IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපි දිනුම්

(විනීතා එම් ගමගේ) 
“අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුණත්
අපි දිනුම්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

“දැනට ඇති දූත ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමනාකරණය
කිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ.” යැයි ද ගුණවර්ධන මහතා කීය.

“ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම්, රටට අහිතකර දේ නතර කරනවානම්, හිතකාමී දේ කරනවා නම් තනතුරු භාර නොගත්තත් අපි සහය දෙනවා” යැයි ද හෙතෙම සඳහන් කළේය.

ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ ඊයේ (1) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ අඩංගු වෙනවා විශ්වාසභංග යෝජනාව. මහ දවල් මහ බැංකු මංකොල්ලය ගැන අගමැති විසින් පාර්ලිමේන්තුව නොමඟ
යැවූ ජාතික අපරාධය ගැන කියන විශ්වාසභංග යෝජනාව මේ වනවිට න්‍යාය පුස්තකයේ ඇතුළත් වෙනවා.
හතර වැනිදා හෘදය සාක්ෂියට එකඟව ජනතාව පැත්තේ හිටගෙන කිසිම මන්ත්‍රී කෙනකුට බැහැ මෙතනදී විරුද්ධ වෙන්න. රුපියල් බිලියන 2000ක් වැනි මුදලක් රටට අහිමිකරලා ජනතා පීඩනය වැඩි වෙලා, රැකියා
අහිමිවෙලා, රට තුළ අවුල් ජාලයක් ඇති වෙලා. ලංකාවේ ඉතිහාසයේ ඇතිවූ විශාලතම මුල්‍ය මංකොල්ලයට එරෙහි සියලු දෙනා මීට සහය දෙනවා.

ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව, ජනතා විමුක්ති පෙරමුණ, සුසිල්
ප්‍රේමජයන්ත ඇතුළු කැබිනට් ඇමතිවරුන් පිරිසක්, ලක්ෂ්මන් යාපා ඇතුළු කැබිනට් නොවන ඇමතිවරුන්
පිරිසක්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වනවිටත් නිල වශයෙන් එකඟවෙලා තිබෙනවා සහය දෙන්න. 

එජාපයේ අය ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියේ ද රහසිගතව ද ජනතාව පැත්තේ සිටගෙන ඉන්නවා. දැනට
ඇති දූත ලක්ෂණවල හැටියට හතරවනදා රාත්‍රියේ අපි ජයගන්නවා. පුනර්කථනයක් සඳහා කාලය වැඩියි. නමුත් පුරා වසර තුනක් රටේ කරගෙන ගිය ව්‍යාපාර, දේශීයත්වය වැනසූ, රට අරාජික කළ, අනාගතය විනාශ කරන පිරිසට පරාජය උරුම බව සහතිකයි.

විශ්වාසභංගයට සහය නොදී තමන්ට පාරෙ බැහැල යන්න බැරිවෙයි කියල මන්ත්‍රීවරු කියනවා. දැනට නොකියන අයත් හතරවැනිදාට ඡන්දය දෙද්දි කියාවි. හතර වෙනිදායින් පසු අපි විශ්වාසභංගය දිනුවත් දිනුම්
පැරදුණත් දිනුම් අලුත් බද්ද අනුව තැන්පත් මුදලේ වෙනසක් නැතිවම රුපියල් පන්දාහක් වුණත් ශත පන්දාහක් වුණත් සියයට පහක පොළියක් අයකරන එක ස්ථිරයි. මහින්ද රාජපක්ෂ යුගයේ බදු අය කළේ රුපියල් 60,000 ඉඳලයි. දැන් සියයට සියයක් පොලී ආදායම මත බදු අය කරනවා. දැන් සමාගම්වලට රඳවා ගැනීමේ බද්ද සියයට
10 සිට 14 දක්වා වැඩිකර තිබෙනවා. එහි දී පන්සල් පල්ලි කෝවිල්වලින් පවා තැන්පත් කර ඇති පුණ්‍ය අරමුදල්වලටත් බදු අය කරනවා. බදු අයකිරීම අවශ්‍යයි. අපේ කාලයේත් පොලී මත බදු අය කළා. නමුත් මේ
ක්‍රමය අසාධාරණයි. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරල තිබෙන මුදල්වලටත් බදු අයකරනවා.
මේ නව බදු ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා. ඉඩම් විකිධෑමේ දී හෝ වත්කම් විකිධෑමේ දී සියයට දහයක
බද්දක් අයකරනවා. මෙවැනි බද්දක් මෑත ඉතිහාසයේ තිබුණේ නැහැ. 1977 ට පෙර තිබුණා. නමුත් රොනී ද මැල් මුදල් අමාත්‍යවරයා එම බදු ඉවත් කළා.

මහින්ද රාජපක්ෂ යුගයේ දී කෘෂිකර්මය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සිනමාකරුවන්, ග්‍රන්ථ කර්තෘවරුන්,
නාට්‍යකරුවන් ආදීන්ට බදු සහන දුන්නා. මහින්ද රජයට ආයෝජකයින්ට බදු සහන දෙන්න වුණේ අවුරුදු තිහක
ත්‍රස්තවාදයෙන් බැට කාපු රටක ව්‍යාපාර කඩා වැටිල තිබුණ කාලයක් වුණ නිසා. උතුරු නැගෙනහිර ව්‍යාපාර අත ඇරල දාල තිබුණේ. වෙළෙඳපොළ හැකිළිලා තිබුණේ. නව ආයෝජන සිදුවුණේම නැහැ. යුද්ධයක් නිමා වුණාම ඕනම රටක පුද්ගලික අංශයට නැගිටින්න නිර්ලෝභීව බදු සහන දෙනවා. අවුරුදු දහයක්වත් ඒ උත්තේජනය නිසා බදු සහන දෙන්න කටයුතු කරනවා. ඒ අනුව 2010 සිට 2020 දක්වා බදු සහන දෙන්න කටයුතු කර තිබුණා. මුළුරටම අලුතින් වැඩබිම් බවට පත් වුණා. 2020 දක්වා නිර්මාණය වුණ වැඩ කොටසක් තිබුණා.

නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මේ යුද්ධ වගේ දේවල් ගැන කිසි අදහසක් නැහැ. ඒ ගැන කියා දෙන්න
දන්න මුදල් ඇමති කෙනෙකුත් නැහැ. රජය කියන්නේ සුරබිදෙනක්, ඉල්ලන දෙයක් දෙන්න පුළුවන් තැනක්
කියලයි හිතුවේ. යුද්ධයෙන් පසු රටක තිබිය යුතු දිරිගැන්වීම් ගැන කිසි අදහසක් නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ දිරිගැන්වීම් කරල බැනුම් ඇහුවා. මේ ආණ්ඩුව ආදායම් වැඩි කරන්න බදු අයකරනවා. බි්‍රතාන්‍ය යුගයේදී නම් මේ වගේ බදු අයකළා. ඇඟ බදු, බලු බදු වගේ ඒවා. එහෙම බදු අයකළාට ජනතාවට සෙතක් වන්නේ නැහැ. අද සිට බදු සහන ගැන තිබුණ නිදහස අහෝසියි. මම ඒ ගැන පොතක් ලියා තැබුවේ ඉතිහාසයට එකතු වෙන්නයි. නමුත් රජයට අවස්ථාව තිබෙනවා මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. මේ බදු ප්‍රතිපත්ති
වැරදියි කියා මේ වනවිට ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පිළිගෙන තිබෙනවා. ආර්ථික
කළමනාකරණය, දේශිය සම්පත් විජාතිකකරණය, කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොමැතිවීම වැනි කරුණු පුන පුනා කියා බැරිම තැන තමයි ආර්ථික කළමනාකරණ කමිටුව පවර ගත්තේ. මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යාංශයට දුන්නේ.

මේ බදු පනත හදල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි. ඒ බව පෙන්වමින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි වගේම තවත් පෙත්සම් දහයක් ඉදිරිපත්වී තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්තිවලට පටහැනි නිසා සංශෝධනය කරන්න කියා අධිකරණය නියෝග කළා. ඒ අනුව සංශෝධනය කරලත්මේ  වගේ තත්ත්වයක් තිබෙන්නේ. මේ නව බද්දත් උපයනවිට ගෙවීමේ බද්දත් දෙකම ගෙවන්න වෙනවද කියල මටත් පැහැදිලි නැහැ. මට නොවෙයි දේශිය ආදායම් කොමසාරිස්ටත් පැහැදිලි නැහැ. ඒ වගේම මේකෙ එක වගන්තියක් අනුව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති විදේශිකයන් මේ බදුවලින් නිදහස් වෙනවා.” යැයි ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේ කීය.

“මහ බැංකු මංකොල්ලයෙන් රටට අහිමි කරන ලද මුදල පියවා ගන්න ඒ බර ජනතාව මත දමමින් බදු අය කරන්න ආණ්ඩුව සූදානම්. රටට සිදුකළ මේ අපරාධයට පිළිතුරු දෙන්න හතරවැනිදා හැකියාව ලැබෙනවා.
මේ අපරාධයට විරුද්ධව ජාතික විරෝධතා දිනයක් පවත්වමු කියා අපි රටටම යෝජනා කරනවා. ඒ වගේම දැවැන්ත වැඩ වර්ජනයක් කරන්න දැනට යෝජනාවෙමින් පවතිනවා.

ආයෝජනය කරල බදුගෙවන්න, ඉඩමක් විකුණුවාම සියයට දහයක් ගෙවන්න සිද්ධ වෙනවා. මේක නිතිඥවරුන්ටත් ප්‍රශ්නයක් වෙලා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පවා තැන්පතුවලට බදු ගෙවන්න වෙලා.
විදේශවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මුදල් එවද්දිත් බදු ගෙවන්න වෙනවා. දැන් ඒ අය මුදල් ගෙවන එක
තබා ලංකාවට එන එකත් නවත්තයි. මැදපෙරදිග බැල මෙහෙවර කරල මුදල් එවන අයගේ මුදල්වලිනුත් මේ බදු
අයකිරීම කොයිතරම් සාධාරණ ද? ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලන්නේ මේ බදු පනත සහිත ගැසට් පත්‍රය වහා අහෝසි කරන්න කියලයි.” යැයිද ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.



අදහස් (3)

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපි දිනුම්

gunasena Monday, 02 April 2018 11:15 AM

මේ බද්දට තැන්පත්කරුවන් අකමැති බැවින් තම තමාගේ මුදල් බැංකුවලින් අයින්කර ගන්නාබව බැංකුවලට කීවොත් බැංකුවලට මොකද වෙන්නේ? බැංකු බංකොලොත් නේද?

:       3       14

damitha Monday, 02 April 2018 12:29 PM

පිටරට රස්සා කරන අයට බදු ගැසීම අසරණයි. එම සල්ලි ලංකාවේ බැංකුවල නොදා විදේශ බැංකුවල දැම්මොත් ලංකාවේ බැංකුවල විදේශ සංචිතවලට දෙයියන්ගේම පිහිටයි.

:       0       13

saththaya Thursday, 05 April 2018 12:28 AM

ඔහොම බලාගෙන ඉන්න හොදටම දිනයි. ජයවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4996 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1957 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 863 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site