IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


සමගිජනබලවේගය ජනතාවාදී ව්‍යවස්ථාවක් සමඟ ඉදිරිමැතිවරණය ජයගැනීමට සූදානම්

 
(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ නව ජනතාවාදී ව්‍යවස්ථාවත් සමග ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට සූදානම් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(30) පැවසීය.

එක් නායකයෙකු වටා බලය කේන්ද්‍ර කරනවා වෙනුවට පොදු ජනතාවට බලය ලබාදෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සමගි ජන බලවේගයසට හැකි වූ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමඟින්ද නොබල විය හැකිය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

රටේ ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජන බලවේගය අද කටයුතු කරනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ජනතාවගේ දේශපාලනඥයන්ගේ, වෘත්තීයවේදීන්ගේ ඇතුළු සමාජයේ සියලු කණ්ඩායම් වල අදහස් ලබා ගනිමින් අපි සමගි ජන බලවේගය ව්‍යවස්ථාව සකස් කරල තියෙනවා.
වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදීව ජනහිතකාමී ව රටේ අනාගතය වෙනුවෙන් පක්ෂයක් ඉදිරිපත් කළ ව්‍යවස්ථා විදියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

එක නායකයෙකු වටා බලය කේන්ද්‍ර කරනවා වෙනුවට ජනතාවට බලය පැවරෙන පරිදි අපි මේ ව්‍යවස්ථාව හදලා තියෙනවා.

අද මේ රටේ සමහර පක්ෂ තියෙනවා තමන්ට තමන්ගේ පවුලට බලය ලැබෙන පරිදි පක්ෂ ව්‍යවස්ථා සකස් කරගෙන තියනවා. පක්ෂ භේදයකින් තොරව රටේ සියලුම ජනතාවට පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක වු ව්‍යවස්ථාවේ නායකයා වෙනස් උනේ නැහැ. එම නිසා තමයි මැතිවරණ වලදී ජනතාව එම පක්ෂය ප්‍රතික්ෂේප කරේ. සමගි ජන බලවේගය නිර්මාණය වූනෙත් එම ඒකාධිපති නායකත්වය හා පාලනය නිසයි.
මෙම නව ව්‍යවස්ථාව සම්පූර්ණම ජනතාවාදී ව්‍යවස්ථාවක්. මෙහි නායකයා පත් කරන්නේ ජාතික විධායක සභාව මගින්. එම සභාව වසරකට සැරයක් රැස්වේනවා. මීට අමතරව  සමගි ජන බලවේගය නව බලවේගයක් විකල්ප ආණ්ඩුවක් සාර්ථක විපක්ෂයක් වශයේන් මේ වන විට ආණ්ඩුවේ භීතිකාව බවට අද පත්වී හමාරයි.

මෙම පක්ෂය  නායකතුමා ජ්‍යෙෂ්ඨ නායකයින් වෘත්තිය වේදීන් නීතිඥවරුන් ඇතුළු විද්වත් කණ්ඩායමක් විසින් සකස් කර ජනතාවාදී ව්‍යවස්ථාවකින් ඉදිරි මැතිවරණය ජය ගැනීමේ ක්‍රමවේදයක් මේ වනවිටත් සකස් කර අවසන්.
මීට පෙර පක්ෂ ව්‍යවස්ථා එක් පුද්ගලයෙකුට හා එක් පවුල සීමා උනා. සියලු ජාතීන්ට   එක්ව ඉදිරියට යා හැකි ව්‍යවස්ථාවක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපි කටයුතු කරනවා යැයිද ඔහු එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා :

පක්ෂයේ නව ව්‍යවස්ථාව ගිය 19 වෙනිදා බණ්ඩාරවලදී සම්මත කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ඒකාධිපතිත්යව මෙම ව්‍යවස්ථාවේ නැහැ. පක්ෂයේ සියලුම තීන්දු තීරණ ගන්නේ ව්‍යවස්ථා කමිටුවෙන්. පවුලකට එක් අයෙකුට හිතුමතේට තීන්දු තීරණ ගැනීමට මෙම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මීට අමතරව ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීමට හැකි වැඩසටහනක් අපි මේ වන විටත් සැලසුම් කර අවසන්. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නනේද සමගි ජන බලවේගයේ අයෙක්.
මේ වන විට ආණ්ඩු විරෝධී කණ්ඩායම් රැසක් අපි සමග එක්වීමට සාකච්ඡා කර තිබෙනවා. ඒ සෑම ජන කොට්ඨසයකටම අපි සමග එක්ව කටයුතු කිරීමට අපි ආරාධනා කර සිටිනවා.

