IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“සියලු ජනතාවට ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්විය හැකි අභිමානවත් රටක් ගොඩනගනවා“

(සුජිත් හේවාජුලිගේ යාපනයේ සිට)

සියලු ජාතීන්ට ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත් විය හැකි අභිමානවත් දේශයක් ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ දී පැවැසීය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට මුක්කු ගැසුවා මිස උතුරේ ජනතාවගේ දුක සැප නොබැලූ බවට එහිදී චෝදනා කළ රාජපක්ෂ මහතා උතුරු පළාතේ යෝධ සංවර්ධනයක් ඇති වුණේ මහින්ද රාජපක්ෂ යුගයේ දී යැයි ද ප්‍රකාශ කළේය.

දකුණේ දරුවන්ට වගේම උතුරේ දරුවන්ටත් රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර ගන්නා බව ද ඔහු කීවේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී පෙරේදා (28) පස්වරුවේ පැවැති ජන හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණෙද්දී රැස්ව සිටි ජනතාව එක දිගට ප්‍රීති ඝෝෂා නැගූහ.

රැස්වීම වෙනුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තර කර තිබෙනු දක්නට ලැබිණ.

සිය පරිසර ප්‍රතිපත්තිය සනිටුහන් කරමින් යාපනයේ වැසියන් කිහිප දෙනකුට පැළ බෙදාදීමක් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මෙහිදී සිදුවිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
බොහෝ නායකයන් ඔබලාට නොයෙකුත් පොරොන්දු දුන්නත් ඒවා ඉටු කළේ නැහැ. නමුත් මම දුන් හැම පොරොන්දුවක්ම ඉටු කරලා තියෙනවා. ඔබලාගේ ප්‍රශ්න විසඳන ආකාරය ගැන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම තියෙනවා. මා බලයට පැමිණි පසුව ඔබලාගේ ප්‍රශ්න සියල්ල විසඳනවා. ඔබලාගේ අනාගතය වෙනුවෙන් මගේ වැඩපිළිවෙළ ගැන විශ්වාසය තබන්න.

මේ පළාතේ යෝධ සංවර්ධනයක් ඇති වුණේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. කාපට් පාරවල්, දුම්රිය, විදුලිය ඇති වුණේ ඒ කාලයේ දී. එදා මේ ප්‍රදේශ තිබුණේ හමුදා කඳවුරක් වගෙයි. මේ ප්‍රදේශවල ඉඩම් ජනතාවට නිදහස් කර දුන්නේ මම. කොන්ඩමනාරු දක්වා ඉඩම් නිදහස් කර දුන්නා. ඉතිරි ප්‍රදේශ පිළිබඳවත් මම ඩග්ලස් සමග සාකච්ඡා කරමින් සිටිද්දීයි පාලනය වෙනස් වුණේ. ප්‍රදේශ රැසක් වගාවට දෙන්නත් මා අවසරය දී තිබුණා. නමුත් බලය නැති වුණු නිසා අපේ ඒ වැඩ කොටස නැවතුණා.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මයට ප්‍රමුඛත්වය දීලා තියෙනවා. පොහොර සහනාධාරය දීමටත් ගොවි ණය කපා හැරීමටත් ඉදිරියේ දී කටයුතු කරනවා. ජනතාව දිළිඳු බවින් මුදාගැනීමට අදාළ ක්‍රමවේදය මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. ධීවර ජනතාව වෙනුවෙනුත් ප්‍රමුඛත්වය දෙනවා. තරුණ තරුණියන් ගැන මම විශේෂ අවධානය යොමු කරනවා. විරැකියාව නිසා තරුණ තරුණියන් අද අසහනයට පත්ව සිටිනවා.

ගුණාත්මක අධ්‍යාපනය දීමට මම ලොකු මුදලක් වෙන් කරනවා. විශ්වවිද්‍යාලයට යන්න බැරි වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය දීමට කටයුතු කරනවා. අධ්‍යාපනය ලැබූ දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව සඳහා තාක්ෂණික විද්‍යාල හා කාර්මික විද්‍යාල ඇති කරනවා.

ආසියාවේ බොහෝ රටවල් දියුණු වුණේ තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනය නිසයි. මේක අපට හොඳ අවස්ථාවක්. අපේ රටේ දරුවන් බුද්ධිමත්. කෙටි කාලයකින් අපේ දරුවන් පුහුණු කරන්න පුළුවන්. අද ඉන්දියාවේ මේ දේවල් සාර්ථකව කරනවා. අප තොරතුරු තාක්ෂණය පැත්තෙන් ලොකු දිරිමත් කිරීමක් කරනවා.

තරුණ තරුණියන් වටිනා ව්‍යාපාරවලට යොමු කරන්නත් කටයුතු කරනවා. මම කිලිනොච්චිය වවුනියාව ප්‍රදේශවලට සමාගම් කිහිපයක් එදා ගෙනාවා. මේ ප්‍රදේශවල ආයෝජනය කිරීමට සමාගම් දිරිමත් කරනවා.

