IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කරලා

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවැසීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (18) පස්වරු 1.00 ට රැස්විය.

වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- 

සංචාරක කටයුතුවලට අදාළ ක්‍රීඩා භාණ්ඩ බදුවලින් නිදහස් කරනවා. ඔප දැමූ මැණික් ප්‍රතිඅපනයනය බදුවලින් නිදහස් කරනවා. සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කින් වැඩිවී තිබෙනවා. රටේ දළ නිල සංචිතය සියයට 30කින් වැඩිවී තියෙනවා. මෙරටේ ව්‍යවසායකයන් ප්‍රමාණය බොහොම අඩුයි. ඉන්නේ සියයට 2.2 යි. අපේ ව්‍යවසායකයන් තුන් ගුණයකින් වැඩි කිරීම අරමුණයි. ව්‍යවසායකයාට මුල් තැන දෙන සමාජයක් හැදිය යුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිතරන් මහතා (දෙජාසං):- 

මුලතිව් කේපාපිලව් ජනතාව ඉඩම් ඉල්ලලා උද්ඝෝෂණ පටන් අරගෙන අදට දිනට පන් සියයයි. තවම විසඳුමක් නැහැ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල තවත් මෙවැනි උද්ඝෝෂණ යනවා. උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න පුළුවන් කිසිවකුත් අපේ රටේ නැති බව පේනවා. හමුදා කඳවුරු ඉවත් කර ඒ ඉඩම් ජනතාවට දිය යුතුයි. යාපනයේ අක්කර 6000ක් හමුදාව අත්පත් කර ගත්තා. කිලිනොච්චියේ ඉඩම්වලින් සියයට 40ක් තවමත් තියෙන්නේ හමුදාව යටතේයි. කිලිනොච්චියේ ජනතාවට තුවාල කළ දිවියා හමුදා කඳවුරක ඇති දැඩි කළ සතෙක්.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප):- 

උපාධිධාරීන් ව්‍යවසායකයන් කරන වැඩපිළිවෙළක් අප ඇරඹුවා. අපේ ගම්පෙරළියත් වැදගත් වැඩසටහනක්. ගම දියුණු කිරීම මෙහි අරමුණයි. කවුරුත් වාද භේදයෙන් තොරව මේ වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රිනී සුමේධා ජී. ජයසේන මහත්මිය (එජනිස):- 

බැංකු පොලී අනුපාතය සියයට 15 සිට සියයට 20 දක්වා වැඩිවෙලා. පාසල් දරුවන්ටත් බදු ලිපිගොනු ඇරීම අසාධාරණයි. මහ පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපාර වැසී යන තත්ත්වයක් ඇතිවෙලා. ජනතාව බදු බරින් මිරිකිලා ඉන්නවා. එළවළු මිල ජනතාවට දරා ගන්න බැහැ. බැංකු තැන්පතුවලිනුත් බදු අය කරනවා. විවිධ බාධක නිසා ආයෝජකයෝ රට හැර යනවා.

නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා:- 

වෑකන්ද නිවාස යෝජනා ක්‍රමය අප යෝජනා කරලා තියෙනවා. කොළඹ තවමත් මුඩුක්කු නිවාස පවතිනවා. කොළඹ වෙනස් කිරීමට ලොකු මුදලක් වැය කරලා තියෙනවා. 

ගේෂා විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):- 

මේ ආණ්ඩුව රටට එකක් කියලා කරන්නෙ වෙනත් දෙයක්. අලුතින් මහල් නිවාස හැදීම මේ පනතේ නැහැ. මේ රටේ බංකොළොත් භාවයට ආයෝජකයෝ එන්නෙ නැහැ. ආයෝජකයා එනවා කියලා රටට බොරුවක් කියනවා. ආයෝජකයෝ එනවා නොවෙයි යනවා. මේ පනත ඉතා භයානකයි. ගජ මිතුරන්ට වාසි දෙන්න පනත් ගේන්න එපා. 

