(නිමල කොඩිතුවක්කු)
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වත්මන් පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත් වූ බවත් එම තත්වය ඉදිරියට ගෙන යන ලෙස තව මාස තුනකින් පත්වන නව කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසුරිය මහතා අද(30)පැවැසීය.
රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට විශාල වැඩ කොටසක් පාර්ලිමේන්තුවෙන් ඉටුවීම ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇති බවත් පැවසූ කතානායකවරයා වර්තමාන පාර්ලිමේන්තුව ගෙවී ගිය කාලය තුළ ඉටුකළ සේවය ගැන කතානායකවරයා ලෙස තමන්ට සතුටු විය හැකි බවත් සඳහන් කළේය.
කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැරමීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවයක් අමතමිනි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුබ සාධන හා විශේෂ ව්‍යාපෘති කාරක සභාව මෙම කටයුතු සංවිධානය කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසුරිය මහතා මෙසේද කීවේය.
“2015 සැප්තැම්බර් මස ආරම්භ වුණු ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව වන වර්තමාන පාර්ලිමේන්තුවෙන් ගෙවී ගිය කාලය තුළ රට සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කිරීමට අපට හැකි වුණා.
මේ කාලය තුළ පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ගොඩනැගීම, ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලිය බල ගැන්වීම, තොරතුරු දැනගැනීමේ පනත වැනි සිවිල් අයිතිවාසිකම් ශක්තිමත් කරන වැදගත් අණ පනත් සම්මත කිරීම, පාර්ලිමේන්තු කමිටු ක්‍රියාවලිය මෙන්ම ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පිහිටවීම, පාර්ලිමේන්තුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කිරීම වැනි කාර්ය භාර්ය රැසක් කිරීමට අපට හැකි වුණා.
නිදහස ලබන විට ලොව ශක්තිමත් ආර්ථිකයක් හිමිව සිටි ශ්‍රී ලංකාව වර්තමානයේදී පත්ව ඇති තත්වය පිළිබඳව අපට සතුටු විය නොහැකියි. මෙම තතත්වයට ප්‍රධානතම හේතුවක් වුයේ ජාති, ආගම් වශයෙන් ඇති වු අසමඟිය බව අපි සියලූදෙනාම පිළිගත යුතුයි.
වර්තමානයේ ලොව ජය කෙහෙළි නංවන අපේ විශිෂ්ට දරුවන් එම අතීත ශ්‍රී විභුතිය නැවන ගොඩ නගනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. ඒ නිසා මෙතැන් සිට අප ශ්‍රී ලාංකික දරුවන් වෙනුවට ලෝකය ජයගත හැකි දරුවන් බිහිකළ යුතුයි. ලෝකය ඉදිරියේ අපරාජිතව සිටිය හැකි විශිෂ්ටයන් අප සතුව සිටින බව මෑතකදී ලෝක අවධානය දීනාගත් නිර්මාණ බිහි කළ තරුණ දරුවන් ඔප්පු කර තිබෙනවා” යැයිද කථානායකවරයා එහිදී පැවැසීය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල, සහකාර මහලේකම්වරුන් වන කුෂානි සේනාධීර, ටිකිරි කේ. ජයතිලක, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වර්තමාන පාර්ලිමේන්තුව ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක්’
gamini Tuesday, 31 December 2019 03:20 AM
ආදර්ශමත් මොන අතින්ද? තක්කඩිකමින්නම් හරි.
tikira Tuesday, 31 December 2019 05:43 AM
ඇයි මිරිස් කුඩු ප්‍රහාර වලින් ඉස්තරම්ම පාර්ලිමේන්තුව ...............
Bamunuarachchi Wednesday, 01 January 2020 03:24 PM
"කාර්යමණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැරමීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවයක් අමතමිනි. "ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ අමතා ගන්නවා.. අපිට අදාළ නැත.
Bamunuarachchi Wednesday, 01 January 2020 03:26 PM
"...ගෙවී ගිය කාලය තුළ රට සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කිරීමට අපට හැකි වුණා." එ්කනේ ජනතාව ලක්ෂ 69 කින්ම සැලකුවේ... කාටද හලෝ ඕවා කියන්නේ?