21 වැනි සියවසට ගැලපෙන පරිදි  රට ගොඩනැගිමටත් රටේ අනාගතය සමෘද්ධිමත් ආර්ථිකයට රැගෙන යමු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේ දි පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසු  පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. අතැම් අන්තවාදී පිරිස්  අසත්‍ය ප්‍රචාර රටට රැගෙන යමින් රට ගිනි තබන්නට කටයුතු කරන බවත් ඊට නොරැවටෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ල සිටියේය.