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප):- 

මේ අය අපට බාර දුන්නේ සුරපුරයක් නොවෙයි. කඩා වැටුණු රටක්. අද රටේ සංචාරක කර්මාන්තයේ ලොකු දියුණුවක් තියෙනවා.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා (දෙජාසං):- 

අද උතුරේ යුද්ධයක් නැහැ. නමුත් හමුදාව තවමත් ඉඩම් පවරා ගන්නවා. කලින් ආණ්ඩුව අපට ගැහුවේ එළිපිටයි. මේ ආණ්ඩුව අපට පිටුපස හැංගිලා ගහනවා. දෙමළ ජනතාවට ප්‍රමාණවත් ඉඩම් දීලා නැහැ. ඉඩම් කොමසාරිස් කාටත් හොරෙන් ඉඩම් බදු දෙනවා. දෙමළ ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරවනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):- 

නාවලපිටියේ ඉඩම් ඔප්පු පිරිනැමීම ඇරඹුවා. මේ ගැන ඉඩම් ඇමැතිට පින් දෙනවා. ඉඩම්වලින් පයිනස් වගා ඉවත් කර පලතුරු වැවීමට කටයුතු කරනවා. කොයි රජය වුණත් ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කළේ පහත් විදියටයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):- 

පනතේ මුඛ්‍ය අරමුණ සඟවලා ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙතැන කතා කළා. බොහෝ රජයේ ඉඩම් බෙදී ගියේ අයථා විදියටයි. රටේ ඉඩම් විදේශ සමාගම්වලට, ගජ මිතුරන්ට පැවැරීම මේ පනතේ අරමුණයි. විදේශිකයන්ට තිබූ ඉඩම් සීමා මේ ආණ්ඩුව පැමිණ ඉවත් කළා. හන්තානේ අක්කර පනහ - පනහ ආයෝජකයන්ට දෙන්න යනවා. මෙහෙම ගියොත් සිංහරාජයත් කොටස් කරල දේවි.

මුජිබර් රහුමාන් මහතා (එජාප) මුලසුනට පැමිණියේය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:- 

ෂොක්මන් ඇන්ඞ් සමරවික්‍රම අභිබවා අද රනිල් ඇන්ඞ් සමරවික්‍රම රටේ දේපළ හොඳට වෙන්දේසි කරගෙන යනවා. ජනතාවට ඉඩම් දීමේදී උදාසීනත්වය දක්වන ආණ්ඩුව විදේශිකයන්ට ඉඩම් දීමට ලොකු කාර්යශූරත්වයක් දක්වනවා. හිටපු අය ගෙවල් ගත්තා වගේම තමයි හිටපු මුදල් ඇමැතිතුමාගේ නෝනාට ගෙවල් අරගෙන තියෙන්නේ. අද බොහෝ දෙනා ආර්ථික වශයෙන් ලොකු ආතතියකට ලක්ව සිටිනවා. ව්‍යාපාරිකයෙක් පවා බැංකුවක් කොල්ලකාලා තිබුණා ණය ගෙවාගන්න බැරිව. එහෙම කටයුතු මේ ආණ්ඩුව දැන් සජින් වාස් පන්නයේ ඇමැතිවරුන් පත් කරගෙන යනවා. ඒ කියන්නේ අධීක්ෂණ මන්ත්‍රීවරු.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප):- 

අද බදු ගහන එක ඇත්තයි. හෙංචයියන්ට ඉඩම් දුන්නේ ගිය ආණ්ඩුවයි. ඉඩමක් ගන්න එදා ව්‍යාපාරිකයකු මැරුවා. අද මන්ත්‍රීවරුන්ගේ ඉළඇට කඩන්නේ නැහැ. අද රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවා. විනිවිදභාවය සහිත පාලනයක් අද රටේ ක්‍රියාත්මක වෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):- 

ජනතාවට බදු පැටවීම හරි වැරැදියි. ධනපතියන් විශාල පිරිසක් බදු ගෙවන්නෙ නැතිව සිටිනවා. අපේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ.

තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියාය.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප):- 

අපි රටේ නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍යයට ණය ගෙවිය යුතුයි. බදු ගෙවල ඒ ණය ගෙවිය හැකියි. එවිට රට ගොඩගැනීමට අපට හැකිවේවි.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- 

බදු ගහල බදු ගහල ජනතාවට ගහන්න තවත් බද්දක් නැහැ. රනිල් එදා ගෙනාපු යළි පුබුදමු ශ්‍රී ලංකා අද වෙනත් නම්වලින් පාට දාලා ගෙනල්ලා තියෙනවා. මේක යළි පුබුදමු නොවෙයි. යළි පුදදෙමු. අපේ මොණරාගල මිනිස්සුන්ට තවම හේනෙ කුඹුරේ අයිතිය නැහැ. බහුජාතික සමාගම්වලට අපේ ඉඩම් කුණු කොල්ලයට දෙනවා.

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා:- 

අපි විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් දෙන ආණ්ඩුවක් නොවෙයි. නමුත් අයෝජකයන් දිරි ගැන්වීම කරනවා. සින්නක්කරව ඉඩම් දුන්නේ ගිය ආණ්ඩුවයි. ශැංග්‍රිලා ඉඩම දුන්න හැටි දැක්කනේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- 

ශැංග්‍රිලා ඉඩම් සින්නක්කරව දුන්නේ කවුද? මිත්‍රයන්ට වික්ක දේවල් අපි දන්නවා. මුහුදත් වික්කා. දැන් අපිට එක එක දේවල් කියනවා. අප කොණ්ඩෙ බැඳපු චීන්නු නොවෙයි.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එජනිස):- 

මේ ඉඩම් විදේශිකයන්ට දුන්නොත් රටේ ස්වාධිපත්‍යයට මොකද වෙන්නේ. අනූ නව අවුරුද්දට බදු දුන්නා කියන්නේ සින්නක්කරව දුන්නා වගෙයි. මේ රජය බටහිර රටවල් පිනවීමට කටයුතු කරනවා. ජීවන බර අඩුවන විදියට රටේ බදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. මෙය රටට ගැලපෙන බදු ප්‍රතිපත්තියක් නොවෙයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප):- 

අනුරාධපුර ව්‍යාපාරිකයන් සියයකගේ ව්‍යාපාර කටයුතු බිඳ වැටිලා. ඒ අයට බදුවලින් සහනයක් දෙන්න. අපේ ප්‍රදේශවල විශාල පිරිසකට ඉඩම් ඔප්පු නැහැ. විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් දෙන්න එපා. එහෙම කළොත් අපට ඉතිරි වන්නේ මුහුද විතරයි.

පත්කළ මන්ත්‍රීනි ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය (දෙජාසං):- 

මහවැලි එල් කලාපයේ තත්ත්වය ජනතාවට පීඩාකාරියි. ජනතාව වෙන අයගේ සම්පත් ඉල්ලන්නේ නැහැ. එයාලාගේ ඉඩම් ගැන නීති ලේඛන තියෙනවා. කේපාපිලව් උද්ඝෝෂණයට දින 500ක් ගතවෙලා. මෙවැනි තත්ත්වයක් යටතේ අපට යහපාලනය ගැන කතා කරන්න බැහැ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එජාප):- 

ආණ්ඩුව ගොඩක් වැඩ කළා. නමුත් ඒවා සමාජයට ප්‍රචාරණය වීමේ අඩුවක් තියෙනවා. ජනතාවට සින්නක්කර ඔප්පුවක් දෙන යුගය මෙයයි. මේක අප දුන්නු ඡන්ද පොරොන්දුවක්. ගම්පෙරළියෙන් වන්නේ සමස්ත ගමක් නිර්මාණය කිරීමයි. මේ හරහා අප අලුත් රටක් හදනවා. ඉඩමක අයිතිය දීම ලක්ෂ 20ක් අතට දුන්නා හා සමානයි.
විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප) මුලසුනට පැමිණියේය.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එස්. මුතුකුමාරණ මහතා (එජනිස):- 

අනුරාධපුරයේ කිරි ගොවියෝ 14060 දෙනකුගේ ආර්ථිකය කඩා වැටිලා. වැදගත් පනතක් විවාදයට ගන්න වෙලාවේ ඇමැතිවරුන් සභාවේ නැහැ. කෝ කුලියාපිටියේ දානවා කියපු කම්හල. ශ්‍රම ශක්තියට මුදල් නැහැ. ගම්පෙරළිය කළේ අපියි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- 

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විදේශිකයන් උදෙසායි. රත්නපුරේ ඉඩම් නිවාස නැති 6579ක් ඉන්නවා. මේ අයට ඉඩම් දෙන වැඩපිළිවෙළ මොකක්ද? මොකක්ද සැලැස්ම. ඒක ඉදිරිපත් කරන්න නිකන් හිස් වචන කියන්න එපා. කොළඹ මේට්ලන්ඞ් පෙදෙසේ ජනතාව දෙමටගොඩට යවලා කාටද මේ ඉඩම් දෙන්නේ.

වඩිවේල් සුරේෂ් මහතා:- 

කඳුකරේ ජනතාවට ඉඩම් අයිතිය ක්‍රම ක්‍රමයෙන් දීම ගැන සතුටු වෙනවා. ඔවුන්ට ඡන්ද අයිතිය දුන්නේත් යූ.ඇන්.පී. එකයි. අපි අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජාතිය එකතු කළ හැක්කේ යූ.ඇන්.පී. එකට පමණයි.
පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව අද (19) උදේ 10.00 ට යළි රැස්වීමට නියමිතය.

 



අදහස් (0)

සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 713 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site