බඳුම්කර චෝදනාවට රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ් ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. 17 March 2021
බැඳුම්කර නඩුවේ විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 5ට බැඳුම්කර නඩුවේ විත්ත්කරුවන් වන රවි කරුණානායක ඇතුළු විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද යන්න තීන්දුව අද සවස 5.00 ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. 17 March 2021
අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 March 2021
පාස්කු ප්‍රහාරයට අසාද් සාලි අත්අඩංගුවට ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 16 March 2021
හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කිසියම් පුද්ගලයකුට ‘‘ඊෂි කෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. 16 March 2021
ලක්ෂ 6ක හොර සල්ලි අල්ලයි රුපියල් ලක්ෂ 6ක 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනකු අක්කරෙයිපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 16 March 2021
රජයේ ඇමැතිවරු 10ක් මන්ත්‍රී නිල නිවාසවලටත් විදි රජයේ නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකුට ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇතත් ඔවුන් ඒ නිවාසවලින් ඉවත්වීම මඟහැර ඒවා තවදුරටත් භාවිත කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 16 March 2021
දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත. 15 March 2021
ඉඩම් නඩුවෙන් වාස් නිදහස් අන් අයකුට අයත් රුපියල් කෝටි හතක් පමණ වටිනා මහරගම ප්‍රදේශයේ අක්කර එක හමාරක ඉඩකමක් ව්‍යාජ ඔප්පු මගින් අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන , ඔහුගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි. 15 March 2021
කොහුවල පිළිස්සුණු සිරුර හඳුනා ගැනෙයි කොහුවල ආසිරි මාවතේ දී මෝටර් රථයක් තුළ තිබී සොයාගත් පිළිස්සුනු මළසිරුර කළුබෝවිල භාතිය මාවතේ 33 හැවිරිදි ව්‍යාපාරිකයා බවට ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 15 March 2021
ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු හෙළිවිය. 15 March 2021
බෞද්ධයනට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි-අගමැති බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. 14 March 2021
වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් ගෑස් පෙන්නයි වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස්වල හිඟයක් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නඟති. 14 March 2021
එතෙර සිට එන අයගේ නිරෝධායන කාලය අඩුවන ලකුණු විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය විය යුතු දින ගණන හතක් දක්වා අඩු කිරීමට අනුමැතිය දෙන්නැයි සෞඛ්‍ය අංශ බළධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව කෝවිඩ් -19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 March 2021
අසාත් සාලිගේ ප්‍රකාශය ගැන සිඅයිඩියෙන් පරික්ෂණ අසාත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 March 2021
බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -සරත් වීරසේකර බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 13 March 2021
රටින් එන අය ගෙදරම නිරෝධායනයට කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත. 13 March 2021
හිජාස් හිස්බුල්ලාට නඩු පවරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්ලම මද්රසා පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිපතිවරයා පුත්තලම මහාධිකරණය හමුවේ නඩු පැවැරිය. 12 March 2021
මීළඟ ජනපතිවරණයට බැසිල් සුදුසුයි-ඇමැති ලොකුගේ මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (12) පැවසීය. 12 March 2021
පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත වෙළුම් 22 නීතිපතිට පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22 ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විනිස් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද බාරදෙනු ලැබීය. 12 March 2021
සීනි ගැටලුව අධිකරණයට ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 12 March 2021
ගුවන් විදුලි සභාපතිටත්-අධ්යක්ෂ මණ්ඩලයටත් ඉවත්වන්නැයි ඇමැති කියයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (11) දැනුම් දී ඇත බව වාර්තා වෙයි. 11 March 2021
පසුපෙළ මන්ත්‍රීවරු විමල්ගේ වැරදි අගමැතිට කියති ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙයි. 11 March 2021
සෙල්ෆි ගත් රන්ජන්ට සති 2ක් අමුත්තන් බලන්න බෑ අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාට අද (11) සිට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය. 11 March 2021
කොහුවල ව්‍යාපාරිකයෙක් මෝටර් රථය තුළ පිළිස්සී මියයයි මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ සිරුරක් ඊයේ (10) රාත්‍රී 11 . 30 ට පමණ කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත. 11 March 2021
බුර්කාව - මද්රසා පාසල් කඩිනමින් තහනම් කරනවා-මහජන ආරක්ෂක ඇමැති බුර්කාව සහ මද්රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 10 March 2021
අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප වෙළෙද සහායකයකු පැහැරගෙන ගොස් පහර දෙනු ලැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් පවරා තිබූ නඩුවට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ කටයුතු අතරතුරදී අධිකරණයට බාරවීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇය පෙර ඇප මත මුදා හැරිමට නියෝග කළේය. 10 March 2021
හිරුණිකාට වරෙන්තු දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදුන්නැයි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අද (10) නියෝග කළේය. 10 March 2021
සීනි ගෙන්වීමේදී කෝටි 1600 ක පාඩුවක් සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. 10 March 2021
ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න’යි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (09)රිට් පෙත්සමක් ගොනු කළේය. 09 March 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026