(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට එරෙහි සියලූම දේශපාලන බලවේග එක්කාසු කරගනිමින් ලැබෙන පළමු අවස්ථාවේදීම වත්මන් ආණ්ඩුව වෙනස් කිරිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලූම දේශපාලන බලවේගයන් සමඟ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.
මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණු ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ දී ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය 16 කණ්ඩායම අද (22) සිදුකළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙසේද කීවේය.
‘‘රජයෙන් ඉවත් වෙච්ච මැති ඇමැතිවරුන් කණ්ඩායම විවිධ දේශපාලන පක්ෂ මුණ ගැසීමේ වැඩපිළිවෙළ යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එම පක්ෂයේ පිරිස මුණ ගැසුණා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායම සමඟ ඒකාබද්ධ වෙලා කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි එහිදී සාකච්ඡා කළා.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා පුළුල් සංවිධානයකට යාමට අවශ්‍ය පියවර ගන්නේ කොහොමද කියලා අපි මේ සාකච්ඡාවේදී තිරණය කර ගත්තා. මැතිවරණයක් පැවැත්වෙන දිනය පිලිබඳ අපිට දැන්ම කියන්න බැහැ. නමුත් ලැබෙන ප‍්‍රථම අවස්ථාවකදීම මෙම ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන ස්ථාවරයක අපි සියලූ දෙනාම ඉන්නවා.
රජය මොන වගේ තීරණ ගත්තත් ජනතාව ඉතාම දැඩි කළ කිරිමකයි ඉන්නේ. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න විසදීම සඳහා කොහොමද කටයුතු කරන්නේ කියලාත් අපි සාකච්ඡා කළා.
දේශපාලන පක්ෂ අතර ප‍්‍රතිපත්තිමය වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ඉක්මණින් වෙනස් කරන්නේ කොහොමද කියන එක ගැන අපි අතර පොදු එකඟත්වයක් තියෙනවා. ඒ සඳහා ඒකරාශි කරගන්න පුළුවන් සියලූ බලවේග ඒකරාශී කර ගත යුතුයි. ඒ සඳහා සියලූ සහයෝගය ලබා දෙන්න අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘ලැබෙන පළමු අවස්ථාවෙන්ම ආණ්ඩුව වෙනස් කිරිමට කටයුතු කරනවා’
Saththaya Saturday, 23 June 2018 01:37 AM
හරියට හරි... එතකොට තමයි හොර, මැරයින් ටික වහගන්න පුළුවන්.... ඉක්මන් කරන්න.
d.upul Saturday, 23 June 2018 05:06 AM
එලවන තුරුම හිටියේ මේක කියන්නද?
Shan Saturday, 23 June 2018 06:40 AM
ඔව් දැන් අර පැට්‍රෝලියම් එකේ ඉන්න කාලේ කාපු ජරාව මතක් වෙලා ඉන්න බැරුව ඇති නේද?
rohana Saturday, 23 June 2018 03:26 PM
අනේ යන්න මහත්තයෝ!!! බයිලා කියන්නේ නැතුව...
saliya Saturday, 23 June 2018 04:57 PM
ආණ්ඩු වෙනස් වෙනවා. හැබැයි කිසිම ආණ්ඩුවකට දෙපත් නයි එක්ක පවතින්න බැහැ. විශ්‍රාම අරන්, ඊ ළඟ ආණ්ඩුවටවත් වැඩක් කරන්න දෙන්න.
ranjith Saturday, 23 June 2018 10:26 PM
ආණ්ඩු වෙනස් කරන්න රටට හොද ඉදිරි සැලැස්මක් මත කළ යුතුය නැතුව නැවත තවත් හොර තක්කඩි රැලකට රට අරන් රට කනවට වඩා
ranjith Saturday, 23 June 2018 10:29 PM
නැවත මේ රටේ තමන්ගේ සල්ලි වලින් දේශපාලනේ කරලා රට හදන්න උස්සහ කරන්න පුළුවන් මහත්ම දෙශපලකයන් බිහිවෙනවා නම් හොදියි නැතුව මහජන මුල්ම කන්න බලාගෙන එන සීයට සීයක්ම ඉන්න මේ කාලේ රට හදන්නේ කොහොමද