IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


රවී ජංජාලයක

විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට එරෙහිව ආණ්ඩුවෙන් කැරැල්ලක් මතුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බවට කියවෙන කතා දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයන් අතර සාකච්ඡාවට බදුන් වී ඇතැයි සඳහන් වෙයි.

බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණුවල සම්බන්ධයෙන් රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වූ චෝදනා හා එම චෝදනාවලට වක‍්‍රව හා ඍජුව ආණ්ඩුවේ ශි‍්‍රලනිප ඇමැතිවරුන් දැක්වූ ප‍්‍රතිචාර ඉකුත් දින කිහිපය පුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව තිබිණ.

කෙසේ වෙතත් රවි කරුණානායක වෙනුවෙන් එජාප ඇමැතිවරුන් හෝ ඉදිරිපත් නොවීම ඉකුත් දිනවල දක්නට ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බැඳුම්කර සිද්ධියේ කරුණුවල රස්නය පහව යන්නටත් පෙර විදේශ කටයුතු ඇමැතිවරයාට තවත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූයේය. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රවි කරුණානායක ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකා තුනක්ම බහුතර විරෝධයෙන් ප‍්‍රතික්ෂේප කෙරිණ.

රවි කරුණානායක ඇමැතිවරයාගේ කැබිනට් පති‍්‍රකා තරමක් ආන්දෝලනාත්මක වි තිබිණ. ඔහු එක් පති‍්‍රකාවකින් සිය නිල නිවස ලෙස භාවිත කිරීමට කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි විසුම්පාය ඉල්ලා තිබිණ. විසුම්පාය ප‍්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේම නිල නිවස බවට පත්ව තිබිණ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ විදේශ කටයුතු ඇමැති අනුර බණ්ඩාරනායකගේ නිල නිවස වූයේ විසුම්පායය. ඔහුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී විදේශ කටයුතු ඇමැතිධුරය අහිමි වුවද විසුම්පාය අහිමි වූයේ නැත.

අනුර බණ්ඩාරනායක ඇමැතිවරයා මිය යන තෙක්ම ජීවත්වූයේ විසුම්පාය නිල නිවස බවට පත්කර ගනිමිනි. ඉන්පසුව අග‍්‍රාමාත්‍යධුරයට පත් දී.මු. ජයරත්නගේ නිල නිවස වූයේද විසුම්පායයි. අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිත කිරීම නිසා අගමැති දී.මු. ජයරත්නට විසුම්පායට යන්නට සිදුවිය. ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වූ පසුව විසුම්පාය නිල නිවසක් ලෙස භාවිත කිරීමට අවස්ථාව නොදීමට ආණ්ඩුව කටයුතු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක් නිල නිවසක් ලබාදිය යුතුව තිබූ අතර ඒ වනවිටත් සුදුසු නිවසක් සොයා ගැනීමට කල්ගත වෙද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසුම්පාය තමාට ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ එම ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්ෂේප කර තිබුණේ විසුම්පාය වෙනත් රාජකාරියක් සඳහා භාවිත කළ යුතු බව කියමිනි.

ඒ අනුව මහින්ද රාජපක්ෂට ද විසුම්පාය අහිමි විය. ඉකුත්දා කැබිනට් පති‍්‍රකාවක් සම්මත වී තිබුණේ විසුම්පාය විශේෂ සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කිරීමටය. එම කැබිනට් පති‍්‍රකාව සම්මත කිරීමට ඇමැති රවි කරුණානායකද කැබිනට් රැස්වීමේදී එකඟතාව පළකර තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් රවි කරුණානායක විසුම්පාය ඉල්ලා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළේය.

‍එහිදී එය ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් කර තිබිණ. ”විසුම්පායේ හිටියේ ජී.එල්. පීරිස් ඇමැතිතුමා, දී.මු. ජයරත්න අගමැතිතුමා, අනුර බණ්ඩාරනායක ඇමැතිතුමා වගේ අයයි. හැබැයි අවාසනාවකට වගේ මේ කවුරුත් අද දේශපාලනයේ නැහැ. ඒ නිසා ඔබතුමා එතනට යන්න එපා’’.  යැයි ජනාධිපතිවරයා කී කතාවට ඇමැතිවරු සිනාසුනහ.

