IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නයි වෙල්ගමත් ඉල්ලයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ඉන්දියාවේ ජනාධිපති ධුරයට සමාන ජනාධිපති ක්‍රමයක් ලංකාවේ ඇතිකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටියේය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟතාවය පලකර ඇති බැවින් එය සිදුකරන ලෙස  තමා ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීවේයය.

‘විධායක ජනාධිපතික්‍රමයට විරුද්ධවයි අපි මුල ඉඳන්ම කතා කළේ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන මතයේ මමත් ඉන්නවා. ඉන්දියාවේ ජනාධිපති ක්‍රමයට සමාන ජනාධිපති කෙනෙක් අපිටත් පත්කරග්නන පුළුවන්. වත්මන් ජනාධිපතිතුමාත් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. මම එදත් අදත් හෙටත් විධායක ජනාධිපතික්‍රමයට විරුද්ධයි.‘

ව්‍යවස්ථා සභාව අද  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා එසේ කීවේය.



අදහස් (34)

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නයි වෙල්ගමත් ඉල්ලයි

bamunuarachchi Wednesday, 08 November 2017 01:10 PM

වෙල්ගම මහතා ඉන්දියාවේ ජනාධිපති ධුරයට සමාන බලතල නැති ජනාධිපති ක්‍රමයක් ලංකාවේ ඇතිකරන කියන්නේ ඇයි? වැඩකට නැති පඹයෙක් තියාගෙන කෝටිගණන් වියදම් කරන්න හදන්නේ ඇයි? දැනටමත් වෙලාතිබෙන දේ පෙන්නවා නේද? දෙමල්ලු මේ රටේ ඉන්න තුරාවට යුද්ද කිරීම සහ හමුදාව මෙහෙයවීමට අධි බලැති ජනාධිපති ක්‍රමයක් මේ ශ්‍රී ලංකාවට අවශ්‍යයි. ගොඨාභය වගේ අයට අධි බලතල දීල ඔය පුටුවේ තියන්න.

:       105       4721

ජයරත්න Wednesday, 08 November 2017 02:28 PM

හැම ජාතියකම මිනිස්සු එකතුවෙලා පත් කරන ජනපති කෙනෙක් හොඳයි. නැත්නම් සුළු ජාතීන්ට කිසිම ආරක්ෂාවක් නැහැ.

:       1043       47

වින්සන්ට් Wednesday, 08 November 2017 07:09 PM

බමුණු ආරච්චිටත් අතුරුදහන් වෙන්න උවමනාවක් තිබෙනවද? බොහෝ අය ඉතිහාසය අමතක කර අනාගතය ගැන කතා කිරීම පුදුම සහගතය.

:       705       46

bamunuarachchiFriday, 10 November 2017 03:25 AM

ඉතිහාසය මතක තිබෙන කෙනා. හලෝ මහක නැද්ද ඔහෙලා 2009 ට පෙර ගෙදර තුන්දෙනා කොළොඹ ආවේ බස්තුනකින් බව. ඒ ක්ලේමෝ බෝම්බෙට අතුරුදන් වෙවී කින බයට නේද? සිංහලයෝ කුහකයෝ තමයි එත් ඔතරම් කුහක වෙන්න එපා. පරබාකරන් යුද්දය පැරදුනාට සෑම දෙමලෙක්ම පරබාකරන්ට දෙවියන් සේ සලකනවා. මේ යුද්දය දිනන්න බැහැ කීව නිවටයින් සිටි රටේ යුද්දය දිනා දීපු මිනිසුන්ට සිංහලයා සලකන්නේ ඔහොමයි. සිංහලයිනේ තොපිට හරියාවිද.

:       2       140

bamunuarachchiFriday, 10 November 2017 03:28 AM

කොහෙවත් කෙනෙක් අතුරුදන් උනාට ඔහෙට තිබෙන අමාරුව මොකක්ද? මටනම් කිසිම අමාරුවක් නැත.

:       0       31

savanthSaturday, 11 November 2017 04:56 AM

බමුණුආරච්චි හරි. මම අනූගණන් වල කොටුවේ රැකියාව කරේ. වැඩට ආවම ගෙදර යනවද කියල දන්නේ නැහැ. අන්තිමට මහබැංකු බෝම්බෙන් මම කලින් රැකියාව කරපු තැනත් පිච්චිලා දුවිලි වුනා. කීප දෙනෙක්ම මැරුණා. අන්තිමට කොළඹ නොයා හිටියා. එහෙත් පිළියන්දලත් බැට කෑවා. මට හිතෙන්නේ වින්සන්ට්, රෝහණ, චානක වගේ උදවිය අපි එහෙම දුක් වින්දට බයේ ජීවත් වුණාට සතුටු මානසිකත්වයකින් ඉන්න අය වෙන්න ඇති කියලා.

