ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය.
රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ යාපනය, ශාන්ත පැටි්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (19) පෙරවරුවේ එක්වෙමිනි.
රටේ ජනතාව 2015 ජනවාරි 08 වැනිදා තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
විරුද්ධ දේශපාලන බලවේග කෙතරම් පැමිණිය ද ඉදිරියේදී ද එම ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයන්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.
යාපනය, ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලය වෙත ඊයේ (19) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා, එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ඉන් අනතුරුව පැවැති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරීන් 197 දෙනකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවයි.
උගතුන් වැඩිවීමත් සමඟ රටක ප්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ද ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ ද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවැසූ ජනාධිපතිවරයා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරීන්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක්‍රමය වෙනස් කර තිබෙන බව ද කියා සිටියේය.
තාක්ෂණ විෂයයන් සහිත උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික උපාධිධාරීන් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතමෝ ද ජස්ටින් ඥානප්‍රගාසම් යාපනය රදගුරුතුමන් සහ විපක්ෂනායක ආර්. සම්පන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහජදුරේ ඥානරතන හිමියන් අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි
Shan Tuesday, 20 March 2018 07:15 AM
මේ කියන කෙනාම තමයි ඒක කරන්නේ, බල තණ්හාවට.
Aluthgama A. Samathasena. Tuesday, 27 March 2018 03:57 AM
කතාවනම් හරියටම හරි. කණ්නාඩියක් ඉදිරියට ගිහිල්ලා කිව්වානම් වඩාත්ම නිවැරදියි.