ඇමැති දයාසිරි ජයසේකර ද කතාවට හවුල් වූයේය.

 ”රවි කරුණානායක ඇමැතිවරයා තවදුරටත් දේශපාලනයේ ඉන්න  ඕනේ. ඒ නිසා විසුම්පායට යන්න එපා.” යැයි දයාසිරි ජයසේකර කීවේය. රවි කරුණානායක ඇමැතිවරයාගේ අනෙක් කැබිනට් පත‍්‍රිකාව වූයේ විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්ය

මණ්ඩල ප‍්‍රධානී තනතුරක් අලූතින් ඇති කිරීමටය. ඊටද කැබිනට් ඇමැතිවරු දැඩි විරෝධයක් දැක්වූහ. ජනාධිපතිවරයාට ඊටද මැදිහත් වන්නට සිදුවිය. ”කාර්ය මණ්ඩල ප‍්‍රධානී තනතුරු තියෙන්නේ ජනාධිපතිටත් අගමැතිටත් පමණයි. මෙහෙම දෙන්න ගියොත් අනෙක් ඇමැතිවරුන්ටත් දෙන්න වෙයි.” යැයි ජනාධිපති කී කතාවට අනෙක් ඇමැතිවරුද හූ මිටි තියන්නට වූහ.

එවිට ජනාධිපති කාටද තවත් එවැනි තනතුරු අවශ්‍ය යැයි ප‍්‍රශ්න කළේය. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමැතිවරු බහුතරයක් අත් ඔසවූහ. ඇතැම් ඇමැතිවරු අත් දෙකම ඔසවාගෙන සිටියහ.

ඉන්පසුව සාගල රත්නායක ඇමැතිවරයා අදහස් දක්වන්නට විය. ”මම අගමැතිතුමාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී. හැබැයි මම වැටුපක් ගන්නේ නැහැ.” යැයි සාගල ඇමැතිවරයා කී කතාව මැදට මංගල සමරවීර ඇමැතිවරයා පැන්නේය. ”ඔබතුමාට පඩියක් නැතිවුණාට කාමරයක් තිබෙන බව නම් ආරංචියි” යැයි මංගල විහිළුවක් කළේය. රවිගේ අනෙක් කැබිනට් පති‍්‍රකාව වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණ.

නවදිල්ලි නුවර වන්දනා මධ්‍යස්ථානය ශී‍්‍ර ලංකා මහබෝධි සමාගමට පැවරීම එම කැබිනට් පති‍්‍රකාවෙන් යෝජනා කර තිබිණ. නවදිල්ලි නුවර පිහිටි වන්දනා මධ්‍යස්ථානය ශී‍්‍ර ලංකාවට ලබාදී ඇත්තේ ශ්‍රීනේරුතුමාය. ශ්‍රීනේරුතුමා ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස එම වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවරා දී තිබිණ. එදා සිට එහි පාලන කටයුතු සිදුවනුයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගිනි. බානගල උපතිස්ස නාහිමියන්ගේ නායකත්වය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහබෝධි සමාගමට එම බෞද්ධ වන්දනා මධ්‍යස්ථානය පවරා දීමේ කැබිනට් පති‍්‍රකාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම මීළඟ කැබිනට් රැස්වීම දක්වා කල් තැබීමටද කැබිනට් මණ්ඩලය තීන්දු කෙරිණ.

ආණ්ඩුව පෙරළා දැමීමට නම් කළ යුතු ප‍්‍රධාන කාර්යයන් තුනක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වී ඇතැයි ඇමැති රාජිත සේනාරත්න චෝදනා කරයි. ”මහින්ද රාජපක්ෂ එයාගේ කට්ටිය ගෙනත් රහස් සාකච්ඡාවක් තියලා තිබෙනවා. ඒකෙදි කරුණු තුනක් ගැන කිව්වා. හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කරන්න  ඕනේ. සයිටම් ආයතනය වහන්න  ඕනේ. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙන එක නතර කරන්න  ඕනේ ඔන්න ඔය කියපු දේවල් නතර කළොත් එක විදේශ ආයෝජකයකු හෝ ලංකාවට එන්නේ නැහැ. එතකොට ආණ්ඩුව වැටෙනවා යැයි මහින්ද රාජපක්ෂ කියලා තිබෙනවා. ඒක තමයි මේ ඔක්කොම කරන්නේ. ඒත් ඒක හීනයකැයිද” රාජිත සේනාරත්න සඳහන් කරන්නේය.

පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයකදී පැවැත්විය යුතු බවත් ඒ සඳහා පනත සංශෝධනය කළ යුතු බවටත් ආණ්ඩුව කළ ප‍්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මහත් කලබලයකට පත්ව සිටිති. ”මේක වංචාවක්.

පනත සංශෝධනය කරන මුවාවෙන් පළාත් සභා ඡන්දයත් කල් දාන්න මේ අය හදනවා. එහෙම කළොත් අපි නඩු දානවා. පළාත් පාලන ඡන්දය කල් දැම්මා. ඊට පස්සේ පළාත් සභාවත් කල් දාන්න තමයි මේ අය හදන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ.” යැයි ඉකුත්දා පැවැති රැස්වීමකදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ කරුණු දක්වා සිටියහ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කරනුයේ පළාත් සභා පනත යටතේ ඡුන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලයක් තිබෙන බවය. ඒ අනුව කිසියම් පළාත් සභාවක නිල

කාලය අවසන් වූ වහාම ඒ ඒ පළාත් සභාවේ ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම කි‍්‍රයා කළ යුතුය. දැනටමත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කර ඇත්තේ නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් සභා ඡන්දය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ලහි ලහියේ සූදානම් වනුයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. ආණ්ඩුවට සියලූම පළාත් සභාවල ඡන්දය එකවිට තිබීමට අවශ්‍ය නම් එය කළ හැකි යැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව සබරගමුව නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිලකාලය නිමවීමත් සමඟම අනෙකුත් කාලය නිම නොවූ සභා ද විසුරුවා හැරිය හැකි නොවේදැයි මහින්ද දේශප‍්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

‘‘පළාත් සභා මැතිවරණය එකම දවසක පැවැත්වීම හොඳ වැඩක්. වියදම, ජනතාවගේ කාලය ඉතිරි වෙනවා. ආණ්ඩුව එවැනි තීන්දුවක් ගත්තා නම් ඒක හොඳයි. හැබැයි පනත් සංශෝධනය කරන්න කාලයක් ගතවෙන නිසා විකල්පය තෝරා ගතහැකි යැයි ද’’ දේශප‍්‍රිය සඳහන් කරයි.

මැතිවරණ කොමිසම මීට ඉහත දී සූදානම් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටය. එහෙත් මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ‘‘මේ යන හැටියට පළාත් සභා ඡන්දය කලින් එන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි ඡන්ද දෙකටම  ඕන වෙලාවකට සූදානම් වෙලයි ඉන්නේ’’ යනුවෙනි.

ගෙවීගිය සතිය පුරාම ආණ්ඩුවට හිසරදයක් වී තිබුණේ රටපුරා වර්ජන රැල්ලක් ඉස්මතුවීමය. වෛද්‍යවරුන්, තෙල් සේවකයින්, වරාය සේවකයින්, සයිටම් විරෝධීන්, ශිෂ්‍ය සංවිධාන ඇතුළු වෘත්තීය හා වෙනත් සංවිධාන විටින්විට විරෝධතාවල නිරතවීම නිසාත් ආණ්ඩුවට එය පාලනය කිරීමට අපොහොසත්වීම නිසාත් රටතුළ අර්බුද ගණනාවක් ඉස්මතු වී තිබිණ. කෙසේ වෙතත් වර්ජන රැල්ල මුළුමනින්ම පාලනය කිරීමේ හැකියාවක් හෝ නතරකර ගැනීමේ හැකියාවක් හෝ ආණ්ඩුවට නැතැයි ද දේශපාලන විචාරකයෝ සඳහන් කරති. සයිටම් අර්බුදය මේ වනවිට ගැටලූ රැසක් නිර්මාණය කර ඇති අතර එය ලිහාගත නොහැකි නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බවද දේශපාලන විචාරකයන්ගේ අදහසය.

ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව චෝදනාකර ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය හරියාකාරව පවතින හෙයින් සියලූ දේ උපරිමයෙන්ම සිදුවනබවටය. එම නිසා වෘත්තීය සමිති සම්බන්ධයෙන් මීට වඩා තද ක‍්‍රියාමාර්ග ගතයුතුව තිබූ බවට ඇතැම් පාර්ශ්ව නොනිල මට්ටමින් ආණ්ඩුවට උපදෙස් ලබා දී තිබිණැයි ද වාර්තා වේ. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබගෑනියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ආණ්ඩුවට ඍජුවම චෝදනා කළහ.

‘‘මේ ආණ්ඩුව මැරයෝ යොදවලා කොලොන්නාවේ තෙල් සේවකයන්ට පහර දෙනවා. මේක යහපාලනය ද’’ ආදී දේ කියමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරද්දී කිසියම් පිරිසක් කොලොන්නාවේ තෙල් සේවකයන්ට එළව එළවා පහරදෙමින් සිටියහ.

එල්ටීටීඊ සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට යුරෝපා සංගමයේ අධිකරණය තීන්දු කර තිබිණ. යුරෝපා සංගමයේ ඉහළ පෙළේ අධිකරණයක් එම තීන්දුව ලබාදී තිබුණ ද ඒ ගැන ක‍්‍රියා නොකරන බවට ඉකුත් දා අවධාරණය කළේය. ‘‘එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස පවතීවී. එම සංවිධානය ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අදහසක් තවම නැහැ’’ යුරෝපා සංගමය දන්වා සිටියේය.

එල්ටීටීඊ සංවිධානය ඉකුත් 2009 වසරේ ලැබූ පරාජයෙන් පසුව ගෙවීගිය වසර ගණනාවක කාලය තුළ කිසිදු ප‍්‍රහාරයක් හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් සිදුකර නැතැයි ද යුරෝපා සංගම් අධිකරණය හමුවේ කරුණු අනාවරණය වී තිබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාව මෙමස 22 වැනි දා සිට රට පුරා ආරම්භ කෙරිණි. එම රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක් රැස්වීමක් පැවැත්වුණේ දිවුලපිටියේදීය. දිවුලපිටිය සණස ශාලාවේ පැවැති එම රැස්වීමට ප‍්‍රසන්න, ජොන්ස්ටන්, ඉන්දික, කංචන, සනත්, රණවීර ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සහභාගී වී සිටියහ.

ඔයා තාම බේරිලා ඉන්නවා නේද? ප‍්‍රසන්න දුටු ජොන්ස්ටන් ඇසුවේය. රිමාන්ඞ් එක ළඟටම ගිහින් හැරිලා ආවට තවම නම් කරදරයක් නැහැ, ප‍්‍රසන්න පැවසීය.

ඔයත් අවදානම් කලාපයේ ඉන්නහින්දා පරිස්සමෙන් ඉන්න. දවසින් දවස පිරිහෙමින් යන හින්දා දැන් ආණ්ඩුවේ ලොක්කෝ වියරු වැටිලා ඉන්නේ. තියෙනවාටත් වඩා ලොකු මර්දනයක් ඉදිරියේ දී ක‍්‍රියාත්මක වෙයි, ජොන්ස්ටන් කීවේය.

ඒක නම් ඇත්ත. ආණ්ඩුවට දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ, සනත් පැවසීය. මර්දනයෙන් අපිව බය කරන්න හදනවා නම් ආණ්ඩුවට වැරැදිලා. අපි මර්දනයට බය මිනිස්සු නෙමෙයි, ප‍්‍රසන්න කීවේය. ඒ කතාව නම් හරියටම හරි. මර්දනයට බය නම් අද අපිත් ඉන්න  ඕනේ ආණ්ඩුවේ ඇමැතිලා වෙලා. මහින්ද මහත්තයා වටේ ඉන්නේ මර්දනයට තර්ජනයට බය පිරිසක් නෙමෙයි, කංචන පැවසීය.

‘‘එක්සත් ජාතික පක්ෂයේ මර්දනය ගැන අපි තරම් හොඳට දන්න අය නැහැ. එදා අපි බිල්ලෝ ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. භීෂණ කාලේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ අපිට බිල්ලෝ පෙන්නුවා. අපි සුදු වෑන් ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. හැබැයි මේ යහපාලන ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න සුදු වෑනුත් අපි දැක්කා, ප‍්‍රසන්න කීවේ සිනාසෙමිනි.

