IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


සංවර්ධනයේ පෙරළියක් කරනවා

(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ පාතදුම්බර යූ.එස්. නිමල්)

රට පුරා සංවර්ධනයේ නව පෙරළියක් ඇති කිරීම සඳහා මේ වසරේදී සහ ලබන වසරේදී රුපියල් බිලියන 160 - 200 අතර මුදලක් වියදම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පන්විල කැලෑබොක්කේදී ඊයේ (1) පැවැසීය.

ඉඩම් නැති ජනතාවට ඉඩමක අයිතිය ලබාදීම ඩී.එස්. සේනානායක යුගයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ගේ සහෝදරයාට මෙවැනි දේ කරන්නට නොහැකි වූවාට තමා කරන්නේ කුමක්දැයි  ප්‍රශ්න කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය ඇරඹු හරිත භූමි වැඩසටහනට සහභාගී වෙමිනි.

කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩා පිටියේදී මෙම උත්සවය පැවැත්විණි. වතු කම්කරු ජනතාව සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කැබලි 500ක් මෙහිදී පවරා දෙනු ලැබීය.

මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

අද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළා. මෙය ආරම්භයක් පමණයි. මෙම වැඩසටහන යටතේ සියලුම වතුකම්කරුවන්ට පර්චස් හතක භූමියක අයිතිය ලබාදෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවටත් සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ භේදයකින් තොරව අපි ඉඩම් අයිතිය ලබාදෙනවා. මෙය අප ආණ්ඩුව සිදුකරන විශාලතම වැඩසටහනක්. අද වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමෙන් පසු ගම්මානවල ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදීම අප ආරම්භ කරනවා. 

දිගම්බරම් ඇමැතිතුමා යටතේ වතුකරයේ ජනතාවට අපි ලබාදෙන්නේ නිවසක් පමණක් නොවෙයි. අපි ඔබට අංග සම්පූර්ණ ගම්මානයක්ම ලබාදෙනවා. ඔබේ ආදායම් මාර්ග ඇති කරගනිමින් දියුණු වෙමින් ඔබේ ප්‍රජාවට එහි ජීවත් විය හැකියි. ගම්මාන වල ජීවත්වන ජනතාවට අතීතයේ තමන්ට උරුමව තිබූ ඉඩකඩම්වලින් කොටසක් නැවත වගාකිරීම සඳහාත් ලබා දෙනවා. ඒ සඳහා අප ජනතාවට උදව් උපකාර කරනවා. 

දයා ගමගේ අමාත්‍යවරයා විසින් කුරුඳු වගාව කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි කොකෝවා වගාව පිළිබඳවත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ අනුව මාතලේ, නුවර පමණක් නොවෙයි දොඩම්ගස්ලන්ද ප්‍රදේශය අවටත් කොකෝවා වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ශ්‍රී ලංකාවේ කොකෝවා මිලදී ගන්නා ආයතන සියල්ලම මෙම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව පැවසුවා. ඔවුන්ට අද කොකෝවා ආනයනය කිරීමට සිදුව තිබෙනවා. එම නිසා තමන්ගේම ඉඩම්වල කොකෝවා, කුරුඳු, කෝපි ආදිය වගාකිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරනවා. ඒ අනුව අප ජනතාව ශක්තිමත් කරමින් ජනතාව ජීවත් කරවනවා. මේ ආකාරයට ගම්මාන ඇති කිරීම බදුල්ල, නුවරඑළිය ප්‍රදේශවලත් සිදු කරනවා. ඒ හරහා නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම අපේ අරමුණයි. 

නමුත් අප මෙවැනි වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍ය අපට දෝෂාරෝපණය කරනවා. අදත් මව්බිම පුවත්පතේ මාව විවේචනය කර තිබෙන බව මම දුටුවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ පලක් නැහැ. දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ඔබට ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාටයි. 

1994 දී වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමට තීරණය කර සිටියදී අප පරාජයට පත්වුණා. නිවාස ලබාදීම ඉන් පසුව හීනයක් බවට පත් වුණා. නමුත් 2015 දී අප ලබාගත් ජයග්‍රහණයත් සමග එම වැඩකටයුත්ත අප දැන් නැවත වතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම දැන් අප ඔබට ලබා දෙන්නේ නිවාස පමණක් නොවෙයි, අංග සම්පූර්ණ ගම්මානත් ඔබට ලබා දෙනවා. වතුකරයේ ගම්මාන සඳහා පාසැල් 25 ක දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව හැදෑරීමට අවශ්‍ය වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ඔබේ දරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය අප සකසා දී තිබෙනවා.  

ඒ වගේම ජල ගැලීම සහ නියඟයක් රටේ ඇති වුණා. එවිට මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇති වන්නේ නැහැ. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් හෝ රට ඉදිරියට ගෙන ගියා. පොල් මිල රු. 100 දක්වා වැඩි වුණා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත් වුණා. නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජීවන වියදම ඉහළ යනවා. නමුත් ඉදිරි වසර දෙකක කාලය තුළ මීටත් වඩා හොඳින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. 

අපට රටක් ලෙස තව බොහෝ දුර යා යුතුයි. නමුත් අප සියලු දේවල් සිදු කළේ යම් සැලැස්මකට අනුවයි. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැණුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. “ගම් පෙරළිය”, “එන්ටර්ප්‍රයිස් ලංකා”, ශ්‍රවශක්ති”, විමධ්‍යගත අයවැය ආදිය හරහා රුපියල් බිලියන 160 - 200 ක් පමණ මුදලක් මේ වසරේත් එන වසරේත් රටේ සංවර්ධනය වෙනුවෙන් අප වියදම් කරනවා. 
මාර්ග සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය මේ සියලු වැඩකටයුතු අප දැන් ආරම්භ කරනවා. කුඩා ව්‍යාපාර ආරම්භ කරනවා. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ තම තමන්ගේ ව්‍යාපාර සඳහා අපි තවත් මුදල් ලබා දෙනවා. මේ වැඩකටයුතු ආරම්භ කිරීම ඉතා අපහසුයි. පළමු වසර 3 අප බඩගාගෙන හෝ බැණුම් අසමින් හෝ ඉදිරියට පැමිණියේ ඒ නිසයි. දැන් අපට එහි ප්‍රතිඵල ලබා දිය හැකියි. තවත් වසර 3 ක් 4 ක් මේ ආකාරයට රට ඉදිරියට යනවා නම් කිසිම ගැටලුවකින් තොරව අපට ජනතාවට මීටත් වඩා සහන ලබා දිය හැකියි. 

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. පාසල් වලට පුටු මේස ලබාදීමටත් අප කටයුතු කරනවා. ඉදිරි වසර පහ තුළ එම හිඟයත් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් බිලියන 100 ක පමණ මුදලක් වැය වෙනවා. 

සෞඛ්‍ය අංශයට අවධානය යොමු කිරීමේදී බෙහෙත් මිල විශාල ලෙස අඩුවී තිබෙනවා. ඒ වගේම අපි නව රෝහල් ඉදිකරනවා. රටේ තවත් ගැටලු ඇති බව අප දන්නවා. ප්‍රවාහන ගැටලු ආදිය පිළිබඳව අප හොඳින් දැනුවත්. නමුත් සිංහලයා බේරා ගැනීමට, සිංහලයා අනතුරේ යැයි ආදී බොරු සටන් පාඨ නොකියා අප වැඩකටයුතු කළ යුතුයි. 
මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීමට එදා සිටි පාලකයින් කටයුතු කර තිබෙන්නේ පරංගියා කෝට්ටේ ගිය ආකාරයකටයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය සැලසුම් කර තිබෙන්නේ බෙලිඅත්ත හරහායි. ඒ ඉදිකිරීම් සඳහා වැය වන සියලු මුදල් අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම මාර්ගය අතරමැද කැලෑවක් ද තිබෙනවා. නමුත් මාධ්‍ය මේවා විකාශය කරන්නේ නැහැ.  අප හොරු බව නම් මාධ්‍ය සැමවිටම විකාශය කරනවා. 

මේ සියලු ගැටලුවලට විසඳුම් සොයා ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. කොළඹ විශාල මහ නගරයක් බවට පත් වෙනවා. කොළඹ සිට හම්බන්තොට දක්වා නාගරික තීරුවක් ඇති කර තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කරනවා. එම අධිවේගී මාර්ගය ඔබට ලබා දුන්නේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කිරිඇල්ල මහතා බව මම ඔබට පවසනවා. නුවර සංවර්ධනය භාර ගන්නා ලෙස අප එතුමාට පැවසුවා. තවත් වසර 02 ක් තුළ නුවර සංවර්ධනය වෙනස් වෙනවා. ඉදිරියේදී නුවර නගරයෙන් පිටත සහ නගරය තුළ පර්චසයක මිල රුපියල් ලක්ෂ 100ට පමණ ආසන්න වෙයි. නමුත් හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයා ඉල්ලුවොත් ඔබ ඒ ඉඩම් විකුණන්නේ කීයටද? 

දැන් වැව රවුමේ ඉඩමක මිල රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. නමුත් අධිවේගී මාර්ගය ඉදි වූ පසු එය තවත් වැඩි වෙනවා. එවිට මේ ප්‍රදේශයේ ඉඩකඩම් වල මිලත් වැඩිවෙනවා. අද ඔබට ලබාදෙන පර්චස් 07ක ඉඩමේත් මිල ඉදිරියේදී වැඩිවෙනවා. 

