( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට වඩා රට ගැන හිතන, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොබෙදෙන ආකාරයේ තීන්දුවක් ගැනීම සදහා සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද( 28 ) දහවල් දිවුලපිටියේදී පැවසීය.
අමරවීර මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 550 ක වියදමින් ඉදිකරනු ලැබු දිවුලපිටිය නව බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්තාවේදී අදහස් දක්වමිනි.
වැඩිදුර අදහස් දැක්වු අමරවීර මහතා මෙසේද කීය.
අද බොහෝ දෙනෙක් අහන්නේ විශ්වාස භංගෙකුත් එනවා. මොකක්ද වෙලා තියෙන්නේ කියලයි. අද මේ දවස්වල රටේ ව්‍යාකූල තත්ත්වයකුත් ඇති වෙලා. මැතිවරණයෙන් හා විශ්වාස භංගයෙන් පසුව රටේ පසුබෑමක් ඇතිවෙලා තියෙන බව අපිට පිළිගන්න වෙනවා. මෙහෙම දිගට යන්න පුළුවන් කමක් නැහැ.
අපි අද පක්ෂයක් විදියට මේ විශ්වාස භංගය පිළිඳව කුමන ආකාරයේ තීන්දුවක් ගන්නවාද කියා අපි සාකච්ඡා කරගෙන යනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදෙන තීන්දුවක් ගන්න අපි බලාපොරෙත්තු වෙන්නේ නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක තීන්දුවකට යන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒ පිළිබදව මතයක් සංධානයේ ලේකම්වරයා විදියට මම ඉදිරිපත් කරන එක වැරදියි.
පක්ෂය සාකච්ඡා කරලා රටට හොද තීන්දුවක් ජනතාවට බලාපොරොත්තුවෙන තීන්දුවක් අපි ගන්නයි බලාපොරෙත්තු වෙන්නේ. අපට පක්ෂයටද දේශපාලනයට වඩා රට ගැන හිතන්න අපිට යුතුකමක් තිබෙනවා. මේ රට ඉස්සරහට ගෙනයාමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව බොහෝ කල්පනා කරලා මේ තීන්දු ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන්නේ.
මේ තියෙන අස්ථාවරභාවය මේ තියෙන තත්ත්වය රටට එතරම් හිතකර වෙන්නේ නැහැ. අද තිබෙන තත්ත්වය තුළ ආයෝජන කරන්න ඉන්න අය පසුගාමී වෙනවා. ඒ වගේම රටේ ඉදිරි කටයුතුවලට බාධාවක් වෙනවා. මේ තත්ත්වය විසඳා හතර වැනිදායින් පස්සේ රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වෙන තීන්දු ගැනීමත් වැදගත් වෙනවා.
මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිතුමා හැම වෙලාවෙම කටයුතු කරන්නේ මේ රට මූලික කරගෙන කටයුතු කරන්නයි. රටට ආදරය කරන නායකයෙක් විදියට වංචාවට දූෂණයට විරුද්ධ නායකයෙක් විදියට අද මේ මුළු රටට මෙන්ම ලෝකයම පිළිගන්නවා.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර
Raveendra Wednesday, 28 March 2018 11:01 AM
මේයා හිතාගෙන ඉන්නේ විශ්වාසභංගය ද මොකක්ද ගෙන්න ඉස්සෙල්ල රට සුරපුරයක් වෙලා තිබුනවා වගේ ? මේ අපේ මහජන සේවකයෙක් නේද මෙසේ කියන්නේ ?
Saththaya Friday, 30 March 2018 07:18 AM
ඒකට වගකියන්න ඕන නායක තුමාව නොමග යැව්ව , ගිය ආණ්ඩුවේ ඉඳල දැන් මේ පැත්තට වෙලා සුර සැප විදින අය. ගිය වකවානුවෙත් මේ කට්ටිය කලේ මල්ල පුරෝ ගත්තු එක විතරය්. දැන් ලනු දුන්න ආණ්ඩු බලය අල්ලන්න . ඒක කාගේවත් කොන්ත්‍රාත් එකක්. පොදු අපේක්ෂකයාට චන්දය දුන් අය සහ බල පෙරළියට උදව් දුන් අය අනාත්යි රටත් අනාතය. ආණ්ඩු දෙකක් තියෙද්දී රට ව්‍යාකූල වෙන්නේ නැද්ද?