විනීතා එම් ගමගේ
විවිධ පක්ෂ හා කණ්ඩායම් තම ප්‍රකාශයක් ගැන දිගින් දිගටම විවේචනය කරන නමුත් තමන් කිසි සේත්ම සිල්වත් මහා සඟරුවනට අපහාස වන කිසිදු ප්‍රකාශයක් නොකළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
මේ ගැටුමට මුල සිල් රෙදි නඩුවේ වැරදිකරුවන් වෙනුවෙන් දඩ ගෙවීම සඳහා පිණ්ඩපාතයේ වඩින්නට මහා සංඝරත්නය තීරණය කිරීම යැයි කී ඒ මහතා වස් සමයේ පිඬු සිඟා වැඩීම දහමට අනුව වැරදි නොවේදැයි ප්‍රශ්න කළේය.
වස් කාලය නොවුනත් පි`ඩු සිඟා වැඩිය හැක්කේ ආහාර හා ඖෂධ පමණක් නොවේ දැයි හෙතෙම තව දුරටත් ප්‍රශ්න කළේය.
බුදු හිමියන්ගේ අනුගාමිකයකු වන තමන් කිසිසේත්ම මහා සංඝ රත්නයට අගෞරව නොකරන අතර සියලූ ප්‍රකාශ දුශ්ෂීල භික්ෂුන් අරභයා කළ බව ද ඔහු සඳහන් කළේය. හැම මොහොතකම පිරිසිදු බුදු දහම රැක ගැනීමට පෙනී සිටින තමන් එම ප්‍රකාශය කළේ ද ඒ සඳහාම බවත් බුදු හිමියන්ටත් මහා සංඝ රත්නයටත් පසඟ පිහිටුවා වඳින බවත් කීවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාදිවෙල පිහිටි ඔහුගේ නිල නිවාසයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වස් සමයේ පිඬුසිඟා වැඩීම හරිදැයි රංජන් ප්‍රශ්න කරයි
mahee Sunday, 17 September 2017 07:39 PM
රන්ජන්, ඔබ දරන අදහසම තමයි මැදිහත් ඕනෑම පුද්ගලයෙක් දරන්නේ. ඔබ ප්‍රකාශ කල දෙයින් මහා සංඝ රත්නයට කිසිම අපහාසයක් වුනේ නැති බව මධ්‍යස්තව හිතන ඕනෑම කෙනෙකුට තේරෙනවා.
siri Sunday, 17 September 2017 08:19 PM
"කිතුලට නැග්ගේ තණකොළ කපන්නලු"රන්ජන් බොලද තර්ක එපා.තමුන්ගේ කටට බ්රේක් නැතුවට ජනතාව අවදියෙන්.
kalinga Sunday, 17 September 2017 11:28 PM
දේශපාලනය කරන හාමුදුරුවරු කරන්න තියෙන තරම් පහත් වැඩකරලා බලාපොරොත්තු වෙන්නේ සිල්වත් හාමුදුරුවරුන්ට වගේ ගෞරවයක්. මෙය කවදාවත් බලෙන් ලබාගන්න බැහැ අපේ හාමුදුරුවනේ. පෘතග්ජන දේශපාලඥයාට වඩා කැතයිනේ සමහර හාමුදුරුවරු කතා කරන විධිය.
sadeepa Monday, 18 September 2017 12:18 AM
BMW තියෙන, සිවුරක්දාගෙන එයට නිගාදෙන විධියට හැසිරෙන හාමුදුරුවරු ලංකාවේ ඇත්තෙම නැද්ද? ඒඅයගැනයි මේ කියන්නේ.
tishan Monday, 18 September 2017 03:15 AM
පන්සලේ අලිපැටව් දාලා ගියයි කියපු චීවරධාරින් සිටින රටක් මේක...
de silva Monday, 18 September 2017 03:15 AM
හාමුදුරුවරු සහ අනෙකුත් පූජකවරු දේශපාලනයට සම්බන්ධ වීමේ සීමාවක් තිබිය යුතුය. දැන් එම සීමාව ඉක්මවාගොස් ඇත. රජකාලෙත් හාමුදුරුවරු රජවරුන්ට අවවාද අනුශාසනා කලත් අැමැතිවරු වශයෙන් රාජසභාවේ අසුන් ගැනීම කලේ නැත. දුටුගැමුණු රජසමයේ සිටි සමහර හාමුදුරුවරු යුද්ධයට ගියත් එහෙම කලේ සිවුර අතහැර ගිහි බවට පත්වීමෙන් පසුව මිසක් සිවුර දරමින් නොවේ. යුද්ධය ඉවරවුණාට පස්සේ ඔවුන් නැවත පැවිදි බවට පත්විය.
somadasa Monday, 18 September 2017 03:18 AM
දේශපාලනය කරන අය හදන්න කලින් නරකද සඟ සමාජය විනයක් ඇතිව හදාගත්තා නම් හාමුදුරුවනේ..
nirmal Monday, 18 September 2017 03:19 AM
පෘතග්ජන දේශපාලඥයාට වඩා හොඳ මදි සමහර හාමුදුරුවරු කතා කරන විදිය නම්....
ජගත් Monday, 18 September 2017 03:59 AM
ආගමික නායකයන් හෝ පුජ්‍ය පක්ෂයට පොදුවේ එල්ල වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම නොකළයුතු දෙයක්. එසේම තමුන් එම ආගමට අයත් අයකු නොවන අවස්ථාවේ එයින් අතුරුඵල ලෙස ආගමික සහජීවනය බිඳීයාම පවා ඇතිවීමට හෝ ආගමිකයන් අතර සිත් රිදවීම් ඇතිවීමටද එය තුඩුදිය හැකියි. අන්න එ් නිසයි පරිනත දේශපාලකයන් මෙවැනි ආගමිකව සංවේදී කාරණාවලදී මෙවැනි ප්‍රකාශ නිකුත් නොකරන්නේ. රන්ජන් රාමනායක දිගින් දිගටම තම ප්‍රකාශයන් සාධාරණීකරණය කිරීමට යාමෙන් තව තවත් ඔහු ජනතාවගේ සිත් රිදවනවා.
rohan Monday, 18 September 2017 08:37 AM
දේශපාලනේට කඩේ යන්න එපා... චීවරයේ ගරුත්වය ආරක්ෂා කරගන්න... රටේ ඉන්න අහිංසක මිනිසුන් වෙනුවන් ඔබලා පෙනී සිටින්න.
sampath Monday, 18 September 2017 01:13 PM
සිල් රෙදි බෙදීම කලේ තම පාක්ෂිකයන් තොරා බේරා නොව. රජයේ මුදල්වලින් සිල් රෙදි මිලදී ගෙන පන්සල් වලට ලබාදුන්නේ උපාසක අම්මලට බෙදාදීම සඳහා ජනාදිපතිවරණයට නාම යෝජනා බාර දීමටත් පෙරය. මෙම මුදල් වියදම් කලේ රටේ ජනතාව වෙනුවෙන්මය... වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු රජයේ මුදල් රුපියල් බිලියන ගණන් වලින් සැප වාහන ගෙන්වනකොට, රුපියල් මිලියන ගණන් වලින් තම නිල නිවාස අලුත්වැඩියා කරගන්න කොට බිම බලාගෙන ඔලුව කසන මිනිසුන් රජයේ මුදල් වලින් තමන්ගේ මව් වරුන්ට පියවරුන්ට සිල්රෙද්දක් ලබාදීපු එක අසාධාරණයක් කියන්න තරම් කුහක වී ඇත.
upaliTuesday, 19 September 2017 03:10 AM
ඔන්න ඕක තමයි සම්පත්, අපට තියෙන බරපතලම රෝගය. තමන්ගේ පක්ෂේ එකෙක් නම් උගේ හොරකම් වලට අපි අන්ධයි. අනික් පැත්තේ එකාගේ වැරදි මහා මෙරක් උසට පේනවා. මැතිවරණ නීති කඩල වරදකරු වුනත් අපිට එක පේන්නේ නෑ. එයා අපේ මිනිහෙක් නිසා අපට එහෙම හිතෙන්නේ නෑ. ඒ හින්ද, දේශපාලක හොරු දන්නවා ඕන දහ බලු හොරකමක් කරලා අහුවුනත් තමන් හරිය කියන අන්ධයින් පිරිසක් ඉන්න බව. ඉතින් තව තවත් හොරකම් කරනවා. අපට කවදා හරි අනික් පැත්ත හැරිලා හොරාගේ මූණට කියන්න පුළුවන් නම් "ඔහේ අපේ පක්ෂයේ ලොක්කෙක් තමයි, නමුත් ඔහේ කරලා තියෙන්නේ හොරකමක්" කියල, අන්න එදාට අපේ රට ගොඩ එයි. එතෙක්, සම්පත්, අපි අගාධයටම තමයි යන්නේ.
sampathTuesday, 19 September 2017 05:48 AM
මැතිවරණ නීති කඩකිරීමක් වෙන්නේ නාම යෝජනා බර දීමෙන් පසුව මෙවැනි දෙයක් කළානම්ය. . නමුත් මෙම නියෝග ලැබී ඇත්තේ මැතිවරණ නාම යෝජනා බාර දීමට පෙරය. ජනාධිපති නියෝගය ලේඛනගත කිරීම කර ඇත්තේද මැතිවරණ නාම යෝජනා බාර දීමට පෙරය. එම නියෝගයට අනුව පන්සල් සදහා සිල් රෙදි බෙදා දීමට වසරක කාලයක් ලබා දී ඇත. මෙය පක්ෂ පාට භෙයකින් තොරව කරන ලද සත් ක්‍රියාවකි. ඔබ මෙය අපරාධය ලෙස දකින්නේ පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර නොගෙන මහජනයාට සිල්රෙදි බෙදා නොදීමද? කෙසේ වුවද මෙම මිලියන 600 වන මහජන මුදල් යෙදවූයේ මහජනයාටම සිල්රෙදි බෙදාදීමට මිස තම පුද්ගලික ගිණුමකට බාර කර ගැනීමක් නොව. එසේනම් මෙය හොරකමක් ලෙස අර්ථ දක්වන්නේ කෙසේද?
Ajith NissankaThursday, 21 September 2017 02:48 AM
අනේ සම්පත් ඔයා මැතිවරණ කාලයේ ලංකාවේ හිටියෙම නැද්ද??? එහෙම නැත්නම් අර මැතිවරණ කොමසාරිස් පුන පුන එය මැතිවරණ නීති උල්ලන්ගණයක් කියලා පත්තරෙන් සහ අනිකුත් විද්‍යුත් මාද්‍ය වලින් කියනකොට ඔයා නිදිද ???? මොකා කරත් වැරැද්ද වැරැද්දක් විදියට දකින්න තරම් අන්ධ වීම මේ රටේ මහා අවාසනාවක්! අපේ හොරා අපිට හොදා!!!!!!!!!!!!
victor Monday, 18 September 2017 02:07 PM
වස් සමයේ පිණ්ඩපාතයේ නොවඩින්නේ බුද්ධ ශාසනයේ ස්වාමින් වහන්සේලා. මේ පිරිසට ගෝතම බුදුන් දෙසු කිසිම විනය නීතියක් බලපාන්නේ නැහැ. පිළිපදින එකම විනය නීතිය "හොරු වෙනුවෙන් අපි , අපි වෙනුවෙන් හොරු "යන්නයි... දුටුගැමුණු රජ කාලේ එළාරටත් චීවර ධාරීන් ලෙසින් ගිය පිරිසක් හිටපු එකේ මේවා පුදුම වැඩ නොවේ .
ලුම්බිණි Tuesday, 19 September 2017 04:54 AM
මේ ප්රශ්නයේදී රංජන් රාමනායක හරි. සිල්වත් හාමුදුරුවරු අද කාලේ අඩුයි. අනෙක, ලංකාවේ දේශපාලකයෝ තමයි හාමුදුරුවරුන්ගේ තත්වය නැති කරන්න පාර හැදුවේ. හාමුදුරුවරුන්ට රජයේ රැකියා ඉස්සර වෙලාම දුන්නේ කවුද කියල දානවා නේ.
Imran Saturday, 23 September 2017 12:37 PM
ඇත්තටම මෙතනදී ස්වාමීන් වහන්සේලාගේ අතින් වැරැද්දක් සිද්ධවෙලා තියෙන්න පුළුවන්, නමුත් පරිණත දේශපාලනඥයින් විදිහට අපි දැනගන්න ඕන ඒ වගේ වෙලාවල්වලදී තමන්ව පාලනය කරගෙන හැසිරෙන සහ වචන භාවිතා කරන ආකාරය.... නැත්නම් වෙන්නේ ප්රශ්නය මේ වගේ තව තවත් සංකීර්ණ වීමයි.