IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි

අද ලෝකයේ සෑම රටක්ම ආර්ථික අර්බුදයට ලක් වී තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා බවත්, මෙයින් මිදෙන්නේ නැතුව කිසිමදාක ආර්ථික නිදහසක් ලබාගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා පැවසීය.

එම පක්ෂයේ 21 වැනි ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.

මෙම ජාතික සමුළුව ඉකුත් 29 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්විණි.

තවදුරටත් අදහස් දැක් වූ ඩියු ගුණසේකර මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරුන් පස් දෙනෙක් සිටිනවා. එස්.ඒ. වික‍්‍රමසිංහ, පීටර් කෙනමන්, ඒ. වෛත්‍යලිංගම්, එම්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් සහ උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ප‍්‍රථමයෙන්ම ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.

එම විසි එක් වැනි සම්මේලනය ඇතුළු මෙතෙක් පවත්වා ඇති සම්මේලන විස්ස මඟින් මේ රටේ ජනතාවගේ දේශපාලන විඥානය, දේශපාලන බුද්ධිය පෝෂණය කිරීමට දායක වූ බව අප ආඩම්බරයෙන් ප‍්‍රකාශ කර සිටිනවා. අපේ සමහර සම්මේලනවලින් දේශපාලන පෙරළියක් ඇතිකර තිබෙනවා. 1950 දී පැවැත්වූ අප පක්ෂයේ 4 වැනි ජාතික සම්මේලනයේදී ප‍්‍රකාශ කර සිටියා එ.ජා.ප.ය තුළ පිපිරීමක් සිදුවන බව. එම ප‍්‍රකාශය කර අවුරුද්දක් ගිය තැන දේශපාලන ලෝකය මවිතයට පත් කරමින් බණ්ඩාරනායක මහතා එජාපය අතහැර ගොස් ශ්‍රී ලං.නි.ප.ය පිහිටුවා ගත්තා.

එමෙන්ම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථමයෙන් පෙරමුණක් හැදුවේ අපේ පක්ෂය මූලිකවීමෙන්. පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයත් අප පක්ෂයත් 1951 දී ප‍්‍රථම පෙරමුණ පිහිටුවා ගනු ලැබුවා.

අපි එදා කියා සිටියා කම්කරු පන්තියට සහ ගොවීන්ට පමණක් තනියම අධිරාජ්‍ය විරෝධි කාර්ය භාරයක් ඉෂ්ඨ කළ නොහැකියි කියා. ඒ නිසා අපි එදා තීරණය කළා. ඒ සඳහා ජාතික බලවේගය එකතු විය යුතු බව.

ඒ අනුව තමයි 1951 දී ගාලූ මුවදොර පැවැත්වූ මැයි දින රැළියට වමේ සියලූ පක්ෂ එකම වේදිකාවකට පය තැබුවේ. මෙහි ප‍්‍රතිඵලය තමයි 56 ජයග‍්‍රහණය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1944 පිහිටුවා ගත් දා සිටම අපි පෙන්නුම් කළා මේ රටේ ජාතික ප‍්‍රශ්නයක් ඉදිරියේදී මතුවෙන බව. නමුත් එදා කවුරුවත් පිළිගත්තේ නැහැ මේ රටේ ජාතික ප‍්‍රශ්නයක් මතු වේවි කියලා. අපි සඳහන් කළ ඒ ජාතික ප‍්‍රශ්නය 1955 දී මතුවුණා භාෂා ප‍්‍රශ්නය නමින්.

එදා අපි දෙමළ භාෂාව වෙනුවෙන් පෙනී හිටියම අපට ගුටි කන්න සිද්ධ වුණා. ඊට පසුව මැතිවරණවලින් පරාජය කරලත් දැම්මා. ඒත් අප පක්ෂයේ ස්ථාවරය අත් හැරියේ නැහැ. නමුත් අපේ පදනම අද වෙන විට අපේ රටේ සියලූම දේශපාලන පක්ෂ සිංහල සහ දෙමළ භාෂාවන් රාජ්‍ය භාෂාවන් හැටියට පිළිගෙන අවසානයි. අප පක්ෂයේ ස්ථාවරය පාලකයින් විසින් පිළිගැනීමට කාලයක් ගත කළ නිසාම අපට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නටත් සිදු වුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකා සමසමාජ පක්ෂයත් දෙමළ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම නිසාම අපේ පක්ෂවල සමහරුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්නටත් සිදු වුණා.

1947 පළමුවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදන අවස්ථාවේදී අපේ අරගලවල බලපෑම කොතරම් ද කිවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නීතියක් ගෙනාවා හිරේ සිටින අයට ඡන්ද ඉල්ලන්න අයිතියක් නැහැ කියලා. එදා හිරේ සිටියේ අප පක්ෂයේ නිර්මාතෘ එස්.ඒ. වික‍්‍රමසිංහ මහත්මයා. මේ එක් පුද්ගලයෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න ව්‍යවස්ථාව වෙනස් කළ රටක් බව වර්තමාන පරම්පරාවේ අය දන්නේ නැහැ.