:       25       30

ramaniSunday, 12 November 2017 06:21 AM

කවුද අනේ මේ කමෙන්ට් එකට (කොළඹ බෝම්බ පත්තු වෙලා මිනිස්සු දුක්විඳපු හැටි සඳහන් වෙන) ඩිස්ලයික් දාන්නේ. එක්කෝ රටින් එළියේ ජොලියේ හිටි අය එහෙම නැත්නම් පරණ කොටි රෑනක් හරි ඒ අයගෙන් සල්ලි ගන්න එන් ජී ඕ කාරයෝද? ඒ අයට තමයි මහ බැංකු බෝම්බෙත් වුනේ නැහැ කියන්න ඕන. රට ගැන කල්පනාවෙන් හිටි කවුරුත් දන්නවා මුළු රටම ඒ කාලේ කොටින්ට බයේ දුක් වින්ද හැටි.

:       0       1

raamanSaturday, 11 November 2017 04:59 AM

වින්සන්ට් මහත්තයෝ ඔයා 87-89 කාලයේ ඝාතකයෙක්වත්ද අනික් අයව අතුරුදහන් කරන්න අහන්නේ? අපිට ඉතිහාසය මතකයි.

:       0       17

සුපුන්Saturday, 11 November 2017 09:29 AM

ආ වින්සොන් සීයේ. කඩේ යනවා වගේ. ඒත් ඇයි මේ රෙද්දක්වත් නැතුව?

:       6       3

Chanak Los angeles Wednesday, 08 November 2017 09:37 PM

සුළු ජාතික ජනාධිපති කෙනෙක් පත්විය යුතුයි ..

:       614       55

bamunuarachchiThursday, 09 November 2017 08:08 AM

එහෙනම් අහිකුන්ටක කෙනෙක් තෝරාගමු නේද

:       116       582

GihanFriday, 10 November 2017 02:50 AM

ඔය සුළුය කියන ජාතීන් සුළු වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රමාණයෙන් විතරයි. සිංහලු ලෝකෙටම ඉන්නේ කෝටි 1.5යි. දෙමළ අය ඉන්නව කෝටි 10ක්. මුස්ලිම් උන් කෝටි 180ක්, ක්‍රිස්තියානි ජනතාව කෝටි 243ක්. සිංහල බෞද්ධයො කෝටි 1.5ද ලොකු?. හිතා ගන්න පුළුවන් නේද එල්ල වෙන ජාත්‍යන්තර බලපෑමේ ප්‍රමාණය.

:       0       33

Lal Thursday, 09 November 2017 02:24 PM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකල යුතුයි.

:       5       595

WASANJAYA Thursday, 09 November 2017 07:56 PM

මේ හදිස්සියේ වෙල්ගම උන්නේහෙට ඉන්දීය ගාය හැදිලා තියෙන්නේ මොකෝ ලොක්ක ලඟදි එපැත්තේ රවුමක් ගහල ආවට පස්සේ බළල්ලු ලවා කොස් ඇට බැවවීමක් ද

:       1       28

වින්සන්ට් Thursday, 09 November 2017 11:10 PM

නමින් "බමුණන්" වන අයද බොහෝ විට අහිකුන්ටකයන් වෙන අවස්ථා ඉහතින් දකින්නට ඇත. ප්‍රභාකරන් සාධාරණ කිරීමට මෝඩ බමුණන්ට පුළුවන.

:       133       2

rohana Friday, 10 November 2017 05:17 AM

බමුණුආරච්චි මහත්තයෝ යුද්දේ දිනුවේ එක්කෙනෙක් නිසා ලකුණු දා ගත්තේ තව කෙනෙක් . අන්තිමට යුද්ද වීරයා ජම්පර් එකක් දාගෙන හිරේ හිවල මගුල් ගෙදරක් ගත්ත මනමාලියෙක් නැතුව ඒවා මතක ?

:       87       18

priya Friday, 10 November 2017 07:51 AM

වෙල්ගමට ඕක කියන්න තිබුනේ එයාල බලයේ ඉන්නකොට. එතකොට කිසිම ප්‍රශ්නයක් නෙතිව එයාලගේ රජා එක කරන්න තිබ්බ. දැන් ඕව කියල පලක් නැහැ. ලොක්කා ඉන්දියාවේ ගිහින් ආවට පස්සේ බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න හදනවා වගෙයි මටනම් පෙනෙන්නයි.

:       0       10

bamunuarachchi Friday, 10 November 2017 09:54 AM

පක්ෂග්‍රාහි වන්න එපා... මම මේ ගොල්ලන්ට දෙන පිළිතුරු පල කරන්න...

