මෙතන ඔක්කොම ඉන්නේ තරුණ අය - යෞවන කටයුතු අමාත්‍ය
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
පැලවත්තෙන් (ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය) දුන් ලැයිස්තුවක් අනුව බිම්ස්ටෙක් තරුණ සමුළුවට යවා ඇත්තේ ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන් සහ පක්ෂයේ පිරිසක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
තරුණ සේවා සභාවේ අද ජවිපෙ පන්ති පහ කරන බවත් ඒවා පැලවත්ත කාර්යාලයේ කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. ජාතික තරුණ සේවා සභාව අද ජවිපෙ ශාඛා සමිතියක්වී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.
එදා කිසිදු රජයක් පක්ෂයක් තරුණ සේවා සභාවට දේශපාලනය වද්දා නොගත් බව පැවසූ හෙතෙම බිම්ස්ටෙක් සමුළුවට ගිය තරුණ සේවා සභාවේ පහළ නිලධාරීන්ගේ නම් කියන්නැයිද ඉල්ලීමක් කළේය.
දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.
“මේවට යවන්න ඕන තරුණ සේවා සභාවේ ඉන්න තරුණ සහෝදර සහෝදරියන්. මේ සමුළුවට මන්ත්‍රීවරුන්ට අමතරව ගිහිල්ලා තියෙන්නේ ඇමතිවරුන්ගේ ලේකම්වරුන්. එක සාමාන්‍ය තරුණයෙක් මේ සමුළුවට අරගෙන ගියේ නෑ. මේකට අරන් ගියේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ අය. ඔයාලා ආවෙ වෙනසක් කරන්නනේ. ඔය කරන වෙනසද?
නියෝජ්‍ය ඇමතිගේ පෞද්ගලික ලේකම් තරුණයි. ඒ නිසා එයා යවනවා. එතකොට ඩිජිටල් ආර්ථික ඇමතිගේ පෞද්ගලික ලේකම් තරුණයි. එයා යවනවා. තරුණ සමුළුවට යවන්න ඕන තරුණ තරුණියෝ. මන්ත්‍රීවරුන් යැව්වට කමක් නැහැ. නියෝජ්‍ය ඇමති ගියත් කමක් නෑ. ඔබතුමාලා මේකට පැලවත්තෙන් කට්ටිය යවලා හරියන්නේ නැහැ.
සහකාර තරුණ සේවා නිලධාරීන් හැත්තෑ දෙනෙක් බඳවා ගත්තා. පනස් දාහක් විභාගයට ලිව්වා. මේ අයට ලකුණු දුන්නේ මහේෂ් අඹේපිටිය මහේෂ් සෙනවිරත්න සහ චමින්ද යන අය. පැන්සලෙන් ලකුණු දුන්නේ. පස්සේ ලකුණු වෙනස් කරලා තමයි මේ හැත්ත හය තෝරගත්තේ. අති බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය. තරුණ සේවා සභාවට අලුතෙන් බඳවාගන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මේක දේශපාලනීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා.
ක්‍රීඩා කටයුතු සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ: අපි එරංග ගුණසේකර යැව්වේ ඉන්දියාව ඉල්ලපු නිසා. මෙතන ඔක්කොම ඉන්නේ තරුණ අය. නමුත් එදා තරුණ සමුළුවලට යවපු අය අපි දන්නවා. අරගලයේදී බිම වැටි වැටි ගිය අයත් සමුළුවලට ගියා.
අපේ ඔෆිස්වල ඉන්න තරුණ අය පක්ෂයේ අය මෙතන නැහැ. අමාත්‍යාංශයේ සහ තරුණ සේවා සභාවේ අය තමයි මෙතන ඉන්නේ. ඒ වගේම දැන් රාජ්‍ය සේවයේ අයටත් දෙනවා. දැන් ඉස්සර වගේ නැන්දගෙ බාප්පලාගේ පුතාලට දෙන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd