IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප තෝරාගෙන ඇත්තේ සංහිඳියාවේ ගමන් මගයි

(නිමල කොඩිතුවක්කු)

”රාජ්‍ය ස්වභාවය, රට නොබෙදා උපරිම බලය බෙදීමකට ගමන් කිරීම, මූලික අයිතිවාසිකම්, සංස්කෘතික - ආගමික යනාදී කටයුතුවල දේශපාලන පදනම යන සියලූ කරුණු සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන වසරවෙද්දී අවසන් කළහැකි වනු ඇතැයි” අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

”ලබන වසරවෙද්දී සංහිඳියාව සහ සාර්ථකත්වයට ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේවි යන්න තම විශ්වාසයයිද” අග‍්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති ජාතික දීපවාලි උත්සවයට සහභාගී වෙමිණි.

හින්දු ආගමික සංස්කෘතික අංගවලින්ද උත්සවය වර්ණවත් විය. උත්සව අවස්ථාව ඇමතූ අග‍්‍ර‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

”දීපවාලි සැමරීමට ඔබ සැම මෙහි පැමිණියා. දීපවාලි යනු හින්දු ආගමික උත්සවයයි. ආලෝකය සමරන හින්දු උත්සවයයි. ලොව පුරා හින්දු භක්තිකයන් අද දීපවාලි සමරනු ලබනවා. දීපවාලි කියන්නේ ලංකාවේ හැමෝම සමරන, ගරුකරන ආගමික උත්සවයයි. හින්දු ආගමික වත්-පිළිවෙත්වලින් සිංහල ජාතියට බලපෑම් සිදුව තිබෙනවා. සිංහල, මුස්ලිම් හා දෙමළ වත්පිළිවෙත් සංස්කෘතිය එකිනෙකාට මුසුවී තිබෙනවා. එකිනෙකට ඒවායින් බලපෑම් තිබෙනවා.

ඒ වගේම අද ශ්‍රී ලාංකිකයින් විදියට අප සංහිඳියාවේ ගමන් මාර්ගය තෝරාගෙන තිබෙනවා. අප ඒ ගමන සාර්ථකව යා යුතුයි. ශ්‍රී ලාංකිකයින් විදියට අපි හැමෝම අපි ගැන දන්නවා. අපේ ඉතිහාසය දන්නවා. අප කොහොමද අනෙකාට ගරු කරන්නේ? අප කොහොමද අනෙක් ආගම්වලට, ජාතීන්වලට, සංස්කෘතීන්වලට ඉඩ දෙන්නේ?

සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සියලූ දෙනා රටේ ජීවත්වෙනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි හැමෝම රටේ ජීවත්වෙනවා. අපි කොහොමද විවිධත්වය තුළ ජීවත්වෙන්නේ? අප කොහොමද එකට ජීවත්වෙන්නේ? විවිධත්වය සුරක්ෂිත කරමින් ජීවත්වෙන්නේ කොහොමද? අද අප අලූත් මඟකට පිවිස සිටිනවා.

2015 ජනවාරි 08 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වුණා. රටේ සියලූ ජාතීන් එදා එක්වුණා. සියලූ ආගම් නියෝජනය කරන, සියලූ ජාතීන් නියෝජනය කරන වෙළඳපොළ ආර්ථිකය, සමාජවාදය, බහුපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදී විවිධ දේශපාලන ආර්ථික මතවාද දරන අය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා පත්කර ගැනීමට එකඟ වුණා.

එදා හැමෝම සංහිඳියාවේ-ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාර්ගය තෝරා ගත්තා. වෙනස්කම් තිබුණත් සංහිඳියාව අවශ්‍ය බව හැමෝම පිළිගත්තා. ශ්‍රී ලාංකික අනන්‍යතාව, ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නැංවීමේ අවශ්‍යතාව එදා ඇති වී තිබුණා.

අද වනවිට වසර දෙකක් ගතවෙලා. ඇතැම් අය අප ප‍්‍රමාදයි කියනවා. අප වේගවත් ඉක්මන් ගමනක යන බව තවත් පිරිසක් කියනවා. පළමුවතාවට අප එක් ප‍්‍රධාන ස්ථානයකට පැමිණ සිටිනවා.

රාජ්‍ය ස්වභාවය, රට නොබෙදා උපරිම බලය බෙදීමකට ගමන් කිරීම, මූලික අයිතිවාසිකම්, සියලූ සංස්කෘතීන්, ආගම්වලට ගරු කිරීම, සංස්කෘතික, ආගමික යනාදී කටයුතුවල දේශපාලන පදනම යන කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ කරුණුවලදී මූලිකත්වය ගෙන කටයුතු කරනවා. අප සාකච්ඡා ලබන වසර වෙද්දී අවසන් කළ යුතුයි.

