෙන ඇති බව හෙළිදරව් වී ඇති නිසා රනිල් - මෛත්‍රී හවුල විසින් රවි කරුණානායක ඇමතිවරයා වහා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් නොකළහොත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ඔහු ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මංන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමාන පාලකයන් නාස්තිකාර, අකාර්යක්ෂම වංචනික පිරිසක් බවත් ඔවුන්ට රට නිවැරදි දිශාවට රැගෙන යාමට සැලැස්මක් නැති බවත් පැවසීය.
ජනාධිපතිවරයා ඛනිජ තෙල් සේවකයන් සමග හම්බන්තොට වරායේ තෙල්ටැංකි හා නැව් තෙල් අංශය විකිණීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් අගෝස්තු පළමුවෙනිදා සාකච්ඡාවක් ලබාදෙන විට අගමැතිවරයා ජුලි 29 දා එය විකුණා ඇති බවත් ඒ අනුව ජනාධිපති රූකඩයක් බව රට හමුවේ ඔප්පු කර තිබෙන බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් මස දෙවැනිදාට පෙර වෙනත් අතුරු අන්තරාවක් නොවුණොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ස්ථිර බවද පැවසීය.
අනුර කුමාර දිසානායක මංත්‍රිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (29) බුත්තල පොළ භූමියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමුළුවේ මොනරාගල දිසා සමුළුව අමතමිනි.
අනුරකුමාර දිසානායක මංත්‍රීවරයා මෙසේද පැවසීය.
අපේ ලංකාවේ ජනතාවට ඉතා හොඳ යහපත් අපේක්‍ෂාවක් තියෙනවා. ලෝකයේ තමන්ගේ දරුවන්ට උගන්වන්න වෙහෙස මහන්සි වෙන ප්‍රධානම රට ශ්‍රී ලංකාව. ඊළඟට ජපානය සහ ඉන්දියාව. වෙන රටවල් මෙච්චර දරුවන්ට උගන්වන්න මහන්සිවෙන්නේ නැහැ. මොකද අපේ මව්පියන් හිතනවා තමන් විඳින දුක දරුවන්ට අත්පත් කර නොදෙන්න නම් ඔවුන්ට ඉගැන්විය යුතුයි කියලා. නමුත් අද අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ?
අපේ රටේ ඔක්කොම පාසල් තියෙනවා 10162 ක්. අවුරුදු තුනකට කලින් තිබුණේ පාසල් 9600 යි. දැන් පාසල් 500 ක් අලුතින් වැඩි වී තියෙනවා. ඒ වැඩි වෙලා තියෙන්නේ අලුතින් පාසල් හදලා නෙමෙයි තිබුණු පාසල් දෙකට බෙදලා. මේ පාසල් අතරින් පාසල් 27 කට ඉන්නේ පාසලටම එක ගුරුවරයයි. ලංකාවේ පාසල් 108 ක් තියෙනවා ඒ එක් පාසලකට ඉන්නේ ගුරුවරු දෙන්නෙක් විතරයි. පාසල් 3148 ක පාසලටම ඉන්නේ ගුරුවරු නවයට අඩුවෙන්. ඒ කියන්නේ ලංකාවේ සමස්ත පාසල්වලින් තුනෙන් පංගුවකම පාසල්වල ගුරුවරු නව දෙනාට අඩුයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හැදුවත් ඒ දරුවන්ගේ අනාගතය මොකක් වෙයිද? ඒ විතරක් නෙමෙයි අපේ රටේ පාසල් 1445 ක ළමයි ඉන්නේ පනහට අඩුවෙන්. පාසල් 5139 ක ළමයින් දෙසීයට වඩා අඩුවෙනුයි ඉන්නේ. ඒ කියන්නේ ලංකාවේ පාසල්වලින් අඩකම ඉන්නේ ළමයි දෙසීයට වඩා අඩුවෙන්.
