IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


සමගි ජනබලවේගයට එක්වන්න හරීන්ගෙන් එජාපයට ආරාධනා

(*** අංජුල මහික විරරත්න)

සමගි ජන බලවේගය සමග එකතු වන්නැයි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව සමගි ජන බලවේගය මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදි ඊයේ (10) පැවසීය.

සමගි ජනබලවේගයේ කටයුතු කළද තමන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂය සියයට දෙකක ප්‍රතිශතයකට ඇද වැටීම ගැන කාලකන්නි සතුටක් නොලබන බව ද සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය..
විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මුලින්ම ජනපතිට සහ අගමැතිට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ ජයග්‍රහණය තුළින් රටට සේවය කරන්න ශක්තිය ලැබේවායි යන්න අපේ පැතුමයි.

ජනතාව ඔවුන්ට සම්පූර්ණ බලය ලබා දී තිබෙනවා. රට මුහුණ දී ඇති අර්බුද හමුවේ ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේදැයි අප බලා සිටිනවා. විපක්ෂයක් ලෙස අප ආණ්ඩුවේ හොඳ දෙයට සහාය දෙන්නත් වැරදි දේට එරෙහිව සටන් කරන්නත් කටයුතු කරනවා.

ඔවුන් දුන්නු පොරොන්දු වහා ඉටු කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් දී ඇති නිසා පොරොන්දු සියල්ල ඉටු කරන්න දැන් ශක්තිය තිබෙනවා. සැමන් පරිප්පු සහනය වගේ ඡන්ද පොරොන්දුත් අමතක කරන්න එපා යයි අප ඉල්ලා සිටිනවා.

ජනතාව වෙනුවෙන් හඬ නැගීමට අපට තනි විපක්ෂයක බලය තිබෙනවා. අර්බුද රැසක් මැද අප අභියෝග ජය ගත්තා. ආණ්ඩුවේ පළමු යුතුකම වන්නේ පොරොන්දු ඉටු කිරීමයි. තුනෙන් දෙකෙහි ජනවරමේ සැබෑ අරුත එයයි.

2010 වසරේදිත් අප ශක්තිමත් රජයක් ගෙදර යැව්වා. ඒ ඔවුන් කළ වැරදි නිසයි. 2015 වසරෙන් පසුව කළ වැරදි නිසා අපට වැරදුණා. මේ පිරිසට සාර්ථක වෙන්න නම් ඇති වන්නට අත්දැකීම් මෙන්ම බලයද තිබෙනවා.

කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ 26 දෙනකු පමණක් බව මොවුන් කියනවා. එක පවුලක් වටා කොතරම් ආයතන සංඛ්‍යාවක් බෙදී යනු ඇත්දැයි අප බලා සිටිනවා. එය මගේ අනාවැකියයි. එමෙන්ම මොවුන් පළමුවෙන්ම කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. එයත් මගේ අනාවැකියයි.

ඡන්දය දුන් සහ නොදුන් පිරිස වෙනුවෙන් අපට පැවරුණු වගකීමක් තිබෙනවා. ශාඛා සමිතියක් හෝ නැතිව මඩ ගැසීම් මැද අප ලැබූ ජයග්‍රහණය ගැන සතුටුයි.

ජනතාව මේ මැතිවරණයේදි අමුතු උත්තර දී තිබෙනවා. තදින් ජාතිවාදය ගැන කතා කළ අය ඉවත් කරලා. ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කර තිබෙන බව කිව යුතුයි.

අප වැරදුණු තැන් හදාගෙන ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අත්දැකීම් අප සතුයි. අප සමග සිටි අයගෙන් වැරදි කළ අය භාගයක් පමණ දැන් සිටින්නේ ආණ්ඩුව පාර්ශවයේයි. අනෙක් අය පරාජයට පත්වී ගෙදර ගොස් සිටිනවා. හොඳ පිරිස අප සමගයි.

අතීත නායකයන් බලය ලැබුණු පසු හැසිරුණු ආකාරය නිසා අපට මේ තත්ත්වය ඇති වුණා. දැන් ඒ නායකත්වයටත් හිතා ගන්න බැරි පරාජයක් අත්වී තිබෙනවා.

