IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් කිරීමට තාක්ෂණික කර්මාන්ත පුරයක් පිහිටුවනවා

(අංජුල මහික වීරරත්න)

ශීඝ්‍ර දියුණුවක් කරා පියවර තබන ලෝක මුද්‍රණ කර්මාන්තය සමඟ ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයත් ඉදිරියට ගෙනයාම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

ශ්‍රී ලංකාව මුද්‍රණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා තාක්ෂණික කර්මාන්ත පුරයක් පිහිටුවීමට අදහස් කරන්නේ යයි ද අග්‍රාමාත්‍යවරයා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.

කොළඹ ෂැංග්‍රිලාහිදී පැවැත්වුණු සම්මාන උත්සවය ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් සංවිධාන කර තිබිණි.
මෙහිදී 2018 මුද්‍රණ ක්ෂේත්‍රයේ ජාතික පුවත්පත් සඳහා ජාතික සම්මානය විජය පුවත්පත් සමාගමට හිමිවිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, තමා සහ රජය 2015 සිට මෙරට ආර්ථිකය අලෙවි කළ හැකි භාණ්ඩ හා සේවා දෙසට පරිවර්තනය කරමින් සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව මුද්‍රණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කර්මාන්තපුරයක් ඇති කිරීමට කටයුතු කළ යුතු යයි කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා මුද්‍රණ සංගමය සමඟ සාකච්ඡා කරන බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“පුවත්පතක් හැදෙන්නේ කෙසේද? වෙළෙඳ මුද්‍රණ කටයුතු කරන්නේ කෙසේද කියා මමත් අතීතයේ හදාරා තිබෙනවා. පසුව මා නීතිය හදාරා දේශපාලනයට පැමිණියා. මුද්‍රණ කර්මාන්තය අද තිබෙන්නේ හතරවැනි පරම්පරාවේයි.

මුද්‍රණ කර්මාන්තය ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා මා හැකි සෑම අවස්ථාවකම පෙනී සිටියා. රටේ අනෙකුත් කර්මාන්ත අංශ ද පෙරට ගෙන යාම අපේ උත්සාහයයි. රටේ සමහර කර්මාන්ත ජාත්‍යන්තරයට ගොස් තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපේ සියලු අපනයන අංශ වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතුයි. ඒ තත්ත්වය ක්‍රියාත්මක නොකළහොත් අවශ්‍ය සංවර්ධනය ළඟා කරගන්න බැහැ.

සිංගප්පූරුව ඔවුන්ට අවශ්‍ය දේ පිළිබඳව අවධානය යොමු කරමින් සීඝ්‍ර දියුණුවක් කරා ගමන් කළා. වර්තමානයේ චීනය සිටින තත්ත්වය සහ පෙර තත්ත්වය සසඳා බැලුවහොත් විශාල වෙනසක් පවතිනවා. කර්මාන්ත අංශයෙන් ඉතා දියුණුවට පත් රටවලින් අපට බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන අතර කර්මාන්තශාලා ඇති කරමින් රැකියා අවස්ථා ද දියුණු කළ යුතුයි.

තරුණයකු රැකියාවක් තෝරා ගැනීමේදී තමන්ගේ හැකියාව පිළිබඳව හොඳ අධ්‍යයනයක් කර ඒ අනුව ඉදිරියට යා යුතුයි. වර්තමාන ඇතැම් තරුණයන් මේ ගැන අවධානය යොමු නොකර නුසුදුසු රැකියා සඳහා ගමන් කරනවා. ඔවුන් ඒවායින් හොඳ ආදායමක් ගත හැකි බව සිතනවා. ඔබ හොඳ ජීවිත ගත කළ යුතුයි. තරුණයන්ට හොඳට ගෙවීම කරන රැකියා අවශ්‍යයි. රටේ ආර්ථිකය ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතුයි.

වැඩි දියුණු කළ හැකි භාණ්ඩ හා සේවා පිළිබඳව හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉදිරියේදී අප චීනය හා ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙනවා. ඉන් අපට පහසුකම් රැසක් ලැබෙනවා.

මුද්‍රණ කර්මාන්තයට අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මුද්‍රණ කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙමින් ඉතා දියුණු මුද්‍රණ ක්‍රම දෙසට ගමන් කරනවා. මුද්‍රණ සංගමය සමඟ සාකච්ඡා කර නවීන තාක්ෂණයෙන් යුත් මුද්‍රණ පාසලක් ආරම්භ කළ යුතුයි.

දකුණු ආසියාව, ඉන්දුනීසියාව සහ අප්‍රිකාවේ ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඊට සමගාමීව අපත් ගුණාත්මක වෙළෙඳපොළක් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි.

රටේ ක්‍රියාත්මක වන රෙදි පිළි කර්මාන්තය, සංචාරක කර්මාන්තය තවත් දියුණු කළ යුතුයි.

රටට සංචාරකයන් ද විශාල ලෙස පැමිණෙනවා. ඒ තුළින් වැඩි ආදායම් මාර්ග ලබාගැනීමට කටයුතු කළ යුතුයි.
මධ්‍යම අධිවේගී මාර්ගය නිසා විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ නිසා හම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇතිවී ඒ ප්‍රදේශ ද ඉන්දියන් සාගරයේ වෙළෙඳ කේන්ද්‍රස්ථාන බවට පත්වෙනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා

“මේ අවස්ථාවට සහභාගිවීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දින සම්මානයට පාත්‍ර වන මුද්‍රණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුදෙනාට ද මා සුබ පතනවා.

මුද්‍රණ කර්මාන්තය ලෝකය පුරා ව්‍යාප්තව පවතින විශාල කර්මාන්තයක්. මෙය ඉතා වැදගත් කර්මාන්තයක් ලෙස හඳුන්වන්න පුළුවනි. මෙරට පවතින මුද්‍රණ කර්මාන්තය තුළින් විශාල පිරිසකට සේවය සැලසෙනවා.

මුද්‍රණ ක්ෂේත්‍රයේදී ඇතිවන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලෙස මා මේ අවස්ථාවේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙරට මුද්‍රණ ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් ඇති වෙමින් තිබෙන බව ප්‍රකාශ කළ හැකියි.”

සිංගප්පූරු සයිබර් සමාගම් සමූහයේ සභාපති හර්බට් චොංග් මහතා

“මුද්‍රණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අගැයීම සඳහා පැවැත්වෙන උත්සවයට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම මා අගය කරනවා. මුද්‍රණ ව්‍යාපාරය නවීන තාක්ෂණයත් සමගින් මේ වනවිට ගමන් කරමින් තිබෙන බව සඳහන් කළ යුතුයි.

මුද්‍රණ තාක්ෂණ ක්‍රමවේද ඉතා දියුණු තත්ත්වයක පවතිනවා. මෙය මහා පරිමාණයේ ව්‍යාපාරයක් ලෙස අර්ථ දක්වන්න පුළුවනි. ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය ද දියුණු තත්ත්වයක පවතිනවා.”

සම්මාන උත්සව සංවිධායක මඬුල්ලේ සභාපති ලාල් ජයවර්ධන මහතා ස්තූති කතාව කළේය.



අදහස් (1)

ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් කිරීමට තාක්ෂණික කර්මාන්ත පුරයක් පිහිටුවනවා

Raveendra Tuesday, 20 March 2018 10:33 AM

ලෝකයේ වැඩියෙන්ම "කටින් ඇපල්" හිටවන අය ඉන්නේ අපේ රටේවීම මොනතරම් "සතුටක්ද " ? අනේද කියන්නේ ......

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5000 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1958 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 864 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site