IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට සමෘද්ධියත් සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවුණා

(අජන්ත කුමාර අගලකඩ නිව්යෝක් නුවර සිට)

‘‘ශ‍්‍රී ලංකාවට සමෘද්ධියත්, සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙකහමාර තුළ කළ කැපවීමෙහි සාර්ථක ප‍්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී පැවසීය.

ඇතැම් සමාජ වෙබ් අඩවි සහ අන්තර් ජාලය ඔස්සේ විදේශගත ශ‍්‍රී ලාංකිකයන් වෙත ගෙන යන්නේ රටේ සැබෑ තත්ත්වය නොව අසත්‍ය ප‍්‍රචාර බව පැවසූ ජනාධිපතිවරයා, තම එකම අභිලාෂය ශ‍්‍රී ලංකා මාතෘභූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනැඟීම යැයිද ස`දහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සමග පැවැති හමුවට එක්වෙමිනි.

දුගීභාවයෙන් රට නිදහස් කර ගැනීම, පසුගිය යුද සමයේ සිදුවූවා යයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අභියෝගාත්මක තත්ත්වයට මුහුණදීම, උසුලන්න බැරි අධික ණය බරින් රට නිදහස් කර ගැනීම, ජාතික සංහි`දියාව ගොඩනැගීම යන කාර්ය සඳහා පසුගිය වසර දෙක හමාර තුළ රජය කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

පශ්චාත් යුද සමයේ රජය විසින් ඉටුකළ යුතු කාර්යය නිසිලෙස ඉටු නොකිරීම නිසා වත්මන් රජයට ගැටලූ රැසකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, 2015 ජනවාරි 08 වැනි දා තමා ජනාධිපති ධුරයට පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා පියවරෙන් පියවර ඉටු කරමින් රජය ඉදිරියට ගමන් කරන්නේ යැයි” ද කීවේය.

සියලූ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් නිදහසත් තහවුරු කර සියලූ ශ‍්‍රී ලාංකිකයන් සතුටින් ජීවත්වන රටක් ගොඩනැගීමට රජය සියලූ වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ස`දහන් කළේය.

නිව්යෝක් නුවර ක්වින්ස් බෞද්ධ විහාරස්ථානයට ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැ`ද පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන්ගේ හමුවට එක්විය.

ක්වින්ස් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් සිදු කරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත ශ‍්‍රී ලංකා රජය විසින් පිරිනමන ලද උපහාර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් කරන මහඟු මෙහෙවර මෙහිදී අගැයීමට ලක්කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උන්වහන්සේ බෞද්ධ සමාජයේ පමණක් නොව බෞද්ධ නොවන සමාජයේ ද ගෞරවයට ලක්වූ මහා යතිවරයාණන් වහන්සේ නමකැයි ප‍්‍රකාශ කළේය.

මහා සංඝරත්නය ප‍්‍රමුඛ හින්දු, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් පූජකතුමන්ලාද  ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ‍්‍රී ලාංකික විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ශ්‍රී ලංකාවට සමෘද්ධියත් සහජීවනයත් උදා කිරීම උදෙසා රජය පසුගිය වසර දෙක හමාර තුළ කැපවුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2133 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 496 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site