:       0       15

වින්සන්ට් Friday, 10 November 2017 12:33 PM

බමුණුආරච්චි මහතාට හොඳටම තරහ ගිහින් වගේ. සමහර අයට තරහ ගියාම මුල සහ අග පටලවා ගෙන තමුන්ම ගුටිකන අවස්ථාද ඇත. ඉහත රෝහණ මහතාගේ ප්‍රකාශය බමුණු ආරච්චි මහතාට හොඳ පිළිතුරක් බව සළකන්න.

:       55       1

bamunuarachchi Friday, 10 November 2017 12:39 PM

රෝහණ මම ඔබට පිළිතුරු දුන්න මොකක් හෝ හේතුවකට ඒවා පලවෙන්නේ නැත.

:       0       2

bamunuarachchi Saturday, 11 November 2017 02:34 AM

රෝහණ මම ඔබට පිළිතුරු දුන්නා... ඒත් ඒවා පලකරන්න බයයි.

:       0       0

rahul Saturday, 11 November 2017 04:52 AM

වින්සන්ට් සහ රෝහණ වෙත. යුද්ධය දිනුවේ එක්කෙනෙක් නෙවෙයි. නාවික හමුදාව ඉතා විශාල කාර්යක් කරා කොටින්ගේ ආයුධ ජාලය කඩලා. එතකන් යුද්ධය දිනුවා බොරු. ඒ වගේම ගුවන් හමුදාවත් ඉතා විශාල කාර්යයක් කරා. ඒවා කපලා යුද්ධය දිනුවේ තනියෙන්ම කියලා නම දාගත්තේ එක්කෙනෙක් තමයි. එතුමා ජම්පරය ඇන්දේ අර ඩොලර් මිලයන ගණන ලැබුණු හැටි කියන්න බැරිවුණ නිසයි. අදත් එක ගන්න වලිකනවානේ. ඒ වගේම එතුමායි දැන් කියන්නේ යුද්ධයේදී හමුදාව අපරාධ කරා එයා ඒවාට වග කියන්නේ නැහැ කියලා. ඒ වගේම අන්තර්ජාතික විමර්ශනයකදී අපේ හමුදාවට විරුද්ධව සාක්ෂි දෙනවා කියන්නෙත් එයයි. ඒ නිසා දිනනකොට නම ගන්නේ කවුද කියලා දැන් හරියට හොයනවාද?

:       18       236

ananda Saturday, 11 November 2017 02:54 PM

යුද්දේ පැරදුණා නම් එ්කේ වගකීම ගන්න ඔය කියන අය ඉදිරිපත් වෙයිද? එහෙම වුණා නම් ඇත්ත දකින්න අමාරු අය බොරුව රජකරවන්න හදනවා. මෙයාලා ඉස්සර හිටිය නම් කියයි යුද්දේ දිනුවේ දුටුගැමුණු නෙමේ වේළුසුමන කියලා...

:       0       3

BamunuarachchiSunday, 12 November 2017 02:43 AM

ඔබ ඉගෙන ගෙන තිබෙන්නේ මොනවාද? ප්‍රයිවෙට් ගුරාලගෙන් ඉගෙන ගත්තාම ඔහොම තමයි. යුද්දයක් දිනුවාම හෝ පැරදුනාම වගකීම යන්නේ රටේ නායකයාටය. 2 වෙනි ලෝක යුද්දය දිනීම ගැන බ්‍රිතාන්‍ය පැත්තෙන් ලකුණු යන්නේ වින්සන් චර්චිල් අගමැතිට. ඔබ බ්‍රිතාන්‍ය පැත්තෙන් යුද්දය මෙහෙය වූ සෙන්පතියාගේ නමවත් දන්නවාද? ඔබ ඔය නමවත් අහලා නැහැ නේද? ඒ යුද්දය දිනීමේ හෝ පරදීමේ රටට වගකීම ඔහුට නැතිනිසා. මුළු උමග්ග ජාතකයම කියවෙන්නේ යුද්දයක් ගැනය. සමහරුන්ට එය නිකම්ම කතාවකි. අපට ඒකාලේ එය සාමාන්වි‍ය පෙළ විභාගයට සාහිත්‍ය පොතකි. ඒ පොතේ කියවෙන යුද්ද උපක්‍රම අද යුද්දවලට කොපමණ ගැලපේද, භාවිතාවෙන යුද්ද උපක්‍රම මොනවාද වගකීම් මොනවාද කියා කියාදුන් ඒ පණ්ඩිත ගුරු ස්වාමින් වසන්සේට, දැමුණුමැයෙ ඥානරතන හිමියන්ට, මම තවම නමසකාර කරමි. ඔබ වහන්සේ ලබන ආත්මෙත් අපේ ගුරුවරයෙක් වේවා. දැමුණුමැයෙ ඥානරතන හිමියන් මගේ ගුරුවරයෙක් කියා දැනගත් කෙනෙක් එම හිමිගෙන් ඉගෙනගන්න ඔබ වාසනාවන්තයෙක් කීව.

