IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘විසිවැනි ව්‍යවස්ථා සංශෝධයෙන් අගමැතිගේ බලයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ‘

 
(මුදිතා දයානන්ද)

           

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම සඳහා වන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසා අගමැති රනිල්ගේ බලය අයන්නකින්වත් වෙනස් වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (25) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර එහිදි ඔහු මෙසේද පැවසීය.

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් වත්මන් අගමැතිගේ හෝ ජනාධිපතිගේ බලතල වල කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. එය ක‍්‍රියාත්මක වන්නේ 2020දී වත්මන් ජනාධිපතිගේ ධූරකාලය අවසන් වීමෙන් පසුවයි. මෙතුළින් අහෝසි වන්නේ ජනාධිපති ධුරය නොව එය සතු විධායක බලතල පමණයි. තවදුරටත් ජනාධිපති රාජ්‍යයේ නායකයාය. සේනාධිනායකයාය.

 එසේම ආණ්ඩුකාරවරුන් පත්කිරිමේ බලතලත් ඔහුට හිමියි. දැනට ජනාධිපති ධූරය සතු විධායක බලතලවලින් කොටසක් පාර්ලිමේන්තුවට ලැබෙනවා. අනෙක් බලතල අගමැතිට, කැබිනට් මණ්ඩලයට, ව්‍යවස්ථාදායක සභාවට හා ඒ මගින් පත් කෙරෙන කොමිෂන් සභාවලට ආදි ලෙස බෙදී යනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුලූල් කරගැනීමේ අරමුණෙන් යම් යම් පාර්ශ්ව මැතිරවණ ක‍්‍රමය වෙනස් කිරිම හෝ ව්‍යවස්ථාවේ තවත් වෙනස්කම් සිදුකිරිම සම්බන්ධයෙන් යෝජනා ගෙන එනවා නම් ඒ සියල්ල සම්බන්ධයෙන් සාකච්ඡාවකට සූදානම් අතර මහානායක හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය සමඟ කිරිමටද සුදානමින් සිටිනවා. ලෝක කම්කරු දින සැමරුමෙන් පසු මහජනතාව ද දැනුවත් කර මේ  කෙටුම්පත මැයි මාසය තුළ අනිවාර්යයෙන්ම පාර්මේන්තුවට ගේනවා.



අදහස් (4)

‘විසිවැනි ව්‍යවස්ථා සංශෝධයෙන් අගමැතිගේ බලයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ‘

samarasinghe Wednesday, 25 April 2018 11:50 AM

මොනවා කළත් පළාත් සභා බලතල වැඩිකර ජනාධිපති බලතල අඩුකළොත් වෙන වෙනම රජයන් බිහිවෙනවමයි. පළාත් සභා කියන්නේ අපිට පටවපු එකක්. ඒකාලේ සන්නිවේදනය, මහාමාර්ග නොදියුණු කාලේ ඕක ටිකක් වටිනවා වුණත් දැන් සල්ලි කන වැඩක්... ඔය සල්ලි ලොකු වාරිමාර්ග ව්‍යාපෘතියකට යෙදවිය හැකියි. ජනතා නියෝජන වැඩි කරන්න ඒ කියන්නේ යතින්, ආගමික වශයෙන් නියෝජනය වැඩි කරන්න ඕනේ නම් වෙනත් ක්‍රියා මාර්ග ගතහැකියි.

:       0       31

Maheshika Wednesday, 25 April 2018 06:45 PM

මේ මිනිහ රනිල්ට බලයේ ඉන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.මෙයා කියපු දේවල් කවදද හරියට වුණේ. මෙයා කියපු කඩෙන් බඩ ගත්ත ජනතාවට ඇති වූ ඉරණම මොකක්ද. පුන්නක්කු කන්න වුණ එක විතරි. මේ අය නැතිවී ගිය ගිය දවසට රටට හොඳක් වේවි . විශ්ව විද්‍යාල වහල, ළමයි පාරේ. හැම ආයතනයකම මිනිස්සු එලියට බැහැල උද්ගෝෂණ. කිසිම ආයතනයකට වැඩ කරන්න දෙන්නේ නැහැ. මුගෙන් එකක් අහන්න කැමති. ඔය විධායක ජනපති අහෝසි කෙරුවම අපේ රටේ තියන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද? කුඩු ප්‍රශ්නය, රට බෙදන ප්‍රශ්නය, ජාතිවාදී ප්‍රශ්නය, දුගී බව, ? මේ බක පණ්ඩිතය හදන්නේ අපේ රටේ නැති තව ප්‍රශ්නයක් මතුකරගන මේ අයගේ පැවැත්ම හදාගන්න.

:       77       16

tommy Wednesday, 25 April 2018 11:41 PM

ලංකාව වැනි කුඩා රටකට යෝග්‍ය වන්නේ ශක්තිමත් විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයක් පමණයි.

:       79       54

Saththaya Thursday, 26 April 2018 02:44 AM

මේ කිසි කෙනෙකුට ඕවා අදාළ නැහැ , ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ, ජනතාව ඉන්නේ කීයක් හරි අරගෙන චන්දය දෙන්න . අගනා කාලය නාස්ති කරමින් වාසිය තකා බල අරගලයක යෙදෙමින් පක්ෂ ටික, පක්ෂ පාට නොබලාම රට කාබාසිනියා කරමින් සිටිනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 774 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6287 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 725 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site