මහින්ද මහත්තයට එල්ල කරපු චෝදනා සේරම අද යහ පාලන ආණ්ඩුවටම පාරාවළල්ලක් වෙලා, රණවීර පැවසීය. තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ, ප‍්‍රසන්න කීවේය. මේ රැස්වීම්වලට එනවා කියලා අපිටත් විනය පරීක්ෂණ තියයිද දන්නේ නැහැ, සනත් ඇසුවේය. සමහර මහලේකම්ලා හිතාගෙන ඉන්නේ විනය පරීක්ෂණ තියලා සේරම විසඳන්න පුළුවන්. එහෙම නම් මුලින්ම විනය පරීක්ෂණ තියන්න  ඕනේ පක්ෂේ සභාපතිවරයාට විරුද්ධව. එයා තමයි එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයටයි, මැයි දිනයටයි ගිය එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා, ප‍්‍රසන්න පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම 25 වැනි දා පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදීය.

ඒ මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. හම්බන්තොට වරාය විකිධෑම, ඛනිජ තෙල් සංස්ථාවේ ආරම්භ කර ඇති වර්ජනය ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම රැස්වීමට පැමිණි මහින්ද ඊට පෙර දිනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී ප‍්‍රසන්න පිළිතුරු දුන් ආකාරය ගැනය ප‍්‍රසංසා කළේය. එහිදී ප‍්‍රසන්න කියා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පංච මහා බලවේගය පෙරටු කොටගත් පක්ෂයක්, අද එම පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේම පංච මහා බලවේගයටම පාරට බහින්නට සිදුව ඇති  බවත්ය.

ඔයා පංච මහා බලවේගය ගැන කියපු එක හරියටම හරි, ඇත්තටම දැන් ඒක තමයි වෙලා තියෙන්නේ, මහින්ද පැවසීය.

17 2017 ජූලි මස 28 වැනිදා සිකුරාදා රවීජංජාලයක  මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක්මහජන සභාව නමින් නව සිවිල් සංවිධානයක් පිහිටුවා තිබේ. කොළඹ නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේදී ඉකුත් ජුනි මස 01 වැනි දින එම සංවිධානය ස්ථාපිත කර තිබේ. සභාපතිවරයා ලෙස උලපනේ සුමංගල හිමියෝ ද ලේකම්වරයා ලෙස ජනිත් විපුලගුණ නව සංවිධානයට පත්ව සිටිති. නව සංවිධානයේ ක‍්‍රියාකාරීන් සඳහන් කරනුයේ කරුණු ගණනාවක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මහජන සභාව ස්ථාපිත කළ බවය.

සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය එන්න එන්නම දුර්වල වෙනවා. ඒ නිසා රටට නව සංවිධානයක් අවශ්‍යයි. තමන් දේශපාලනයෙන් තොරව ආණ්ඩුවලට බලපෑම් කරනවා යැයි ද ඔවුහු කියති.

‘‘ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්ගෙන් බැහැර වූ විනය ගරුක පාලනයක්, මතින් තොර සාමකාමී සමාජයක්, මාදුළුවාවේ සෝභිත හිමියන් පැතු මාවත ඉදිරියට ගෙන යාම, වර්ගවාදී භාවිතයන් පිටුදැකීම පාරිසරික සංරක්‍ෂණය, දුෂණයෙන් වංචාවෙන් තොර හා විනිවිද භාවයෙන් යුතු පාලනයක් වෙනුවෙන් හඬ නැගීම නව ව්‍යාපාරයේ අරමුණ බවද සංවිධාකයෝ පවසති’’ පොරොන්දු කඩකරන පාලකයන් නිවැරැදි කරවා ගැනීම පාලකයන්ට නව යෝජනා ඉදිරිපත් කිරීම සමාජ සංවර්ධනයට ඍජුව හෝ වක‍්‍රව දායකවීම නව සංවිධානයේ තවත් අපේක්‍ෂා බවද ඔවුහු කියති.