:       0       0

rahulSunday, 12 November 2017 06:16 AM

යුද්ධය පැරදුණානම් අද මොවුන් වගකීම ගන්නේ නැති බව ඔප්පු කළා... තමන් හමුදාපති කාලයේ යුධ අපරාධ වුණු බවත් ඒවාට තමන් වග කියන්නේ නැතිබවත් කියපු නිසා. ඒ නිසානේ හමුදාවට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයේ සාක්ෂි දෙනවා කිව්වේ.

:       0       1

nimal madawala Saturday, 11 November 2017 04:34 PM

බමුණු ඔබේ බමුණු ගති විදහා පන්න එපා.

:       0       4

BamunuarachchiSunday, 12 November 2017 03:24 AM

මහත්මයෝ අගමැති අනික් ඇමතියන්ට යටත්ය. ඇමතියන් අගමතිට යටත්ය. එක නේද මෙරටේ සිදුවන්නේ කියා අපේරටේ ඉන්න බුද්දිමත් පුරවැසියා දන්නේය. විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දුන්නෙත් ඇමතියන් කෝප් කමිටු වාර්තාවට පාද සටහන් යෙදුවෙත් ඔයකාරනාව නිසා බව අපි දනිමු. ජනාදිපතිට බලයක් නොතිබුනානම් බැංකු හොරකම සොයන්න කොමිසමක් පත්වේද? බලතල ඇති ජනාදිපතියෙක් අවංකව රටට ආදරේ ඇතිව ක්‍රීයා කරනවානම් අවස්ථා වාදී ඇමතියන්ට රට වල පල්ලට ගෙනයා නොහැක. මොකද ජනාදිපති ඇමතියන්ගෙන් යැපෙන්නේ නැති නිසා. නමුත් එය අගමැතිට කිරීමට නොහැකී ඒ අගමැති ඇමතියන්ගෙන් යැපෙන නිසා. එමනිසා ජනාධිපති බලතල එසේම තියන්න.

:       0       0

bamunuarachchiSunday, 12 November 2017 04:47 AM

බමුණු ගතිවලට අකමැතී අහිකුණ්ටක ගතිවලට කැමතී, ඕගොල්ලෝ කොහොමත් කුණුරසයට කැමතී එකනේ කරෝල මිල අඩුකලේ....

:       5       2

වින්සන්ට් Saturday, 11 November 2017 11:08 PM

සුපුන් බබා බේබිලත් එක්ක මොන්ටිසෝරි යන ගමන්ද? ගුරුතුමියගෙන් අකුරු ලියන විදියත් ඉක්මනට ඉගෙන ගන්න.

:       0       0

NimalSunday, 12 November 2017 11:34 AM

වින් සෝන් කියන්නේ නැතුව මහ සෝන් කියන්නද සීයේ...?

:       0       0

bamunuarachchi Sunday, 12 November 2017 02:52 AM

ජම්පර් කාරයාගේ කටේ නරිවාදම නිසා තමයි අපට ජාත්‍යන්තරයන් මෙතරම් ගැටළු එක මේ අයට පෙනේනේ නැත.

:       0       0

Bamunuarachchi Sunday, 12 November 2017 08:39 AM

අපේ අදහස් පල කරන්නේ මොන පදමනක ඉඳලද කියලා අපට කියන්න බැරිය. කාටහරි කෙලින්ම පහර වදිනවා නම් ඒවා පලකරන්නේ නැත. මේ වගේ පක්ෂග්‍රාහී අය අතුරුදන් කරනවට මගේ කිසිම විරුද්ධත්වයක් නැත.

:       9       0

කුමාර් (ගල්ෆ්) Sunday, 12 November 2017 11:10 AM

කුමාර වෙල්ගම නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න... රට සීසී කඩ යන එක නැවතී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි.

:       0       0

වින්සන්ට් Monday, 13 November 2017 10:47 AM

ඕනෑම කෙනෙකුට පිළිතුරු නැතිව යනකොට "සෝන් " වගේ වචන කියන්නටත් පුළුවන්. නිමල් මහතා කැමති නම් " මහ සෝන්" කිව්වත් ගැටළුවක් නැත. ඒ වගේම නිමල් මහතා කවදාවත් සීයා කෙනෙක් නොවීම ආඩම්බර විය හැකි කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2185 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site