(විනීතා එම් ගමගේ)
වත්මන් ජනාධිපතිවරයා රට පළමු තැනට තබා කටයුතු කරන රටට ආදරය ඇති නායකයෙකු බව එක්සත් ජාතින්ගේ මහ සමුළුව ඉදිරියේ මව් බසින් කළ කතාවෙන් යළිත් වරක් ඔප්පු කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ස්වාධීන රටක් ලෙස සංහිදියා ගමන් මගේ ඉදිරියට යන්නට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ තිබිය යුතු බව ද බලපෑම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බව ද ජනාධිපතිවරයා එම සම්මේලනය ඉදිරියේ කියා සිටියේ නිර්භීත නායකයෙක් ලෙස යැයි ද සමරසිංහ මහතා කීය.
වීරෝධාර රණවිරුවන් සිහි කරමින් එහිදී ඔවුන්ටද උත්තමාචාර දක්වමින් තම දේශනය කළ ජනාධිපතිවරයා එහි දී පෞද්ගලිකව ලකුණු දමා ගැනීමකින් තොරව රට වෙනුවෙන් පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ යැයි ද පැවැසීය.
රට පාවාදුන් නායකයෙකැයි ද ජිනීවා හි සම්මත වූ යෝජනාවට ඔහු වගකිව යුතු යැයි ද ඉකුත් වසර තුන හමාරේ දී නිතර නිතර ජනාධිපතිවරයාට නැගුණු චෝදනාව මේ කතාවත් සමඟ නිසි පිළිතුරක් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අපි මානව හිමිකම් සුරකින රටක් බව ලොව ඕනෑම තැනක දී කිව හැකි යැයි කී සමරසිංහ මහතා 19 වන සංශෝධනය ගෙන එන්නට එතුමන් මැදිහත් නොවුයේ නම් මෙවන් රටක් ඇති නොවනු ඇතැයි ද කීය.
සංහිදියාව ස්ථාපිත කළ යුතු අතුරේ පමණක් නොව දකුණේ ද සංහිදියාව ඇති කළ යුතු යැයි ජනාධිපතිවරයා සිය දේශනයේ දී පෙන්වා දුන් බව පැවසූ අමාත්‍යවරයා රටත් ජනතාවත් වෙනුවෙන් එක්සත් ජාතින් ගේ සම්මේලනය ඉදිරියේ දී ඔහු සාධාරණය ඉටුකළේයැයි ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ සම්මේලනය ඉදිරියේ කළ දේශනය ඓතිහාසික කථාවක් ලෙස තමන් දකින්නේ යැයි පැවසු සමරසිංහ මහතා එහි දී කී ලෙසම කටයුතු කරන්නට ජනාධිපතිතුමන් සුදානම් බව ද පැවසීය.
මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (26) පැවති පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘වත්මන් ජනපති රටට ආදරේ ඇති නායකයෙක්‘
rohana Thursday, 27 September 2018 02:14 AM
අනිවාර්යෙන්ම සිරිසේන මහතා රටට ආදරේ කරන කරපු කෙනෙක්. මෙතුමා කාලෙකින් අපිට ලැබුන ශ්‍රේෂ්ට නායකයෙක්.
Bamunuarachchi Friday, 28 September 2018 01:33 AM
එක ඔබතුමා කියලා වැඩක් නැත. රටේ ජනතාවයි කියන්න ඕනේ නැතිනම් පිළිගන්න ඕනේ.
Saththaya Friday, 28 September 2018 03:21 AM
ඇයි මෙතෙක් කල් බිහිවුන මේ රටේ එකම නායක තුමා , පක්ෂ පාට නොබලා රටට සේවය කරපු. ඒ නිසා තමයි රට දියුණු වුනේ.
Bamunuarachchi Saturday, 29 September 2018 06:06 AM
ඉස්කෝලේ යනකාලේ නම් අපි ඕවට කීවේ බෝලේ මිරිකනවා කියලා. ඒ අවුරුදු 60කට ඉස්සෙල්ලා... දැන් මොනවා කියනවද දන්නේ නැහැ.
RaveendraSunday, 30 September 2018 05:51 PM
දැන් කියන්නේ " ගොට්ට අල්ලනවා " කියලා.. එහෙමත් නැත්නම් වසුරුත් සුවඳයි කියන එක...