(නිමල කොඩිතුවක්කු)
සමාජ, සංස්කෘතික පුනර්ජීවනයක් සිදුකිරීමට තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15) පැවසීය.
බුද්ධිය,දැනුම,තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්,ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ධර්මායතනය වෙත ගොස් ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අවස්ථාවේ දී මේ බව පැවසීය.
සුචරිතය මුල් කරගෙන ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ සදහා උන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමිවන බව එහිදී ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.එහිදී උන්වහන්සේ සුචරිත ව්‍යාපාරය පිළිබඳවද සිය ප්‍රසාදය ද පළ කළහ.හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කළ උන් වහන්සේ එතුමා ජනතාවාදී නායකයෙක් බවද පැවසූහ.ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ නාහිමිපාණන්වහන්සේ , මේ රටේ සියලු ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද සදහන් කළහ.දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුලින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙන බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා එහි දායකත්වය ඉවහල් වූ බවත් මෙහිදී විපක්ෂ නායකයා සිහිපත් කළේය.
කොරෝනා ව්‍යසනය ගැන විපක්ෂය ලෙස තමා මුලින්ම රටට කියන විට බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද හෙතෙම පැවසීය. අද මුලු ලෝකයම කොරෝනා එන්නත ගැන විමසිලිමත් නමුත් අපේ රටේ තත්ත්වය කනගාටුදායක බවද ඒ මහතා කීය.ජාති,ආගම් වැනි පටු භේද වලින් මිදී එකම රටක එකට සහෝදරත්වයෙන් ජීවත් වීම සිය දේශපාලන බලවේගයේ ප්‍රාර්ථනාව බවද විපක්ෂනායකවරයා එහි දී පැවසීය.තවදුරටත් බෙදී වෙන් වීමෙන් රටට උදාවන යහපතක් නැතැයිද ඔහු කීය.
බුද්ධිය, දැණුම, තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්,ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ද මේ සඳහා එක්ව සිටියහ.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමාජ - සංස්කෘතික පුනර්ජීවනයට කැපවෙනවා
Senarath Wednesday, 16 December 2020 03:26 AM
සුරගන කතා කියන්න බොහොම දක්ෂයෙක්... ඒ වුණාට බලයේ හිටපු රජයේ උපනායක වශයෙන් රටට මොනවද කළෙ? හොරු රටම හොරාකද්දී නොදැක්කා වගේ බලන් හිටියා. මහබැංකු කොල්ලය ගැන මොනවත් කිව්වෙ නැහැ. තමන්ගෙ ලොක්කා නියමෙට සැලසුම් කරලා ඒකකරනකම් බලන් හිටියා. මංගල සහ රංජන් හාමුදුරුවන්ට නොයෙක් දේ කිව්වට ඔය කතා කිව්වද? සද්ද නැතුව හිටියා... තමුන්ට කිසිම වැඩපිළිවෙළක් නැහැ. ඒ බව රටෙ ජනතාව දන්න නිසා තමයි මෙ සැරෙ ආසන 54ට අඩුවුණේ...
Bamunuarachchi Thursday, 17 December 2020 01:36 AM
පන්සලට ආවාම සංඝ රත්නය බැහැ දැක්කාම පිරිත් නුලක් බඳින එක සාමාන්‍ය දෙයක්. එයට පුද්ගලයා කවුරුද කියන එක අදාළ නැහැ.
Raveendra Thursday, 17 December 2020 11:13 AM
225ම මාරුවෙන් මාරුවට පට්ටියේ විපක්ෂ කොටුවේ ලැගලා තියෙනවානේ චිරාත් කාලයක්ම... ඉතින් "විපක්ෂයට ගිය හැම" ගල් ආඳාම කෙරුවේ හොටු පෙරාගෙන මහජනතාවගේ දුක පිළිබඳව පමණක්ම කතාකිරීම, රට සංවර්ධනය කරන්නේ මෙහෙමයි, තමනුත් කම්බ හොරා.. නමුත් බලයට ආවාම හොරුන්ව අල්ලන විදිය එකී මෙකී නොකී බයිලා කියවීමනේ... නොදකින් මේ වගේ අයනේ අපේ රටේ මහජන නියෝජිතයන් ලෙස සුදු පිරුවට ඇගේ ඔතාගෙන මූසල මුහුණේ ව්‍යාජ හිනාවක් තබාගෙන අහිංසක මිනිසුන් රවට්ටන්නේ..
Bamunuarachchi Friday, 18 December 2020 01:21 AM
ඔයගොල්ලෝ මම දන්නා කාලෙක සිංහල සංස්කෘතිය රක්කේනම් නැහැ. නමුත් මුස්ලිම් සංස්කෘතිය රැක්ක බව නම් අපි දැක්කා. ඒ නිසානේ අපිට රටට එක නීතියක් ඉල්ලන්න සිදුවුනේ...
Rata Perata Saturday, 19 December 2020 08:25 AM
කැප වෙනවා කිය කියා කයිය ගහන්න නෙවෙයි තියෙන්නේ.. වැඩට බහින්න. නැතිනම් කැපවෙන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. නැතිනම් විපක්ෂ නායක කම පුළුවන් කෙනෙකුට දෙන්න.
Pon Guthano Saturday, 19 December 2020 02:26 PM
සමාජ - සංස්කෘතික පුනර්ජීවනයට කැපවෙනවා.
Bandara Saturday, 19 December 2020 04:59 PM
දිවියන්, කොටියන් ආරක්ෂා කරන්නත් කැපවුණා මට මතකයි...
Bandara Sunday, 20 December 2020 05:48 PM
සමාජ, සංස්කෘතික යන්නට නිධාන අයිති වෙන්නැද්ද?
ranga Tuesday, 22 December 2020 04:47 AM
කැපවෙලා, කැපවෙලා හැමදේටම කැපවෙලා කැපිලා යන්න ළඟයි දැන්...
Bamunuarachchi Thursday, 31 December 2020 02:02 AM
දවල්ද?