විවිධත්වය, ආරක්ෂාව, මූලික අයිතිවාසිකම්, සංහිඳියාව යනාදිය සුරක්ෂිත කරන ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරන අවසන් එකඟතාවට එළැඹීමට  බලාපොරොත්තු වෙන බව මේ දීපවාලි උත්සවයේදී ප‍්‍රකාශ කරනවා.

ලබන වසරේදී නිදහස ලබා 70 වසර සපිරෙනවා. ඒ නිසා ලබන වසරවෙද්දී අපට සංහිඳියාව සාර්ථකත්වයට ගමන් කරන්න හැකියාව ලැබේවි යයි” මා විශ්වාස කරනවා.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා : ”ලබන වසරේදී අපි දීපවාලි උත්සවය සමරන විට මෙයට වඩා සතුටින් රටේ දීපවාලි උත්සවය සැමරීමට අවස්ථාව ලැබෙයි. රටේ පැවති ගැටලූ හමුවේ දිගුකාලයක් දීපවාලි උත්සවය සැමරීමට වුණේ විවිධ දුෂ්කරතා මධ්‍යයේයි.

වත්මන් යහපාලන රජය පත්වුණාට පසු රටේ හොඳ පිබිදීමක් ඇතිවෙලා. මේ පාලනය තුළ සියලූ ජාතීන්ට එකමුතුවෙන් ජීවත් විය හැකි පරිසරය උදාවෙලා තිබෙනවා. දැන් රජය ජයග‍්‍රාහී ගමනකට ප‍්‍රවිෂ්ඨ වෙලා.

ජාතික ආණ්ඩුව බිහිකිරීමට මුල් වූ ප‍්‍රධාන පක්ෂ දෙකම මෙයට පෙර වෛරී දේශපාලනයක නිරත වුණා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් එක්ව ජාතික ආණ්ඩු සංකල්පය ක‍්‍රියාවට නැංවීම මගින් එකමුතුව රට ඉදිරියට යාමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වෙනත් දේශපාලන පක්ෂ නායකයන් සහයෝගය දෙනවා. රට හොඳ තැනකට ගෙන ඒම සඳහා මේ එක්වීම අප අගය කළ යුතුයි. ජාතික රජයේ ගමන සාර්ථක වීමට අප සුබපතනවා.

ජාතික රජයේ නව ගමනේ මූලික පියවර නව ව්‍යවස්ථාවයි. නව ව්‍යවස්ථාවේ වැඩ කටයුතු දැන් කරගෙන යනවා. අපිට  ඕන නව ව්‍යවස්ථාව මගින් නොබෙදුණු - ඒකීය ලංකාව තුළ සියලූම ජනතාව සමඅයිතිවාසිකම් සහිතව ජීවත්වීමට ඉඩදීමට සැලැස්වීමයි. ශ්‍රී ලාංකික පුරවැසියන් කියන එක අපට ආඩම්බරයක්වනවා.

දැන් රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. ඒ සඳහා සියලූම ජනතාව ඒකරාශී විය යුතුයි. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ගමන සාර්ථක කරගැනීම සඳහා අප සියයට සියයක් සහයෝගය දක්වනවා. එහි සැකයක් නැහැ.

බෞද්ධ, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් යන සියලූම ජනතාව එක්සත්ව ජීවත්වීමට අදාළ වාතාවරණය රට තුළ ස්ථාපිත වුණොත් අපේ රට ඉදිරියට ගෙනයන්න පුළුවනි. ලෝකයේ උදාරතම රටක් බවට අපේ රට පත්විය යුතුය”

බන්ධනාගාර, නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන් මහතා : ”දීපවාලි උත්සවය අපට ඓතිහාසික උත්සවයයි. බෞද්ධ ජනතාව ඇතුළු තවත් ආගමික ජනතාව දීපවාලි උත්සවය සමරනු ලබනවා.

දීපවාලි උත්සවයෙන් කියවෙන්නේ ආත්මීය සතුට පිළිබඳවයි. ඒ අරමුණ පෙරදැරිව අප මේ ආගමික උත්සවය සමරනු ලබනවා”.

උත්සවය සඳහා හින්දු ආගමික නායකයන්, අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පී. දිගම්බරන් යන මහත්වරු සහ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (1)

ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප තෝරාගෙන ඇත්තේ සංහිඳියාවේ ගමන් මගයි

bamunuarachchi Tuesday, 07 November 2017 09:38 AM

සංහින්දියාව ඔබ තෝරගත්තට අපි තෝරාගෙන ඇත්තේ නැත අපිට දෙමළා දෙමලාම තමයි හම්බයා හම්බයාම තමයි. පොදුවේ මුන් මහා ජාතියට වින කරන සුළු ජාතියමයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2185 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site