IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


හැන්ද ඇත්තේ එජාපයේ - ලක්ෂ්මන් කිරිඇල්ල

චමිල් රුපසිංහ
 
‘‘පොහොට්ටුවේ අය ඡන්දය ඉල්ලුවත් ඔවුන්ට ආණ්ඩු බලයක් නොමැතිව කළහැකි දෙයක් නොමැති බවත් ජනපතිතුමත් පාර්ලිමේන්තුවේ  බලයත් එක්සත් ජාතික පක්ෂයට ඇති බවත් හැන්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි‘‘.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් දිනවීම සඳහා අද (26) උඩුනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
 
වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කීය.
 
‘‘පොහොටුටුවේ අය ඡන්දය ඉල්ලුවට එයාලට කරන්න පුලුවන් දෙයක් නැ.එයාලට ආණ්ඩු බලයක් නැ.හැන්ද තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයට ඒ නිසා පළාත් සංවර්ධනය කිරීමේ හැකියාව තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයට.
 
පසුගිය වසර 10 ක් තුල බලය තිබ්බෙ එක්සත් ජනතා නිදහස් සංධානයට එක්සත් ජාතික පක්ෂයට බලයක් තිබ්බෙ නැ.ඒ අයගේ අදක්ෂතාවයන් නිසා මේ පළාත් වල සංවර්ධනයක් කරන්න හැකි උනේ නැ.ඒ නිසා තමා ජනාධිපතිවරණයෙදිත් මහ මැතිවරණයදිත් ජනතාව එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නෙ.
 
මේ මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සියයට 25 ක් අවශ්‍යයි කියන නීතිය ගෙනාවෙ අගමැතිතුමා ඒ නිසා තමා අද කාන්තාවන්ටත් මේ ඡන්දයට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබුනෙ.අද නීතිය යටතේ මැතිවරණ ලැයිස්තුවෙ කාන්තා නියෝජනය සියයට 25 ක් ඉන්න ඕන ඡන්දෙන් පස්සෙත් සියයට 25 කාන්තා නියෝජනය තියෙන්න ඕන.අද ලොකෙ දිහා බැලුවම  වෛද්‍ය,නිතීඥ, විශ්ව විද්‍යාල වල කාන්තා නියෝජනය සියයට 50 ට වැඩියි ඒ නිසා තමා අග්‍රාමාත්‍ය තුමා කාන්තාවන්ටත් මේ තැන අරන් දුන්නෙ යැයිද අමාත්‍ය වරයා පැවැසීය.‘‘
 
මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා උඩුනුවර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලකී ජයවර්ධන,හා උඩුනුවර ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සහභාගි වූහ.



අදහස් (4)

හැන්ද ඇත්තේ එජාපයේ - ලක්ෂ්මන් කිරිඇල්ල

Raveendra Friday, 26 January 2018 04:11 PM

කතාව සහතික ඇත්ත .හැන්ද තිබුන නිසානේ මහබැංකුව නැත්තටම තැති වෙන්නම හුරගෙන ඔය කියන හැන්දෙන්ම යහමින් බෙදා ගත්තේ ඔක්කොම ආම්බරුවෝ ටික. ඔය කියන මුසල හැන්දෙන් මුළු රටම බෙදාගන්නවා තමුසෙලා වගේ කමකට නැති දේශපාලුවෝ.

:       0       45

Bamunuarachchi Saturday, 27 January 2018 01:57 AM

හැන්ද ඇත්තේ එජාපයේ උනාට කිරි මුට්ටියයි පැණි මුට්ටියයි ජනාදිපති අතේ. ඉතින් ඕගොල්ලෝ මොනවද බෙදන්න යන්නේ? ඔගොල්ලොම හැන්ද ලෙවකකා ඉන්න වේවි. එතකොට ජනතාව කුරුඳු පොල්ල රැගෙන 2015 එහාට පන්නලා දාවි

:       0       57

siri Saturday, 27 January 2018 10:40 AM

උසස් අධ්‍යාපන ඇමතිකමට තියෙන සුදුසුකම ප්‍රසිද්ධ කරන්න. නිකන් වාචාලකමට කියවන්නේ නැතිව...

:       0       16

I. N. Fernando Monday, 12 February 2018 12:32 AM

හැන්ද ඇත්තේ ඔබලා අතේ නොව මේ රටේ අණ්ඩු වෙනස් කරන ජනතාව අතේය. එය තේරුම් ගත නොහැකි ඔබ කෙසේ අධ්‍යාපන ඇමති තනතුර දරන්නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3129 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 526 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 219 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 770 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site