IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘

(*** නාලක සංජීව දහනායක සහ *** සූරියවැව - දිලිප් ජයසේකර)

ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට තම රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් වරදක් කර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට පසුබට නොවන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, සෙවනගල ප්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට එක්වෙමින් හෙතම මේ බව පෙරේදා (19) සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේද පැවසීය

මොනරාගල කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. වන වගාව විතරක් සියට 50 වැඩියි නිල්ගල රක්ෂිතය පිහිටා තිබෙන්නේ මොනරාගලයි. අපේ ජනතාවගෙන් සියයට 75ක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය මඟින්. මොනරාගලට පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ කාලයේ උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒත් කට්ටිය කිව්වේ මැදමුලනට වතුර ගෙනියන්න උමාඔය ව්‍යාපෘතිය කරනවා කියලා.

ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙන්න ප්‍රධාන හේතුවක් ලෙස පිරිසිදු පානීය ජලය නොමැතිකම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පිරිසිදු පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. අපි කටයුතු කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිවයි.

සෙවණගල කිව්වම අපිට මතක් වෙනේනේ උක් වගාව. මේ වනවිට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ උක් ටොන් 1200ක් ඇඹරීමකට ලක්කර සීනි නිෂ්පාදනය කරනවා. වහාම දෙවැනි පියවර ගැනීම අපේ වගකීමක්. උක් ටොන් 2400ක් ඇඹරීමේ පහසුකම් සහිතව සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදියට ගොඩනගනවා. අපි දේශීය කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙනවා. පිටරටින් හැම දෙයක්ම ගේනකල් බලන් ඉන්න බැහැ. හම්බන්තොට ලුණූ තියාගෙන ඉන්දියාවෙන් ලුණු ගේනවා. මේවා වෙනස් විය යුතුයි. හැම දෙයක්ම පිටරටින් ගේනකල් බලන් හිටපු යුගය අවසන් කරන්න ඕනෑ.

මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි අපේ ආර්ථිකය ගොඩනඟලා, ඒක පුද්ගල ආදායම වැඩිකළා. ජනතාව අතේ මුදල් ගැවසෙන්න පටන් ගත්තා. අලුත් මධ්‍යම පන්තියක් බිහිවුණා. අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපොළක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණූවා. ගුවන්තොටුපොළ බේරගන්න පුළුවන් වූණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වූණූ ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමැති කෙනෙකුට පණ තිබුණේ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න. ඒ වුණාට කිසිදෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස දැන් කියනවා. අපි මේ රටේ දේපළ කිසිකෙනකුට විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඒ දේපළ ඔබට, ඔබේ දරුවාට සහ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් රැකගන්න ඕනෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා මට ආරාධනා කරනවා කියලා පත්තරේ තිබුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු අය බණ්ඩාරනායක මහත්තයා, ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් පක්ෂය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරලා, පක්ෂය ශක්තිමත් කරලා, පක්ෂය බලයට ගේන්නත් අපිට හැකි වුණා.

2015 ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි නෙළුම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා, ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ. අපිට දැන් පක්ෂයක් තියෙනවා. දැන් ඒ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.

මෛත්‍රීපාල සිරිසෙන මහතා මට කතා කරලා අගමැතිකම දුන්නා. ඊට කලින් ආසන 54ක් තිබුණත්, අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. ආසන දහසයක් තිබුණු දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායකකම දීලා ආසන හයක් තිබුණු ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අපිත් උපක්‍රම පාවිච්චියට ගත්තා. අගමැතිකම භාර අරගෙන දවස් 51ට පස්සේ අගමැතිකමෙන් ඉවත්වෙලා විපක්ෂ නායකකම ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා. අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හරි පවත්වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.

අද අපි නැවත එකතුවෙලා පෙරමුණකට ඇවිත් ඉන්නවා. ඡන්දෙ දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා. වසර පනස් ගණනක දේශපාලන ඉතිහාසයක් තිබෙන මම උපදේශයක් විදියට ඔබට කියනවා මනාප පොරයකට යන්න එපා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ප්‍රේමදාස පිල සහ රනිල් පිල කියලා බෙදුණු ඒ දෙගොල්ලෝ සූදානම් වෙන්නේ සිරිකොත අල්ලන්න. මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඡන්දේ දෙන්න ඕනේ සිරිකොත අල්ලන එකටද ඒක ඉඩම් නඩුවක් දාලා බේරගන්න පුළුවන්. පහුගිය දවස්වල මම රට වටේම ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මාත් එක්ක කියන්නේ ඒ අයට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැ කියලයි. එක්සත් ජාතික පක්ෂය රට අල්ලන්න සූදානමක් නැහැ. පක්ෂය අල්ලන්න විතරයි සූදානම්.

අද එජාප පාක්ෂිකයනුත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හොඳයි. පැහැදිලියි. ශක්තිමත් කියලා. ඒ අය සියලු දෙනා එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් මේ මැතිවරණයේදී ලබාගැනීමට අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න. රටට ගැළපෙන, දේශයට ගැළපෙන, ඒකීයභාවය සුරකින නව ව්‍යවස්ථාවක් ගෙන්න අපි සූදානම්.

ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.

ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ, පද්ම උදයශාන්ත, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුද, සුමේධා ජී. ජයසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3231 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site