නව නිවාස සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබාදීම දැන් විශාල වශයෙන් සිදුකරනවා. ඒවා දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරියේදී සිදුකරනවා. නමුත් තවත් අපට රැකියා ප්‍රශ්නය 100%කින් විසඳීමට නොහැකි වුණා. අප එයත් ඉටුකරනවා. අප මේ රටේ ජනතාවට බලාපොරොත්තු දිය යුතුයි. ඉඩම් අයිතිය, රැකියා අයිතිය ලබාදිය යුතුයි. බෝගම්බර ඉදිරියේදී විශාල සංචාරක නගරයක් බවට පත් වෙනවා. ගාල්ල, මහනුවර සංචාරක කලාප බවට පත්වෙනවා. මේ වැඩකටයුතු අප ඉදිරියට ගෙන ගියත් මහනුවර නයිට් රේස් පැවැත්වීමට නම් මම ඉඩ තියන්නේ නැහැ. 

මේ දියුණුව අප ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩකටයුතු පිළිබඳව රටේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පළ කරන්නේ නැහැ. දෙරණ, හිරු ආදියේ මේවා ගැන පුවත් විකාශය වන්නේ නැහැ. සිරස ගැන කතා කිරීමෙන්ම පලක් නැහැ. ලංකාදීප, දිවයින ආදී පුවත්පත්වල මේ ව්‍යාපෘති පිළිබඳව පළ වෙනවාද? මම අද සිදු කරන මේ කතාව ලංකාදීප පුවත්පතේ පළ වන්නේ පාපන්දු ලෝක කුසලානය පිළිබඳව පුවත් පළ කරන පිටුවේ කොනක සඟවා බවට මට ඔට්ටුවක් ඇල්ලීමට හැකියි. දිවයිනේ නම් මේ කථාව පළ කරන්නේ මොන පිටුවේදැයි මට සිතාගැනීමටත් නොහැකියි. අද අප සිදු කරන මෙම වැඩසටහන රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති වල විකාශය වේදැයි අප දන්නේ නැහැ. 

නමුත් අප මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. මෙම වැඩසටහනට විශාල උනන්දුවක් දක්වමින් කටයුතු කළ ලක්ෂමන කිරිඇල්ල ඇමැතිවරයාට මම ස්තුතිවන්ත වනවා. ඒ වගේම වතුකරය නියෝජනය කරන දිගම්බරම් ඇමැතිවරයාටත්, අනෙක් මහජන නියෝජිතයින්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අප ලබාගත් නිදහස, එකමුතුව සහ සංවර්ධනය ආරක්ෂාකර ගනිමු යැයි මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා. 

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

පසුගිය ජනාධිපතිවරණයට පෙර අප කන්ද උඩරට ද්‍රවිඩ නායකයන් මුණ ගැසුණා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ සෑම වතුකම්කරු පවුලකටම පර්චස් 7 ක් දෙන බව අප පොරොන්දු වුණා.

ජනපති මෙන්ම අගමැති එම කැබිනට් පත්‍රිකාවට සහයෝගය දුන්නා. ඒ කටයුත්ත පමා වුවත් දැන් නැවතත් එය පවත්වාගෙන තිබෙනවා. වතු කම්කරුවන්ගේ භූමියේ අයිතිය පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂ රජයයි.

ඔබට අයිතියෙන් 99%ක් භුක්තියට ලැබෙනවා. වතු කම්කරුවන්ට හිරිහැරයක් නොවන ලෙස මේ ඉඩම් ලබාදෙන ලෙස නිලධාරීන්ට පවසනවා.

කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:

2015 ජනාධිපතිවරණයේදී අගමැතිතුමාගෙන් පළමු ඉල්ලීම කළේ වතු ජනතාවට පර්චස් 7 බැගින් ලබාදෙන ලෙසයි. අද අගමැතිතුමා ඒ පොරොන්දු ඉටු කළා. අගමැති යමක් කිව්වොත් කරන කෙනෙක් බව වතු ජනතාව දන්නවා. වතුකරයේ ජනතාව හැමදාම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්නේ ඒ නිසයි.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:

දෙමළ නායකයන් මෙන්ම ජනතාව සියලුම දෙනා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමගයි. සමහර පක්ෂවලට දෙමළ ජනතාව අවශ්‍ය වන්නේ ඡන්දය ගැනීමට පමණයි.

එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තැබූ දෙමළ ජනතාවගේ ජීවිත නගා සිටුවීම අපේ අරමුණයි. 2020 වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී සියලුම ජනතාවට සමාන අයිතිය දීම අපේ අරමුණයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා:

අපට ඉඩම්, රැකියා ලැබෙනවා. මේ සියල්ල අලියා නිසයි. අලියා රැකගත්තොත් අපට හොඳින් ජීවත්විය හැකියි.
ජාතික වතු කම්කරු සංගමයේ

 සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වේලුකුමාර්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්. රාජරත්නම් මහත්වරුද කතා කළහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, රෝහිණි කවිරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද සහභාගි වූහ.



අදහස් (2)

සංවර්ධනයේ පෙරළියක් කරනවා

Banda Monday, 02 July 2018 07:18 AM

මෙයා කරයි සංවර්ධන කටෙන්...

:       0       0

emerson Monday, 02 July 2018 07:45 AM

මගෙ අම්මෝ!!! මහබැංකුව කාලා කරපු පෙරළිය හොඳටම ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5558 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 654 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1996 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3689 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 989 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site