මෙහෙම වෙන්න හේතුව ළමයි අඩු නිසාද? නැහැ, ඒකට හේතුව ඒ පාසල්වල ගුරුවරු නැහැ. පහසුකම් නැහැ.
මේ හේතුව නිසා අද පාසල් අධ්‍යාපනයට වඩා මවුපියන් වැඩි බරක් තියලා තියෙන්නේ ටියුෂන් අධ්‍යාපනයට. තුනේ පන්තියේ ඉඳලා දරුවන් ටියුෂන් පංති යවන සංස්කෘතියක් අපේ රටේ දැන් ඇති වෙලා තියෙනවා. මේ නිසා අපේ මව්පියන්ට තමන්ට ලැබෙන ආදායමෙන් වැඩි මුදලක් වැය කරන්න වෙලා තියෙනවා තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්.
අපේ රටේ උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් දරුවන් 36000 ක් අධ්‍යාපනය ලබනවා. ඉන් වෛද්‍ය පීඨයට ගන්නේ 1200 ක් විතරයි. මේ හැම දරුවකුම ඒ නවය, අට, හත ගන්නා සුපිරි දරුවන්. මේ හැම දරුවම වෛද්‍ය පීඨයට හෝ විශ්වවිද්‍යාලයට යන්න නම් හැම ප්‍රශ්න පත්‍රයකටම ලකුණු අසූවෙන් ඉහළ ගන්න ඕන. ඉස්කෝලේ විතරක් ගිහිල්ලා ලකුණු අසූවෙන් එහා ගන්න බැහැ. ඒ සඳහා ටියුෂන් පංති යන්න වෙලා තියෙනවා. මොකක්ද මේ අධ්‍යාපන ක්‍රමය. අද මේ රටේ පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩාවැටිලා. මේ අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන්ට වගේම මව්පියන්ටත් ජීවිත එපාකරවලා තියෙනවා.
පාසල් අධ්‍යාපනය වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් මේ පාලකයෝ මුළුමනින්ම කඩා වට්ටමින් තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයට ආචාර්යවරු 73 ක අඩුවක් තියෙනවා. එතැනිනුත් වැඩි හිඟය තියෙන්නේ වෛද්‍ය පීඨයට, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ආචාර්යවරු 149 ක් ඉන්න ඕන. නමුත් ඉන්නේ 117 ක් විතරයි. ආචාර්යවරු තිස් දෙකක හිඟයක් තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයට ආචාර්යවරු 94 ක හිඟයක් තියෙනවා. ඒකෙන් බරපතළම ප්‍රශ්නය තියෙන්නේ වෛද්‍ය පීඨයට. ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ආචාර්යවරු 107 ක අවශ්‍යතාවක් තියෙනවා. ඒත් ඉන්නේ 46 ක් විතරයි. ආචාර්යවරු 61 ක පුරප්පාඩු තියෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ තත්ත්වයත් එහෙමයි. එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 107 ක හිඟයක් තියෙනවා. එහි වෛද්‍ය පීඨයට ආචාර්යවරු 149 ක් ඉන්න ඕන. නමුත් ඉන්නේ 117 ක් විතරයි. තිස් දෙකක හිඟයක් තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ආචාර්යවරු 38 ක හිඟයක් තියෙනවා.
ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට විශාල ආචාර්යවරු හිඟයක් තියෙනවා. නමුත් මේ ආණ්ඩුව විශ්වවිද්‍යාල කඩා වැටෙන්න හැරලා පෞද්ගලික අධ්‍යාපනයට දොරටු විවෘත කර තියෙනවා. අද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරලා තියෙනවා.