කවුරුත් හිතුවේ නැහැ 2015 වන විට රටේ දේශපාලන කැලඹිල්ලක් ඇති වේවි කියලා. මේ බව තේරුම් අරගෙන තිබුණු නිසයි 2014 ජූලි මාසේ 01 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මුණගැහිලා ජනාධිපතිවරණයට යන්න එපා පරදිනවා කිව්වේ.

ඒ අනාවැකිය කිව්වේ දෛවඥයින්ගේ අදහස් පදනම් කරගෙන නොවෙයි. රටක සමාජයක පන්ති බලවේගයන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් දත්තයන් අනුවයි මම ඒ අනාවැකිය කියා සිටියේ. පරාජයෙන් පසුව එතුමා මට කිව්වා ඩියු කියපු දේ ඇහුවා නම් හරි කියලා.

මෙවැනි දේශපාලන විග‍්‍රහයන් පිළිගැනීමේ සම්ප‍්‍රදායක් දේශපාලන නායකයින් ළඟ තවමත් දකින්නට නැතිවීම කනගාටුවට කරුණක්.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියන්නේ රුසියාවේ සිදු වූ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඇති වූ පක්ෂයක්. ඒ විතරක් නොවෙයි චීනය, ඉන්දියාව, වියට්නාම්, නේපාලනය ආදී ලෝකයේ රටවල කොමියුනිස්ට් පක්ෂ බිහිවන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් පසුවයි. ඔක්තෝබර් විප්ලවය කියන්නේ කම්කරු පන්තියට පමණක් සීමා වූ විප්ලවයක් නොවෙයි. එය ජාතික විමුක්ති ව්‍යාපාරයක්.

ඔක්තෝබර් විප්ලවය සිදුවීමෙන් පසුව රුසියාවේ පාලකයා වූයේ ලෙනින්. මේ නිසා සර් පොන්නම්බලම් අරුණාචලම් යාපනයේදී ප‍්‍රකාශ කළා දැන් අපට බය වෙන්න දෙයක් නැහැ. ජාතික නිදහස සඳහා අලූත් මිතුරෙක් ඇවිත් සිටිනවා කියලා. ඔක්තෝබර් විප්ලවය මඟින් ජාතික විමුක්තියට දොර ඇරුනා කිව්වේ මෙන්න මේ නිසයි.

මානව ඉතිහාසයේ මේ තරම් අභියෝග එල්ල වූ යුගයක් තිබුණේ නැහැ. පළවැනි අභියෝගය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ නිසා සාගර ජල මට්ටම වැඩි වී ඉස්සරවෙලාම කිඳා බහින්නේ ඉන්දියා සාගරයේ දුපත්. මේ වෙනුවෙන් සාමූහිකව කටයුතු කළ යුතු වෙනවා.

ඊළඟට ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය. අපි නම් ත‍්‍රස්තවාදයෙන් බේරිලා සිටිනවා. ත‍්‍රස්තවාදය නැති කරන්න නම් සාමූහිකව ඒ වෙනුවෙන් පියවර ගත යුතුයි. ඊළඟ අර්බුදය වන්නේ ගෝලීය මූල්‍ය අර්බුදයයි. 2007 වර්ෂයේ මතු වූ මේ අර්බුදයට විසඳුමක් නැතිවයි සිටින්නේ.

මෙම ගෝලීය මූල්‍ය අර්බුදයට හේතුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමයි. එහි තර්කානු ප‍්‍රතිඵලය තමයි මේ ගෝලීය මූල්‍ය අර්බුදය. මෙයින් වඩාත් පීඩනයට පත් වන්නේ තුන්වැනි ලෝකයේ රටවල් වීම තමයි විශේෂත්වය වන්නේ. මේවා ගැන අපේ රටේ දේශපාලන පක්ෂ හෝ නායකයන් සාකච්ඡා නොකිරීම විශාල අඩුවක්. බොහෝ නායකයින්ගේ සිරිත වන්නේ කවුරු හෝ ලියාදුන් ලිපියක් රැස්වීමකදී කියවීමයි.

අද විද්‍යාව හා තාක්ෂණය දියුණු වූ ලොවක  ඕනෑම ප‍්‍රශ්නයකට විසඳුම් තියෙනවා. විසඳුම් සොයාගත් හැටි බලන්න මහජන චීනයට යන්නට අවශ්‍යයි. අපට පසුව නිදහස ලබාගත් චීනය අද ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට පත්ව සිටිනවා. මේ තමයි ආසියානු ආර්ථිකයේ පිබිදීමේ ලක්ෂණයේ ආරම්භය. අද ඇමෙරිකාව ලෝක ආර්ථිකයේ තනිවෙලා.