අප එල්ටීටීඊ සාමාජිකයන් 13,000ක් එදා පුනරුත්ථාපනය කළා. සමහර අයට රැකියා පවා ලබා දුන්නා. කඳවුරුවල හිටපු පන්දහසක් ද පුනරුත්ථාපනය කළා. අප ඉදිරියේ දී ඉතිරි අයත් පුනරුත්ථාපනය කර සමාජගත කරනවා. අප ප්‍රශ්න මැද ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අප ජනගහනය දිහා බලන්න ඕනෑ. අනාගතය දියුණු කිරීම මගේ ප්‍රතිපත්තියයි.

මා දෙන්නේ කරන්න පුළුවන් පොරොන්දු. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත්වීමට අදිටන් කර ගනිමු. සියලු ජන කොටස්වලට ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත්විය හැකි අභිමානවත් රටක් හදමු. මා කෙරෙහි විශ්වාසය තබන්න සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ලබා දෙනවා. මවුබිමට ජයවේවා. ඔබ සැමට ජයවේවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ පැවැසීය.

යාපනයට පැමිණ ඔබ හමුවීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඔබලාට අද කොළඹ ඉඳලා යාපනයට යන්නත් යාපනයේ ඉඳලා කොළඹට යන්නත් හැකිවී තිබෙනවා. මම යාපනයට ආවේ අද ඊයේ නොවෙයි. මා පළමුවෙන්ම යාපනයට ආවේ හැත්තෑ ගණන්වලදීයි. උතුරේ ගොවියාට හොඳ කලක් ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදීයි. මේ පැත්තෙ මිනිස්සු එතුමිය එදා පිළිගත්තේ මිරිස් පාවාඩ දමලයි. වමේ ආණ්ඩු හදන්න උරදීපු මේ ජනතාවගෙන් යුඑන්පීය පලිගත්තා. යාපනයේ පුස්තකාලය ගිනි තැබීම ඔබලාට අමතක නැතිව ඇති සංවර්ධන සභා මැතිවරණය කඩාකප්පල් කිරීමත් මතක ඇති. ඊට පසුව ඇතිවුණු තත්ත්වයන් අමතක නැතිව ඇති. දුම්රිය පාරවල්, සම්පත් විනාශ වුණා. රටම අනාථ කඳවුරක් වුණා. උතුරේ වගේම දකුණේත් බෝම්බ පිපිරුවා. අප ඒ බිහිසුණු යුගය නැති කළා. උතුරට සංවර්ධනය ගෙනාවේ අපියි. උතුරට කෝච්චිය ගෙනාවා. ඒ-9 පාර හැදුවා. විදුලිය නැති ගම්වලට විදුලිය දුන්නා. විරැකියාවෙන් හිටපු උතුරේ තරුණයන් රැසකට රැකියා දීමට හැකි වුණා. පොලිසිය, හමුදාවටත් මේ තරුණයන් බඳවා ගත්තා. උතුරේ පළාත් සභාවක් ඇති කළා. නමුත් ඒක වැඩ කළාද නැද්ද මම දන්නෙ නැහැ.

මේ පැත්තට කළ යුතු සියලු දේ අප කළා. ටී.එන්.ඒ. පක්ෂය මේ ආණ්ඩුවට මුක්කු ගැසුවත් ජනතාවගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ. ටී.එන්.ඒ. මේ ආණ්ඩුවේ හැම වැරැද්දටම අත එසවුවා. මේවා ගැන මට වඩා ඔබලා හොඳට දන්නවා ඇති අප ඔබලාට නිදහස උදාකර දුන්නා. මේ ආණ්ඩුව ඔබලාට වැඩ කළේ නැහැ. උපාධිධාරින්ට රැකියා දෙනකොට අප උතුරේද දකුණේද කියලා බැලුවේ නැහැ. රාජ්‍ය සේවයට උතුරේ තරුණ තරුණියන් බඳවා ගැනීමට කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන් හා ඩග්ලස් දේවානන්ද, උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර වර්ධරාජා පෙරුමාල් යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ හා උතුරේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

“සියලු ජනතාවට ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්විය හැකි අභිමානවත් රටක් ගොඩනගනවා“

Chanak los angeles Wednesday, 30 October 2019 08:36 PM

මේවට උතුරේ ජනතාව රැවටෙන්නේ නැහැ. මහා සාටක සුළු ජාතිකයන් නොසලකා හැරියා . කොටින්ම කියතොත් එදා යුද්ධය වකවානුවේ දමිළ වැසියන්ගේ රත්තරන් වලටත් සාටකයන් විදලා තිබෙන්නේ. ඔය පවුලම හොරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 520 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 709 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6056 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 711 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site