IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා

 (අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)

”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.

‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අලූත්ගම කන්දේ විහාරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අලූත්ගම කන්දේ විහාරයට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණේය.

විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථ විෂ්ණු දේවාලයේදී අගමැතිවරයාට සෙත්පතා ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත් වූහ.

ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද දිනයේ ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. අද මේ විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික සියලූම බැතිමතුන් පැමිණ සිටිනවා.

අද ආලෝක පූජාවක්ද කළා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව කළුතර දිස්ත‍්‍රික්කයටත් එවැනිම පූජාවක් කිරීමට සැරසෙනවා. කළුතර දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම ඒ පූජාවයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂක ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා ගෙන යාම සඳහායි.

නියඟය, ජල ගැලීම් සහ ඩෙංගු ආදී ව්‍යසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි හෝ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේදී ළඟා කරගත හැකි බව මහ බැංකුව ප‍්‍රකාශ කරනවා. ඒ ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මා ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.

මේ දිස්ත‍්‍රික්කයේම ඇමැතිවරයකු වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අස්සන් කළා. මේ හරහා විශාල ප‍්‍රශ්න ගණනාවක් විසඳුණා.

හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46x47ක් පමණ වියදම් කළා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60%කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. බිලියන 46x47ක් වැනි ප‍්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනිමට හැකියාව ලැබුණේ නැහැ.

අප වැඩ කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් මිලියන 1.1ක් මේ වනවිට ගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාව දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් වසර අවසන් වනවිට නිසි කළමනාකාරිත්වය යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියටත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වනවිට කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා ඉදිරියේදී පවත්වන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවැසුවා.

මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරිත්වය යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොළෙහි සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට වුණා. අපේ නව ක‍්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කළුතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ ප‍්‍රධාන වරාය දෙකක් අතර මැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.

මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත් ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීමත් නිසා සියල්ලට මැදි වූ ප‍්‍රදේශය ලෙස කළුතර විශාල දියුණුවක් ලබනවා.

මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කළුතර ප‍්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප‍්‍රදේශවලත් වෙනවා. ඒවගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.

කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප‍්‍රදේශයේ ආරම්භ කළා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තුති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600ක් - 700ක් පමණ විශාල භූමි ප‍්‍රමාණය කර්මාන්ත කලාපයක් අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන්ද වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්තපුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වනවිට ඒ දියුණුව මේ ප‍්‍රදේශවලත් ගලා එනවා.

කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. කළුතර, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට මා සූදානම්.

ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප‍්‍රදේශයේයි. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම් සිද්ධස්ථාන වලද දියුණුව ඇති වෙනවා.

අප ආරම්භ කරන සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත් ඉන්පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප‍්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා.

බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතර මැද කලාපය ලෙස ඒ ප‍්‍රදේශයේ විශාල දියුණුව ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාස පහ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප‍්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.

එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට වන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා ඇති කරන සංවර්ධන ව්‍යාපෘතියයි. සියලූ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනිීමෙන් අනතුරුවයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැුකියාව ආදි රටේ ප‍්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ.

ඒවගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව, රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතුඔය ව්‍යාපෘති ආරම්භ කෙරුණා.

නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මා ඊයේ දිනයේදී සාකච්ඡා කළා.

ඒ වගේම ත‍්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිංගප්පූරුවේ ප‍්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ කරනවා. මීට අමතරව නුරවඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප‍්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.

රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතය ලබාදීම වෙනුවෙන් මේ සංවර්ධන සැලසුම් සියල්ල ක‍්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් දිය යුතුයි. මේ වැඩ කටයුතු කිරීම සඳහාත් මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීමටත් කන්දේ විහාරයේත් විෂ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අප ප‍්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මා දීර්ඝායුෂ පතනවා යයිද,” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

ගිහි පැවිදි විශාල පිරිසක් පිංකමට සහභාගි වී සිටියහ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක විහාරයේදී ආගමික වතාවත්වලට ද යෙදුණේය.



අදහස් (4)

‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා

Lal Thursday, 03 August 2017 01:41 PM

මෙයා හරිම දක්ෂයා, පේනවානේ හම්බන්තොට වරායේ ප්‍රශ්නය විසඳපු හැටි. මත්තල පාඩුනම් ඒ ප්‍රශ්නෙත් විසඳන එක මෙයාට සුළු දෙයක්. ජනතාවගෙන් හොඳ සම්මානයක් ලැබෙන එක සහතිකයි.

:       1049       350

PerakumFriday, 04 August 2017 12:16 AM

ඇයි ලාල් මතක නැද්ද එයා කිව්වනේ මත්තලටත් ඒක කරනවයි කියල

:       117       63

Pradeep Liyanage Monday, 07 August 2017 03:19 AM

හම්බන්තොට වරාය පාඩු ලබන ආයතනයක් නම් චීනය එය මිලදී ගත්තේ ඇයි? වී ගබඩා කරන්න නම් වෙන්න බෑ. මොකද මේ කාලයේ තියෙන නියඟයත් එක්ක ගබඩා කරන්න තියා එදිනෙදා පරිභෝජනයටත් වී නැති නිසා පාඩු ලබන ආයතනයක් මිලදී ගන්න තරම් ඔවුන් මෝඩයෝ වෙන්නත් බෑ. එහෙනම් ඔවුන් මේක මිලදී අරගෙන ලාභ ලබනවා කියන්නේ පරිපාලනයේ ඇති දක්ෂතාවයෙන් මිසක් ආයතනයේ ඇති වරදක් නිසා නොවන බවයි මගේ හැඟීම. අපේ අයට හොඳ පරිපාලන හැකියාවක් නැති නිසා පාඩුයි පාඩුයි කියලා ඔක්කොම විකුණනවා.

:       0       0

rohana Friday, 11 August 2017 09:49 AM

අගමැතිතුමනි, මත්තල ගුවන් තොටුපල හදන්න ගිය වියදම බිලියන 27යි. හම්බන්තොට වරාය හදන්න ගිය වියදම බිලියන 36යි. කටුනායක අධිවේග මාර්ගය හදන්න ගිය වියදම බිලියන 32 යි. ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ පාඩුව බිලියන 59 යි. ජනතාව ගොනාට අන්දන්න එපා. මේ දූෂිතයන් පන්නා දැමීමට ජනතාව පෙළ ගැසෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1877 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3510 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1547 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4652 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1233 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 442 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site