ඉදිරියේදී සමගි ජන සන්ධානයක් ලෙස පුලුල් සන්ධානයක් බිහිවීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වාගෙන යනවා.
මේ දිනවල ආණ්ඩුව පලාත් සභා පවත්වන බවට මුලදී ප්‍රකාශ කලත් දැන් එය කල් දාන්න සූදානම්.
 පලාත් සභා මැතිවරණ තියන්න එදා තීන්දු කරේ ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලෙසයි. සමගි ජන බලවේගය අපි සූදානම් රටේ තියෙන තත්ත්වය පාලනය කර ඕනැම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න" යයිද ඔහු එහිදී පැවසීය.
නීතිඥ  තිසාන් ගුණවර්ධන,  නීතිඥ පරමාන් කාසිම් යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (4)

සමගිජනබලවේගය ජනතාවාදී ව්‍යවස්ථාවක් සමඟ ඉදිරිමැතිවරණය ජයගැනීමට සූදානම්

NIMAL Wednesday, 30 December 2020 10:37 PM

එක්සත් ජාතික පක්ෂයෙන් පිටව ගිහිල්ල වෙනTH පක්ෂ හදපු මේ උන්නැහේලා ජනතාවාදී ව්‍යවස්ථාවක් හැදුවනම් ඒ ගැන කතා කරනවා මිසක තව මොනවද මේ මේ එක්ෂත් ජාතික පක්ෂය ගැන කියවන්නේ? රනිල් ගේ නායකත්වය 2025 වසර අවසාන වෙනකම් පිලිගන්න බව සම්මත කරගත්තේ මේ අයම නේද ? අනේ මෙහෙමත් රගපෑමක්, කාවද මේ රවටන්න උත්සහ කරන්නේ?

:       0       3

Taahi Thursday, 31 December 2020 06:32 AM

නිදාගෙනද ඉන්නේ... ? හීන දකිනවා.

:       0       3

anura Saturday, 02 January 2021 03:48 AM

බලවේගය..., අන්තවාදී ව්‍යවස්ථාවක් සමග ඉදිරි මැතිවරණය ජයගැනීමට සූදානම්...

:       0       0

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Saturday, 02 January 2021 10:30 AM

1948 සිට මේ දක්වා අප රට පාලනය කරපු හැම පාලකයෙක් ම රටට කරපු දේ රට විකුණපු එක විතරයි.. මේ එකෙකුටවත් රට හදන්න කිසිම ප්‍රතිපත්තියක් තිබුනේ නෑ.. කවදත් ප්‍රතිපත්තියකට වැඩ කරන්නෙත් නෑ. මේ අයට ඕනේ රට විකුණන් කන්න. තම තමන්ගේ පරම්පරාව හදාගන්න. රටට ආදරේ එකෙක් වත් රටට බිහි වුණේ නෑ. ඩී එස් සේනානායක ඉඳන් ගෝඨාභය රාජපක්ෂ වෙනකන් රට පාලනය කරපු නපුංසක පාලකයෝ රට විනාශ කරා අවුරුදු 5ක්... විපක්ෂයේ ඉඳගෙන කරන එක එක්කෙනා බැන බැන ඊට පස්සේ ආණ්ඩුවක් පිහිටට ගෙන ඊට පස්සේ උන් කරේ මේකයි මුන් කරේ මේකයි දෙගොල්ලම බැන බැන අවුරුදු හැත්තෑ ගණනක් රට පාලනය කරා.. මොනවද අපේ රටට කරේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2133 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site