අපේ රට සංවර්ධනය කරන්න යොදා ගත හැකි හොඳම සාධකය තමයි අපේ රටේ පිහිටීම. අපේ රට පිහිටලා තියෙන්නේ පෙරදිග හා අපරදිග ගැට ගහන සංධිස්ථානයකයි. දැන් තායිලන්තය මැදින් ‘ක්‍රා’ ඇළ කපනවා. මේ නිසා ලංකාව ආසන්නයේ තමයි අනාගතේ කාර්යක්‍ෂම නැව් ගමනාගමනය සිද්ද වෙන්නේ. අදටත් ලෝකයේ වරායන් අතරින් කොළඹ වරායට විසි හයවැනි තැන හිමිව තියෙනවා. නමුත් කොළඹ වරායේ වැඩියෙන්ම භාණ්ඩ හුවමාරු කළ රැජින ජැටිය චන්ද්‍රිකා පී.එන්.ඕ කියන සමාගමට වික්කා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ වරායේ දකුණු ජැටිය චීනයට වික්කා. දැන් රනිල් වික්‍රමසිංහ සැලසුම් කරනවා කොළඹ වරායට ඉතිරිවෙලා තියෙන වැදගත්ම ජැටිය චීනයට විකුණන්න.
හම්බන්තොට වරායේ වැදගත්ම අංශය තමයි නැව් තෙල් අංශය, අපේ රටේ තෙල් සංස්ථාවට තිබුණ නැව් තෙල් අංශයත් 2003 අවුරුද්දේදි කොටස්වලට කඩලා ජෝන් කීල්ස් සමාගමට වික්කා. මීට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවාම නඩු තීන්දුවක් දුන්නා නැවත මේ නැව් තෙල් අංශය පවර ගන්න කියලා. නමුත් මහින්ද කළේ එම නැව් තෙල් අංශය තෙල් සංස්ථාවට පවරා ගන්නවා වෙනුවට එය සමාගම් හතරකට විකිනීමයි.
හම්බන්තොට වරාය ආසන්නයෙන් දිනකට නැව් හාරසියක් යනවා. ඉන් සියයට දහයකට තෙල් ගැහුවොත් දිනකට ඩොලර් ලක්ෂ හයක ලාභයක් ලබන්න පුළුවන්. මාසයට ඩොලර් මිලියන දහඅටක ලාබයක් තියෙනවා. නමුත් අපි මේ නැව් තෙල් අංශය විකුණන්න තක්සේරු කරලා තියෙන්නේ ඩොලර් මිලියන එකසිය විස්සකටයි.
එහෙනම් චීනය මාස හතක් යනවිට ඒ ලාභය උපයලා ඉවරයි. අපි මේ වරාය, චීනයට අනූනව වසරකට බදු දීලා තියෙනවා. ඒ කියන්නේ පරම්පරා තුනක්. මේ නිසා තමයි තෙල් සංස්ථාවේ සේවිකයන් කිව්වේ නැව් තෙල් අංශය විකුණන්න එපා ඒක තෙල් සංස්ථාවට පවරන්න කියලා. ඔවුන් නැව් තෙල් අංශය විකුණනවාට විරුද්ධව වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නකොට ජනාධිපතිතුමා තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති සේවකයන්ට මේ පිළිබඳව සාකච්ඡා කරන්න අගෝස්තු මාසේ පළමුවැනිදා සාකච්ඡාවක් ලබාදුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජුලි මාසේ 29 දා චීනයට මේක විකුණනවා.
හොරුන්ට දඬුවම් දෙන්න ජනවාරි මාසේ 8 වැනිදා අලුත් ආණ්ඩුවක් හැදුවා. නමුත් දින පනහක් යන්න පෙර පෙබරවාරි මාසේ 27 දා දැවැන්ත හොරකමක් කරනවා. මීට සතියකට කලින් වාර්තා වුණා මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලෙස ලාභ ලැබූ මහබැංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම වන පර්පර්චුවල් සමාගමේ අර්ජුන ඇලෝසියස්, එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළා. රවි කරුණානායකට මාස 06 කට රුපියල් ලක්ෂ 111 ක් වියදම් කරලා කොළඹ නගරයේ සුපිරි නිවෙසක් කුලියට ඇරන්දීලා තියෙනවා කියලා. මේ සිද්ධිය ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අපි මෛත්‍රී - රනිල් හවුලට කියනවා රවි කරුණානායක වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්න කියලා. ඉවත් කරන්නේ නැතිනම් සහතික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඔහු ඉවත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.