අප ආණ්ඩුවේ හැමදේටම එරෙහිවන දෙකේ පන්තියේ විපක්ෂයක් ලෙස කටයුතු කරන්නේ නැහැ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය යනු අපේ උරුමයයි. අප එක්සත් ජාතික පක්ෂය අතහැර ගියේ නැහැ. ඒකාධිපති පක්ෂ නායකයකු මෙන්ම රටේ පාලකයකු සමග අපට ගැටෙන්න වුණා. ඒකාධිපති පක්ෂ නායකයාට ජනතාව උත්තර දුන්නා. සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකව සමස්ත එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ගත්තා.

තුනෙන් දෙකක ආණ්ඩුවක් සමග ගැටෙන්න ඉඩ ලැබීම අපටත් හොඳ පන්නරයක්. රට වෙනුවෙන් අපි හරි දේ කරමු.

අලුත් ගමනක් අරඹමු යයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ හරීන් ප්‍රනාන්දු මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: ඔබ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කරනවාද?
පිළිතුර: විවිධ පාර්ශ්ව එවැනි සාකච්ඡා සඳහා යොමු වී තිබෙනවා. නමුත් දැන් සාකච්ඡා කළ යුතුදැයි යන ප්‍රශ්නය පැන නැගිලා. පාක්ෂිකයන් සියලුම දෙනා දැන් අප සමග එක්ව සිටිනවා. අප ජනවරමක් පෙන්වා දුන්නා. මෙය තේරුම් ගන්න බැරි නම් දරුණු ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් සියයට දෙකේ මට්ටමට වැටිය යුතු නැහැ. අප ඒ කාරණයෙන් කාලකණ්නි වින්දනයක් ලබන්නේද නැහැ.
ජනතාවාදි වෙනවා නම් නායකයන් සත්‍යය අවබෝධ කරගත යුතුයි. අප ඔවුන් සමග අතින් පයින් ගහ ගන්න යන්නේ නැහැ. ඔවුන් කරන්නේ කුමක්දැයි අප බලා ඉන්නවා සියයට 2 ක ප්‍රතිශතයක් තබාගෙන පළාත් සභා මැතිවරණයට ඉල්ලීමත් විහිළුවක්. සජිත් ප්‍රේමදාස කිසිවකුටත් වෙනස්කම් කරන්නේ නැහැ.

ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට දිය යුතුයි ඔබ කියනවද?
පිළිතුර: අප ඉදිරියට කටයුතු කරන්නේ සමගි ජනබල වේගයෙනුයි. නමුත්  එක්සත් ජාතික පක්ෂය අප සමග සිටිය යුතුයි. අප ඉක්මනින්ම අර්බුද මැද ජනතාව අතරට පැමිණියා. නමුත් එක්සත් ජාතික පක්ෂය අපේ පක්ෂයයි. අප ඊට ආදරෙයි.
අප සමග එක්වන්නැයි ඔවුන්ට ආරාධනා කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෙංචයියන්ට දෙනවා නම් අපට ගැටලුවක් තිබෙනවා.

ප්‍රශ්නය: සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු සම්බන්ධ අර්බුදය කොහොමද? ඔබ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටීවිද?
පිළිතුර: විපක්ෂයට ගිය විට ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් පක්ෂවලට අර්බුද පැන නැගීම සාමාන්‍ය තත්ත්වයක්. අපේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර අර්බුදය විසඳා ගැනීමට උත්සාහ කරනවා.
සියලු දෙනාට සාධාරණයක් වන පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දිය යුතුයි. ඊළඟ දින දෙක තුන තුළ විසඳුමක් දීමට හැකි වේවි. අර්බුද ගැන කලබල විය යුතු නැහැ.
සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටිය යුත්තේ ක්‍රියාකාරි දේශපාලකයන් පමණයි යයිද කීය.



අදහස් (3)

සමගි ජනබලවේගයට එක්වන්න හරීන්ගෙන් එජාපයට ආරාධනා

විජේ Tuesday, 11 August 2020 09:16 PM

මිනිස්සු ටික ටික තේරුම් ගන්නවා කව්ද තමන්ව අන්දන්නේ? කොහොමද හරි ජනතා නියෝජිතයන් තෝරගන්නේ කියලා. ඒක නිසා දිනපු, පැරදුණු කව්රුත් කල්පනාවෙන්...

:       0       0

kumara Tuesday, 11 August 2020 09:18 PM

ගිලෙන නැව්වලට කවුරුවත් ගොඩවෙන්නේ නැහැ හරීන්...

:       0       0

Bamunuarachchi Wednesday, 12 August 2020 06:09 AM

මම ශේප් නේද? ඔහෙලට ඔහොම වුණේ ශේප් න්‍යායෙන් වැඩකළ හින්දා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3243 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 68 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site