අද ලෝකයේ සෑම රටක්ම දුෂණය නිසයි ආර්ථික අර්බුදයකට ලක්වෙලා සිටින්නේ. හේතුව නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමයි. ආර්ථික විද්‍යාඥයින් කුමන සැලසුමක් කළත් වැඩක් නැහැ. දුෂණය විසින් එය විකෘති කරන නිසා. ප‍්‍රංශයේ ආර්ථික විශේෂඥයින් මහා පර්යේෂණයක් කර ග‍්‍රන්ථයක් එළිදක්වා තියෙනවා. එහි සඳහන් වන අන්දමට දුප්පත්කමට හා සමාජ අසමතාවට හේතුව වී ඇත්තේ මූල්‍ය ප‍්‍රාග්ධන ස්ථරයයි. එයට තිබෙන බලය ආණ්ඩුවලට හෝ බැංකුවලට පාලනය කරන්නට නොහැකි වී තිබෙනවා.

මෙය හොඳට දැක ගන්නට ලැබුණේ බැඳුම්කර සිද්ධියෙන්. එය හොරකමින් නොව මෙය ප‍්‍රාග්ධන කල්ලියේ තිබෙන පන්ති වුවමනාවයි. මම ප‍්‍රථමයෙන් ජනාධිපතිතුමාට පෞද්ගලිකව කියා සිටියා මේ බැඳුම්කර සිද්ධිය හෙළිකර ගැනීමට නම් ජනාධිපති කොමිසමක් පත් කරන හැටියට. අද මේ සිද්ධියේ කරුණු ටික කොමිසම මඟින් හෙළිදරව් වී තිබෙන බව මම කියනවා.

මේ නිසා මෙවැනි ප‍්‍රාග්ධන ස්ථරයෙන් හෙවත් කල්ලිවලින් ප‍්‍රවේසම් විය යුතු බව අප ආණ්ඩුවට පෙන්වා දෙන්න කැමතියි. අපට තියෙන ප‍්‍රධාන අභියෝගය ආර්ථික අභියෝගයයි.

පසුගිය කාලයේ අවුරුදු 20 ක් පුරා කැබිනට්ටුව තුළ සිටිමින් මම කියා සිටියා වක‍්‍ර බදු සහ ඍජු බදු සීයට 80 යි 20 යි වශයෙන් දිගටම ක‍්‍රියාත්මක කළහොත් රජයේ ආදායම බැහැලා ණය උගුලක හිරවෙන බව. අපේ නායකයෝ මගේ කීම පිළිගත්තේ නැහැ.

1978 බලයේ සිටි ආණ්ඩුව ක‍්‍රියාවට නැංවූ බදු ප‍්‍රතිපත්තියේ රඟ දැනෙන්නේ දැනුයි. 78 රජයේ මුදල් ඇමති රොනී ද මැල් මහතාගේ අයxවැය මඟින් සියලූ බදු ඉවත් කළා. හේතුව ඒකයි. සිරිමාවෝ මැතිනිය ජේ.ආර්. ජයවර්ධන මහතාට රජය බාර දෙන විට රජයේ ආදායම තිබුණේ සියයට 24 ක් වශයෙනි. අද ඒක සියයට 10 ක් හැටියට පහත වැටිලා. ආදායම් බද්ද ක‍්‍රියාවට නංවන්නේ නැතුව කොහොමද ආණ්ඩුවේ භාණ්ඩාගාරයට මුදල් ගලා එන්නේ. ඒ නිසා රජයක් ආදායම් බද්ද ක‍්‍රියාවට නැංවිය යුතුයි. මේක 1932 දී සුද්දෝ ගෙනාපු බද්ධක්. අද වෘත්තිය සමිති නායකයෝ ආදායම් බදු ගන්නවාට විරුද්ධව කතා කිරීම මහා විහිළුවක්.

එදා විශ‍්‍රාම වැටුප දෙන්න කියලා ඊට පක්ෂව කතා කළේ කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ සහ ඒ.ඊ. ගුණසිංහ විතරයි.

අද විශ‍්‍රාම වැටුප ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඉදිරියේදී ඒක අහෝසි වී යාමට ඉඩ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා ද අදහස් දැක්වීය.

මෙම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති රැසක් මෙම 21 වැනි සමුළුවට සුබපැතුම් එක් කළේය. පිළිගැනීමේ කතාව සංවිධායක ලේකම් එල්.ආර්. ස්ටීවන් මහතා පැවැත්වීය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ලංකා සමසමාජ පක්ෂයේ අනිල් ද සොයිසා, විදේශ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (2)

සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති නිසයි

kumar (galf) Tuesday, 03 October 2017 11:03 AM

ඔය සමාජවාදෙන් ගොඩ ආපු එක රටක් කියන්න, චීනෙත් දැන් අනුගමනය කරන්නේ ධනවාදය. මෙයාලා තාම හණමිටි කරගහගෙන රට කන්න හදනවා.

:       3       0

sathyayaa Friday, 06 October 2017 04:18 PM

ඔයා තවම කොටා රෝඩ් නොම්මර 95 බෝඩ් ලෑල්ල යටද? සෝවියට් දේශය වැටුණාට පස්සේ කොහේ යන්නද? මොනවා හරි කියන්නත් එපා යැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2133 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site