ජනවාරි මාසේ 8 වැනිදා වංචනිකයන්, පරාජයට පත්කරලා වංචාවට, දූෂණයට දඬුවම් බලාපොරොත්තු වුණත් මේ පාලකයන් ඔවුන්ට දඬුවම් ලබාදෙන්නේ නැහැ. මහින්ද ආණ්ඩුවේ පිරිස වගේම මේ ආණ්ඩුවේ අයත් හොරකම් කරනවා. නාස්ති කරනවා.
මේ රට හදන්න නම් මේ රටට හොඳ ආණ්ඩුකරණයක් තියෙන්න ඕන. අනික රටට හිතවත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. අපි 2020 දී බලාපොරොත්තුවෙනවා. බලය හුවමාරු කර ගැනීමට සමත්වන දේශපාලන ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා හදන්න. දැනට අපි මේ ගැන මේ රටේ උගත් බුද්ධිමත් කොටස් සමග සාකච්ඡා කරමින් සිටිනවා.
මේ වසරේ දෙසැම්බර් මස 2 වැනිදාට ප්‍රථම පළාත් පාලන මැතිවරණය ඒමට නියමිතව තියෙනවා. යම් හදිසි අපල උපද්‍රවයක් නොවුණොත් දෙසැම්බර්, මස 2 වැනිදාට පෙර මේව මැතිවරණය පවත්වන බව ස්ථිරයි. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණය 2020 වසරේ ආණ්ඩු පෙරළිය සඳහා හදන ගමේ බලය බවට මේ ඡන්දය පත් කර ගන්න ඕන.
මෙම ජනහමුවේදී ඌව පළාත් සභා මංත්‍රී සමන්ත විද්‍යාරත්න, ආර්.එම්. ජයවර්ධන, තණමල්විල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එස්.බී. සිරිසේන යන මහත්වරුද අදහස් දැක්වූහ.
බුත්තල සතිපොළ භූමියේ පැවති මෙම ජන හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සංවිධානවල සාමාජික සාමාජිකාවන් එක්දහස් පන්සියයකට වැඩි පිරිසක් එක් ව සිටියහ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
රවි ගැන අපි බලා ගන්නම්
ONE SRILANKAN Monday, 31 July 2017 09:27 AM
දෙවියනේ මෙතරම් අඩුපාඩු තියගෙනද දත් දොස්තර මහතා මාසෙකට කෝටි 70 ගානේ දීලා නෙවිල් මහතාගේ ඉස්පිරිතාලේ නඩත්තු කරන්නේ.. අනේ දිසානායක මහත්තයෝ..., රාජිතට විශ්වාස භංගයක් ගෙනැල්ලා ගෙදර යවන්න බලන්න.
kumara Monday, 31 July 2017 10:11 PM
ඔබ තුමාලගෙ කටින් බතල කොළ හිටවයි.
sachith Tuesday, 01 August 2017 06:37 AM
77න් පස්සේ පත්වෙච්ච කිසිම ආණ්ඩුවක් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් අවංකව සේවයක් කරේ නෑ. එදා ඉදල තම අධ්‍යාපනය වාණිජ භාණ්ඩයක් උනේ. මේ රටට දැන් සැබෑ වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස මේ තියන ප්‍රධාන පක්ෂ 2න් එකකින්වත් ලැබෙන්නේ නෑ කියල අපේ බහුතරයක් මිනිස්සු තේරුම් අරන් නෑ.
kumar (galf) Tuesday, 08 August 2017 11:27 AM
උරෝ කැකුණ තැලුවාම හබන් කුකුලන්න්ටත් හොඳ වරෙලු, දැන් නිකන් නම්ම්බු ගන්න දඟලනවා.