(නිමල කොඩිතුවක්කු)
උතුරු නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් කළහකාරි අයුරින් හැසිරීමෙන් වළකින ලෙසට තමන් සියලූම ජාතීන්ගෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.
ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විසින් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවද ඔහු කියා සිටියේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අද (5) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙසේද කීවේය.
‘‘උතුරේ ජනතාවට සැනසිල්ලේ ජීවත්වීමට යළිත් වරක් කොටි සංවිධානය කරලියට පැමිණිය යුතුයි යනුයෙන් විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය සාහසික ප‍්‍රකාශයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූම ජනතාව මෙම කතාව පදනම් කරගෙන කෝප වෙන්න ප‍්‍රතික‍්‍රියා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
මේ රටේ සෙසු ජන කොටස් ප‍්‍රකෝප කරලා ජාතිවාදි තත්වයක් ඇති කරන එක තමයි ඇයගේ උත්සාහය වී තිබෙන්නේ. මෙම උත්සාහයම තමයි ජාත්‍යන්තරයේ ඉන්න ඊලාම් වාදින්ටත් තියෙන්නේ. මේ උත්සාහයම තමයි සිවාජලිංගම් කරන්නේත්.
මෙයට වඩා ටිකක් දැනුම හා උගත්කම තියෙන අය ජාතිවාදීව කටයුතු කරන උතුරේ ඇතැම් නායකයන් මේ ව්‍යවස්තාව උල්ලංඝණය නොවන පරිදි ජාතිවාදය අවුලන්නට අදත් කටයුතු කරනවා. සමහරු නීතීඥ වාත්තීයේ කෙල පැමිණි උදවියයි.
යළිත් වරක් රටතුළ කළබලකාරි තත්වයක් නිර්මාණය කරලා ඒ තුළින් එල්. ටී. ටී. ඊ යට පන දීම මේ සියලූ දෙනාගේ උත්සාහය වී තිබෙනවා. ජාත්‍යන්තරයේ සිටින කොටි සංවිධානයේ ප‍්‍රබලයින් පිටුපසින් සිට මොවුන්ව ක‍්‍රියාත්මක කරනවා.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විජයකලාගේ ප්‍රකාශය ගැන කළහකාරි හැසිරිම් වලින් වළකින්නැයි ඉල්ලයි