තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි . 20 November 2021
මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ ’’මිලේනියම් සිටි’’ හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 19 November 2021
කැබිනට් මණ්ඩල තීන්දුවට ඇමැති තුන්කට්ටුවක් උසාවියට කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වාසුදේව නානයක්කාර,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇත. 18 November 2021
අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. 18 November 2021
එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000 අතුරු ආබාධ ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 17 November 2021
සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්‍රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය. 17 November 2021
උද්ඝෝෂණ සංවිධායකයන්ට වැඩ වරදී සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 16 November 2021
ඩොලර් අර්බුදයට ණය ගන්න රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 16 November 2021
රැස්වීම හා උත්සව සති දෙකකට තහනම් මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය. 15 November 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50කට වහයි බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උයය ගම්මන්පිල මහතා පවසයි. 15 November 2021
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 15 November 2021
බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසෙයි බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය. 14 November 2021
තනතුරු නැති වුණත් මාස 15ක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 13 November 2021
චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී. 13 November 2021
පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 12 November 2021
ආයෝජනය මණ්ඩලයට අලුතින් ගත් හතකට සුපිරි වැටුපක් දීලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) පවසයි. 12 November 2021
යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 11 November 2021
කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි කොළඹ - මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි. 11 November 2021
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය. 10 November 2021
එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත. 10 November 2021
කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි. 10 November 2021
රඹුක්කන නාය යාමකින් තිදෙනෙක් මරුට රඹුක්කන උඩගලදෙණිය ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 09 November 2021
“හොරුන්ට දඩුවම් කරන්න ඇවිත් ඩොලර් මිලියන 20 සාක්කුවේ දාගත්තා’’ එයාර් බස් ගිවිසුම අහෝසි කර වන්දි ගෙවීමේ දී යහපාලන ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 08 November 2021
එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය පොදු ස්ථානවලට ගමන් කරන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 November 2021
කඳසුරිඳුන්ට පිදූ රන් තැටිය ගැන අහන්න අංගොඩ ලොක්කාගේ බිරිය කැඳවයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පවසයි. 07 November 2021
මහාචාර්ය මෙත්තිකාට තවත් ලෝක සම්මානයක් ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය. 07 November 2021
“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය 07 November 2021
අලිසබ්රිගේ ඉල්ලා අස්වීම ජනපති පිළිනොගනී එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත . 06 November 2021
ගමන් බෑගයේ කාන්තා සිරුර හඳුනා ගනී සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හදුනාගත්ත බව පොලිසිය පවසයි. 05 November 2021
ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කැලිකසල ගොඩක ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. 04 November 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026