(ඩයනා උදයංගනී)
සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
මේ වන විටත් කොවිඩ් ආසාදිත වී සමෘද්ධි නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇතැයි කී මන්ත්‍රීවරයා එවන් තත්ත්වයක් හමුවේ එන්නත හෝ නොමැතිව ක්‍ෂේත්‍ර රාජකාරීවල නිරතවිය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව සමඟ රාජකාරි කරන සෙසු වෘත්තිකයන්ටද කඩිනමින් එන්නත් ලබාදීමේ වගකීමක් රජයට තිබෙන බව ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඉකුත්දා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“කොරෝනා ව්‍යසනය නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති මේ මොහොතේ ආසාදිතයන් හා මරණ අඩුකර ගැනීමට ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කිරීමේදී ආණ්ඩුවට ඇතිවිශාලම ශක්තිය වන්නේ මේ හා බැඳුණු රාජ්‍ය සේවකයිනුයි. රුපියල් 5000, බඩුමලු බෙදන්න ආදී කටයුතුවලදී මෙන්ම ජනතා අවශ්‍යතා සොයා බැලීමේදී සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්‍ෂේත්‍ර නිලධාරීන් විශාල වැඩකොටසක් කරනවා.
විශේෂයෙන්ම සමෘද්ධි නිලධාරීන් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව සිටිනවා. මේ වනවිට සමෘද්ධි නිලධාරීන් දෙදෙනකු කොවිඩ් වැළඳී මියගොස් සිටිනවා. තවත් 75 ක් පමණ ආසාදිතයන් බවට පත්ව තිබෙනවා. තව බොහෝ දෙනෙක් රෝගීන් බවට පත්වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් සමෘද්ධි නිලධාරීන් ඇතුළු සියලු ක්‍ෂේත්‍ර නිලධාරීන්ට කඩිනමින් එන්නත් ලබාදීමේ වගකීමක් රජයට තිබෙනවා. මේ එන්නත ලබා නොදුන්නොත් කොහොමද රාජකාරී කරන්නේ කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඉදිරි සති දෙක තුළ එන්නත් ලබා නොදුන්නොත් ජනතාවත් එක්ක සමීපව වැඩකිරීම නවත්තන්න අපේ විධායක සභාව තීරණය කර තිබෙනවා.
සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ගුරුවරුන්, ප්‍රාදේශීය ලේකම්වරු, බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු ජනතාව සමඟ සමීපව රාජකාරි කරන අයට එනනත් ලබාදෙන ලෙසත් එහි ප්‍රමුඛතාව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි කළමනාකරුවන්ට ලබාදෙන ලෙසත් මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගකීම ඇති දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය වගකීම ඉටු කරන්නේ නැත්නම් අපිට වෘත්තීය සමිතියක් විදියට වගකීම ගෙන කටයුතු කරන්න වෙනවා.
සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ මහතා මෙසේ පැවසීය.
සමෘද්ධි නිලධාරීන් කොවිඩ් 19 තත්ත්වය නිසා බරපතළ ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා. පසුගිය සිකුරාදා මහියංගනය කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපේ සහෝදරයෙක් සහ ඊට පෙර කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහෝදරියක් කොවිඩ් ආසාදනය වී මියගියා. මේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, ඇඳුම් කට්ටල, මුව ආවරණ ලබාදෙන්නවත් කටයුතු කර නෑ. ඒවා ලැබෙන්නේ නැත්නම් කොහොමද අපි ක්‍ෂේත්‍රයේ ගිහින් වැඩකරන්නේ. ඒ නිසා ඉදිරියේදී ජනතාව වෙත නොගොස් බැංකුවට පැමිණ සහනාධාර ලබාගන්නා ලෙස දැනුම්දීමට අපට සිදුවෙනවා.” යැයි හෙතෙම පැවසීය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සමෘද්ධි නිලධාරීන්ට එන්නත නැත්නම් රාජකාරියෙන් ඉවත්වෙනවා
චමින්ද Saturday, 22 May 2021 01:35 AM
අබමල් රේණුවක තරම්වත් මොළයක් තියෙන කෙනෙක් මොහුගේ අදහස පිළිගන්නේ නැහැ. මෙම පිරිසට වඩා ග්‍රාමනිලධාරීන් ගුරුභවතුන්, තැපැල් නිලධාරීන් රටට සේවයක් කරනවා. එම පිරිස්වලට ප්‍රමුඛත්වයක් ලබාදෙන්න.
සමෘද්ධිකා Tuesday, 25 May 2021 01:25 AM
ආත්මාර්ථකාමී වෙන්න එපා තමුන්ගේ පිරිසේ අයට වඩා ජලමණ්ඩලයේ අයත් විදුලිබල මණ්ඩලයේ අයත් සෞඛ්‍ය අංශවල අයත් වැඩ කරනවා.