IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


සටන්කර දිනාගන්න බැරි නිදහස පයින් ගිහින් ගන්න පුළුවන්ද

(ලක්ෂ්මී ජයකොඩි)
 
වසර ගණනාවක් සටන් කර දිනා ගැනීමට නොහැකි වූ නිදහසක් සුමන්තිරන්  මඩකළපුවේ සිට යාපනය දක්වා දින පහකින් පාගමනින් ගමන් කර දිනා දෙන්නේ නම් තමන් ඒ පිළිබඳ සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ටීඑම්වීපී නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පැවසීය.
 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පොතුවිල් සිට පෝලීකණ්ඩි දක්වා පාගමනේ පෙරමුණේ සිට ගමන් කීරීම එම සන්ධානයේ මීළඟ නායකයා බවට පත්වීමේ සැලසුමක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.
 
මඩකළපුව මාවෙට්ටුවාන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රකාන්තන් මහතා මෙසේ ද කීය.
 
රටේ සංවර්ධන කටයුතු සිදුවන අතරේ දේශපාලන කුමන්ත්‍රණයන් විවිධ ස්ථානවල සිදු වෙනවා. යාපනයේ සිට මෙහි පැමිණ තිබෙන දේශපාලඥයින් ඔවුන්ගේ හපනකම් පෙන්වීමට උත්සහා දරමින් සිටිනවා. මම මුලතිව්වල වසර හයක් අටක් පමණ කකුල් වල දිය පට්ටා ඇති වෙනකම් , අලිමංකඩ වල වැටී වැටී ඇවිදලා තිබෙනවා. පොළවේ යට බිංගෙවල් වල යට හැංඟි යාපනයේ සටන් කර තිබෙනවා. එසේ සටන් කර ලබා ගැනීමට නොහැකි වු නිදහසක් සුමන්තිරන් කොහොමද පොතුවිල් ඉදන් පෝලිකණ්ඩි වලට පාදයාත්‍රා ගොස් දිනා ගන්නේ? මඩකළපුවේ ඉදන් යාපනයට දවස් පහක කාලයකින් පාගමනින් ගොස් එවැනි නිදහසක් දිනා දිය හැකි නම් එය සතුටක්.
 
රටේ සංවර්ධන කටයුතු වලදි රජයේ නිළධාරීන් වෙත විශේෂ වගකීමක් තිබෙනවා. ඇතැම් ව්‍යාපෘති  උත්කර්ෂවත්ව ආරම්භ කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒවා නියමිත කාලයට අවසන් කළ යුතුයි. කෙටි කාලයකදී මේ පළාත දියුණු කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කළ යුතුයි. එම බාරදුර වගකීම අපට තිබෙනවා.
 
රජය මේ පළාතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා සියලු පාර්ශවයන්ගේ එකඟතාවයන් ලබාගැනීමේ සම්පුර්ණ වගකීම තිබෙන්නේ රජයේ නිළධාරීන් වෙතයි. රජයේ නිළධාරීන් දේශපාලන න්‍යාය පත්‍රයන්ගෙන් ඉවත් වී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහිලා සම්පුර්ණ සහයෝගය ලබා දිය යුතුයි. විපක්ෂයේ ඝෝෂාවන් පැත්තක තබා ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු යුතු යැයි ද ඒ මහතා කීය.
 



අදහස් (0)

සටන්කර දිනාගන්න බැරි නිදහස පයින් ගිහින් ගන්න පුළුවන්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2133 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site