(නාලක සංජීව දහනායක)
එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය නැවත ස්ථාපිත කළ යුතු බවට ප‍්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය අමාත්‍යධූරයෙන් පමණක් නොව තම මන්ත‍්‍රීධූරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය මේවනතුරුත් තම ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන නොමැති බැවින් ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (5) පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම තාවකාලික පියවරක්. මීටකලිනුත් යම් යම් ප‍්‍රශ්න මත තිලක් මාරපන, රවී කරුණානායක මහත්වරුන් අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වුණා. විජයදාස රාජපක්‍ෂ මහතා ඇමතිකමින් ඉවත් කළා. නමුත් කෙටිකාලයකින්ම තිලක් මාරපන හා විජයදාස රාජපක්‍ෂ මහත්වරුන්ට අමාත්‍යධූර ලැබුණා.ඒ නිසා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇමතිකමින් ඉල්ලා අස්වීම ප‍්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. මේ බරපතල ප‍්‍රකාශය ඇය මේවනතුරුත් ඉල්ලා අස්කරගෙන නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ඇය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (5) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘විජයකලා මන්ත්‍රීධුරයෙනුත් ඉවත් විය යුතුයි‘
Bamunuarachchi Friday, 06 July 2018 05:10 PM
තම අදහස නිර්භයව ප්‍රකාශ කල නිසාද? ඒ ගැන සතුටුවන්න.
Bamunuarachchi Friday, 06 July 2018 05:18 PM
විජයකලා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුනාම ඔවුන් දරන අදහස්වලිනුත් ඉවත් වෙනවාද. කලයුත්තේ ඔවුන්ගේ ඒ අදහසට හේතුවූ කරුණු සොයාබලා ඒවා ඉවත්කිරීමයි නේද? විජයකලා ගෙන් එලියට ආවේ එම ජාතියේ අදහසයි. ඒ බව තේරුම්ගෙන කටයුතු කරන්න