(විනීතා එම්. ගමගේ)
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සියලූ දෙනාගෙන් ද ශ්‍රීලනිපයේ ඉන්න ගෞරවනීය නායකයින්ගෙන් ද පක්ෂයේ එකමුතුකම තබා ගන්නැයි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
පිරිසක් සුබවාදීව දෑත් දිගු කරද්දි සම්මුතිවාදි ආණ්ඩුව එක්ක බැහැ කියා තවත් පිරිසක් පවසන බවත් එජාපයේ ඇමති ධූර දැරු අය ද මේ අතර සිටින බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.
කොළේ ඉරාගෙන ඇඟේ හළාගෙන පස්සෙ පසුතැවිලි වෙන්නේ නැතිව රටේ දැවැන්තම පක්ෂය ලෙස රට හදමු යැයි සියලූ දෙනාගෙන් ඉල්ලන බවද ඔහු කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(28) පැවති එහි තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවක් ඇමතූ බණ්ඩාර මහතා මෙසේ ද පැවැසිය.
‘‘මේ ඡන්දෙදි ඉදිරිපත් වෙන්නේ මෛත‍්‍රි මහත්තයාවත් මහින්ද මහත්තයාවත් අනෙක් නායකයන්වත් නොවෙයි, ගමේ නායකයිනුයි. ග‍්‍රාමිය නායකයන් පරදවලා ගෙවල්වලට කොටු කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ශ්‍රීලනිපය කියන්නේ අන්ත අසරණ දේශපාලන පක්ෂ්‍යක් නොවෙයි. මම ඉවත්වෙද්දි එතනට වෙන එන්න කෙනෙක් ඉන්නවා. සභාපති අයින්වෙද්දි එතනට එන්න කෙනෙක් ඉන්නවා. කවුරු කෑ ගැහුවත් වැඩක් නැහැ.’’
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘
Senarath Wednesday, 29 November 2017 03:26 AM
දැනටම ආණ්ඩු පක්ෂය කොලේ ඉරාගෙන ඉවරයි. ඒකාබද්ධ විපක්ෂය එකතු උනොත් වෙන්නේ , ඔවූනුත් මේ මහා බැංකු කොල්ලයේ කොටස් කරුවෝ වෙනවා. මේ අවුරුදු 2 ට කරපු විනාසේ කොටස් කාරයෝ වෙනවා.
සුමතිපාල Wednesday, 29 November 2017 04:15 AM
ඡන්දෙ ලං වෙනකොට ඔබතුමාට ඇත්ත තේරෙන්න පටන් ගත්තට ඒකත් භාගෙටනේ තේරිලා තියෙන්නේ. එක්කෙනෙක් යනකොට තව කෙනෙක් ආවට මහින්ද මහත්තයට තියෙන ජනතා ආකර්ෂණය ශ්‍රී.ල.නි.ප.යේ වෙන කාටවත්ම මේ අවස්ථාවේ නැති බවත් තේරුම් ගන්න.
Bamunuarachchi Thursday, 30 November 2017 05:58 AM
‘ශ්‍රීලනිපයේ එකමුතුව අවශ්‍යයි‘ නැතිනම් ඕගොල්ලන්ට පැවැත්මක් නැහැ නේද?
Bamunuarachchi Friday, 01 December 2017 02:17 AM
"ශ්‍රීලනිපය කියන්නේ අන්ත අසරණ දේශපාලන පක්ෂ්‍යක් නොවෙයි. මම ඉවත්වෙද්දි එතනට වෙන එන්න කෙනෙක් ඉන්නවා. සභාපති අයින්වෙද්දි එතනට එන්න කෙනෙක් ඉන්නවා. කවුරු කෑ ගැහුවත් වැඩක් නැහැ.’’ කෙනෙක් ඉවත්වෙද්දි එතනට වෙන එන්න කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ එන පුද්ගලයා තනතුර කොරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අර කොළඹ නගර සභාවට ත්‍රී වීලර් කාරයෙක් දාපු UNP ක්‍රමය හරියන්නේ නැත. දැන් රටට වෙලා තිබෙන දේ ඇස් ඇර බලා කතා කරන්න. රටක් කරන්න පුළුවන් පෞර්ෂත්වයක් ඇති කෙලින් තීරණ ගත හැකි කෙනෙක් රටේ නායකයා විය යුතුයි නේද. රට වෙනුවෙන් කෙලින් තීරණ ගන්න විට ඊට විරුද්ද වෙන්නන් රටේ පැවැත්මට විරුද්ද වන අය අතුරුදහන් වෙනවාය..... එය දේශපාලනයයි. ඉතිහාසය පුරාම තිබෙන්නේ ඔය කතාවයි. 2009 දී රට වෙනුවෙ තීරණ ගන්න වැනි වැනි සිටියානම් හෝ පාර්ලිමේන්තු තීරණ බලාගෙන හිටියානම් එක්කෝ අපි තාමත් යුද්ද කොරනවා නැතිනම් ප්‍රභාකරන් රට පාලනය කොරනවා.