(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන දැන් ඔය කථාකරන කටත් වඩා අයිතියක් තියෙන්නේ මටයි .එදා ඔවුන් එතුමව පරාජය කරන්නයි වැඩ කළේ අද ඔවුන් නැවත වරක් එතුමාව පාරාජය කිරිමටයි කටයුතු කරන්නේ යැයි වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පළාත් පාලන මැතිවරණයට තරගවදින අපේක්ෂකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක්වෙමින් ඊයේ (24)දින මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවති උත්සවයකදීය.
එදා හිටපු ඇමති ජනක බණ්ඩාරලා ඇතුළු පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කරන්න කටයුතු කළා .අද ඒ අයම එනවා හිටපු ජනාධිපතිකුමාට පනදෙන්න කියන්න.හිටපු ජනාධිපති තුමා ගැන මාතලේ වෙන කාටවත් කථා කරන්න අයිතියක් නැ . හැබැයි ගමට එන්න එපා මහින්ද මහත්තය විකුනලා ඡන්දේ ගන්න මම හිතන්න එපා මමත් මේ ගේම ලේසියෙන් අත් අරියි කියලා.
අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට අදත් ආදරෙයි හෙටත් ආදරෙයි එතුමා රට බේරාගත් නායකයා වගේම දැන් අපේ පක්ෂයේ අනුශාෂකවරයා එතුමා අදටත් පපුවට ගහගෙන කියනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බව.ඔව් අපිත් ශ්‍රිලංකානේ දැන් අපි පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පක්ෂය ශක්තිමත් කරනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය සදහා අපි සමග තොණ්ඩමන් මහතාගේ පක්ෂයයි මුස්ලිම් ජනතාවගේ විශ්වාසයි ගොඩනගා ගැනිම තුළින් අපේ ජයග්‍රහණය තහවුරුවෙලයි තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂය සිදු කළ සමික්ෂණයන්ට අනුව ඔවුන් දැනටමත් ලග්ගල ආසනයේ පරාජය පිලිගෙන ඇති බව වාර්ථාවනවා.තව දින 45යි තියෙන්නේ. අපි ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි.අපේ ජයග්‍රහණය ස්ථිරයි යැයි පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය නන්දිම්ත්‍ර ඒකනායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ මහතා රත්තොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිදායක චින්තන ඒකනායක මහතා දඹුල්ල ආසන සම සංවිධයකවරුන් වන පළාත් සබා මන්ත්‍රි ඩබ්ලිව් එම් යසමාන යුර් දයානන්ද ඇතුළු විශාල පිරිසක් එක්වුහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත
Shan Wednesday, 27 December 2017 07:54 AM
මේ වගේ අයනේ ඡන්දෙ ඉල්ලන්නේ. මහින්දගේ අයිතිය කියන්නද මේ අහිංසක මිනිස්සු ගෙනාවේ?
sks Wednesday, 27 December 2017 07:54 AM
හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත (මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන දැන් ඔය කථාකරන කටත් වඩා අයිතියක් තියෙන්නේ මටයි .එදා ඔවුන් එතුමව පරාජය කරන්නයි වැඩ කළේ අද ඔවුන් නැවත වරක් එතුමාව පාරාජය කිරිමටයි කටයුතු කරන්නේ යැයි වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය. අනේ මෙච්චර මහන්සි වෙන්නේ රට හදන්නද. දුක හිතෙනවා ඇමති කෙනෙක් කියන දේවල් වලට.
sachithThursday, 28 December 2017 04:06 AM
රට කෙසේවෙතත් මේ ඔක්කොම සෙල්ලම් තමන්ගේ දියුණුවට විතරයි, ඇයි ජනාධිපතිවරනේ ඉවර උන ගමන් අප්පචි මලෝ කිව කෙනාම දැන් අප්පචිචි හොදායි කියාගෙන යන්නේ.
කිරිහාමි නාඋල Saturday, 30 December 2017 04:29 PM
කථාව ඇත්ත ජනක තෙන්කෝන් දෙපිටකාට්ටුවා.ලගින් තියොත් ඇහැක් නැහැ.