නව සංවිධානය මේ වනවිට උතුරු නැගෙනහිර ඇතුළු සියලූ දිස්ත‍්‍රික්කවලම කමිටු පිහිටුවා තිබේ. මහාචාර්ය ජිනසේන කටුපොත, ලැසිල් ද සිල්වා, සුනන්ද දේශප‍්‍රිය, ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු පිරිසක් නව සංවිධානයේ කටයුතු කරති. මහින්දගේ රහස් සාකච්ඡාව

 

 

(කස්තුරි)



අදහස් (9)

රවී ජංජාලයක

chris Friday, 28 July 2017 10:50 PM

මේ ඉන්නෙත් අර මම කියන රට කන ලිස්ට් එකේ උඩින්ම ඉන්න මහා හොරෙක් .අබ සරනය් ශ්‍රී ලංකා

:       0       109

raveendraSaturday, 29 July 2017 06:51 AM

හා හා මොනවද ඔය කියවන්නේ? මේ ඉන්නේ ලෝකේ හොඳම හොර මුදල් ඇමතිතුමා. මෙවන් ඇමැතියෝ මොන තරම් රටට වාසනාවක්ද?

:       0       104

sriya Saturday, 29 July 2017 02:53 PM

මහජනතාවගේ බදු ගසනවා මදිවට මහබැංකුවත් ඉවරයි. පුදුමේ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතිව සුදනා වගේ කතා කරන්නේ. මෙහෙම ගියොත් මේ රටට මොනවා වේවිද?

:       0       125

Lal Sunday, 30 July 2017 05:32 AM

හොරකම් කළ අය ගැන නම් ඉතින් කවුරුත් දන්නවා...

:       0       7

sarath Sunday, 30 July 2017 06:54 AM

මේ අයට දැන් වස් කවි කියලා පොල් ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. රටම විනාශ කරලා දරු පවුල් විතරක් සුර ලෝක වල තියන්න හදන අය කොහොම හරි යවන්න ඕනේ.

:       12       9

kumar (galf) Sunday, 30 July 2017 09:47 AM

මේ නම් හොරකම් කරපු කෙනෙක්ම තමයි. ඒකෙ කතා දෙකක් නැහැ.

:       0       68

SAHAN NILANKA EDIRIWEERA Sunday, 30 July 2017 10:52 AM

ඒත් මේ වගේ අය පක්ෂයට සාපයක් වෙලයි තියෙන්නේ... එකපාරක් සතොසට කරපු දේ දන්නවනේ...

:       0       62

de silva berlin Sunday, 30 July 2017 12:35 PM

කරපු වංචාවට මෙපමණ සාක්ෂි තිබියදීත්, එජාපෙ වැඩි හරියක්ම මෙයට විරුද්ධව කථාකරන මොහොතක මොහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්න ඒකාබද්ධ විපක්ෂය ප්‍රමාද මොකද? ඒ ගොල්ලත් එක්ක යටින් ඩීල් එකකවත් තිබෙනවද?

:       133       82

de silva Sunday, 30 July 2017 09:42 PM

කොපමණ සාක්ෂි තිබුනත් පක්ෂ විපක්ෂ අනිත් හොරුන්ගේ සහයෙන් මේ හොර මේපාරත් කිසිම කරදරයකින් තොරව මේ ප්‍රශ්නෙන් නිදහස් වෙනවා , පාර්ලිමේන්තුව කියන්නේ හොර ගුහාවක් , නිකන් කල්පනා කරලා බලන්න ඔබ දන්නා මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ අයගේ වත්කම් , සහ ඔවුන් ලබන මාසික වේතනය ? පුරවැසියන් ජිවත්වෙන්නේ ඉතා අමාරුවෙන් , ලෙඩට දුකට බෙහෙතක් ගන්න යන ට්‍රිරෝධ රථයටත් ඉතා ඉහල තීරු බදු ගහල , දේශපාලකයෝ යන්නේ V8 වල V8 කියන්නේ සිලින්ඩර් 8 ඇති ප්‍රභල එන්ජිමක් සහිත සුකොප භෝගී වාහන , තත්වය ඉතා කනගාටුය , දැන් නම් හිතෙනවා එදා සුද්ද අපට නිදහස නොදී රට පාලනය කලානම් හොඳය කියා , සුද්ද 1996 වෙනකම් පාලනය කල හොන්කොන් රටත් අපේ රටත් කරුණාකර සන්සන්ධනය කර බලන්න

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1877 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3509 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1547 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4652 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1233 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 442 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site