හිරාන් ප්‍රියංකර ජයසිංහ
‘මගෙන් යම් වැරද්දක් වුණා. නමුත් කිසිම දවසක ඒ ගුරුවරිය කියලා නෑ නැවත ආනන්ද රවලාවත් බැලුවා කියලා. ඒකනේ විය යුත්තේ. වැරදි කරපු අය වැරදි හදාගෙන නැවත සමාජය ඉදිරියට එන්න ඕනෑ.‘ යැයි ආණමඩුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා පැවසිය.
ආනන්ද සරත් කුමාර මහතා මේ බව පැවසුවේ ඔහු පිළිගැනිම වෙනුවෙන් සංවිධානය කර තිබූ රැස්විමකට එක්වෙමිනි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටි අතර හිටපු කැබිනට් ඇමතිවරයකු වන මිල්රෝයි ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමතිවරයකු වන වික්ටර් ඇන්ටනී යන මහත්වරුන් හා 2000 කට ආසන්න ජනතාවක් පිළිගැනිමට එක්ව සිටියහ.
‘‘සංවිධායක තනතුර භාර අරන් සති දෙකක් බලන් හිටියා ඕනා කෙනෙකුට ඕනාම දෙයක් කියන්න මඩ ගහන්න ඉඩ දීලා. ඊට පස්සෙයි මම අද මේ පිළිගැනීමට එක්වුණේ . දිගට හරහට මඩ ගහන්න මම ඉඩ දීලා හිටියා. නමුත් වරදක් වුන පළියට එළව එළවා පහර දිම කුමන දෙයක් දැයි මට වැටහෙන්නේ නෑ.
කරපු වරද සමත මණ්ඩලෙන් බේරගන්න පුළුවන් තරමේ එකක්. නමුත් පොලිස් අත් අඩංගුවට අරං අධිකරණයට ඉදිරිපත් කරලා ඉන් පස්සේ මහ අධිකරණයට දාලා වරදකරු කරලා දඩ ගැහුවා . තවත් මොන දඬුවමක්ද? හැබැයි මම මට ජන්දේ දුන්න ජනතාවට ආචාර කරලා බොහෝම ගෞරව ලෙස මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වුණා.
දේශපාලනයට මම අමුත්තෙක් නොවේයි . කිසි කෙනෙකු ජන්දය ඉල්ලන් සුදානම් නැති කාලයක මම ජන්දෙට ආවේ . ඒ තරමට රටේ භීෂණය තිබුන කාලයක් . සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ඉඳලා තමයි ආණමඩුව සංවිධායක ධුරය ඉල්ලා සිටියේ. නමුත් ලැබුනේ නැහැ. මම පණ වාගේ ආදරය කරපු අදටත් ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයාත් දුන්නේ නැහැ. නමුත් මහ මැතිවර්ණයේදි මහින්ද මහත්තයාට වැඩ කරලා වේදිකාවල මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම හිතුවේ නැහැ කවදාවත් එතුමා අතින් මට ආණමඩුව සංවිධායක කම ලබා දෙයි කියලා.
ආණමඩුව ජනතාව හැමදාම ඉල්ලා සිටියේ ආණමඩුවේ එකෙක් .දැන් ජනතාවට ඒ සදහා අවස්ථාව තියෙනවා ජනතාව මා ගැන හොදින් දන්නවා . ‘‘
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වැරදිකරුවන් වැරදි හදාගෙන සමාජයට එන්න ඕනෑ
bamunuarachchi Sunday, 05 November 2017 11:44 PM
ඇයි ආණමඩුවේ වෙන සුදුසු අය නැද්ද?
Vijitha Monday, 06 November 2017 12:46 AM
අපිටත් මේ ගැන තේරෙන්නේ නැහැ. මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. එ්ත් කලේ හරිම අසීලාචාර වැඩක්. එහෙම අසීලාචාර කමක් කරපු කෙනෙකු තවත් ඒවගේ වැඩ නොකරයි කියල හිතන්න පුලුවන්ද?
Bamunuarachchi Tuesday, 07 November 2017 06:10 PM
මේවත් අපේ වැරදි... හදාගන්නම් ඡන්දේ නොදී....
Raveendra Friday, 10 November 2017 04:31 AM
හරකුන්ට ,අම්බරුවන්ට, මිහරකුන්ට වැනි අයට තම වටිනා ඡන්දය දෙන පුරවැසියන් සිටින ලෝකයේ එකම රට අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාව වේ.