කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 ට නිකුත්කළ වරෙන්තුව වළක්වාලමින් අතුරු නියෝගයක් කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 August 2020
සිරගෙවල් 4 කට එස්.ටී.එෆ් කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා (S.T.F) අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය. 25 August 2020
වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී වැලිකඩ බන්ධනාගාරයට නොබෝ දිනකින් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය. 24 August 2020
අංගජන්ට-අතාවුල්ලාට ඇමැතිකම් දෙන්නැයි විමල් කියයි යාපනයෙන් මැතිසබයට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් මන්ත්‍රීටත්, නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙක් බාධක මැද පාර්ලිමේන්තුවට ආ අතාවුල්ලා මන්ත්‍රීටත් ඇමතිකම් දිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළේය. 24 August 2020
එජාප නායකත්වය භාරගැනීමට සූදානම් බව කරු කියයි පක්ෂයෙත් ශ්‍රී ලංකාවෙත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකියැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 August 2020
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන තීරණය හෙට කුරුණෑගල නගරයේ පවතින ‘ බුවනෙක හෝටලය ’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම හෙට (25) දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය අද(24) නියෝග කළේය. 24 August 2020
දේශපාලන දොරෙන් තානාපති කාර්යාලවලට ගිය අය ආපසු ගෙන්වයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 23 August 2020
කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කරයි කිලිනොච්චිය, කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත. 23 August 2020
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට ඝාතනයට ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවා වූ ’මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය’ හෙවත් ’චමියා’ නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව පැහැදිලි ගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 August 2020
අලව්වේ අනතුරකින් 5ක් මරුට කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් මහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි. 22 August 2020
‘අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න’ ‘අපේ ජනබල පක්ෂය’ට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(21)ඇඹිලිපිටියේදී පැවැසූහ. 21 August 2020
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (21) පැවැත්වේ. 21 August 2020
‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා‘ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය. 20 August 2020
නව කතානායක මහින්ද යාපා පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කළේය. 19 August 2020
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන්න අවසර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමට අද (19) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. 19 August 2020
කහ කිලෝ 807 ක් සමඟ 4 ක් නොරොච්චෝලෙන්-මන්නාරමෙන් අත්අඩංගුවට මුහුදු මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබු වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 19 August 2020
නාකොටික් කුඩූ ජාවාරම මෙහෙයවීම ඩුබායිවලින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “උදාර සම්පත්” නමැත්තා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (18) ප්‍රකාශ කළේය. 19 August 2020
පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස් ලබන 20 වැනි දා පවත්වන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී පක්ෂ දෙකකට හිමි මන්ත්‍රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි. 18 August 2020
’ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙනවා නම් මන්ත්‍රී ධූරය අතහරිනවා’ තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධූරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණ වෙනුවෙන් දිවි දෙවැනි කර කැපවන බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ 18 August 2020
කෝටි 100ක ව්‍යාජ මුදල් නෝට්ටු අල්ලයි රුපියල් කෝටි 100ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 18 August 2020
විදුලිය බිඳවැටීම සියයට 75 ක් යථා තත්වයට කෙරවළපිටිය විදුලි බලාගාරයේ උප පොළක සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද(17) දහවල් කාලයේ සිට රට පුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම මේ වනවිට 75%ක් පමණ යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි. 17 August 2020
‘වසර එකහමාරකට කහ පිටරටින් ගෙන්වන්න යයි’ ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැතිකිරීම සඳහා වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 17 August 2020
බාල වයස්කාර දරුවාට දින 45 ක් මුහුද මැදදී දස වධ බාල වයස්කාර දරුවකු නීති විරෝධී ලෙස මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් ඔහු අතින් සිදු වු සුළු අඩු පාඩුවක් හේතුවෙන් එම දරුවාට අතින් පයින් හා දැල් ආම්පන්න වලින් පහර දී දින 45ක් තිස්සේ තිස්සේ මහ මුහුද මැදදී අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් කළ බව කියන මිරිස්සේ බහු දින යාත්‍රාවක ධීවරයින් සිව් දෙනෙකු හා ඊට ආධාර අනුබල දීමේ වරදට එම යාත්‍රාවේ හිමිකරු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි. 16 August 2020
එළවළු - පළතුරු මත්තලින් රට පටවයි දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිලිවෙලක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා ආරම්භ කර ඇති බවත් ඒ අනුව ප්‍රථම දේශීය එළවළු හා පළතුරු තොගය රැගත් ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළෙන් සිට අද (16) අලුයම ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බවත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසිය. 16 August 2020
යාන්ත්‍රික කියතකින් කැපීමෙන් දෙදෙනකුට තුවාල නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. 15 August 2020
බන්ධනාගාර නිලධාරින් 15 ක සේවය අත්හිටුවයි විවිධ චෝදනා යටතේ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 14 August 2020
රැඳවියන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 21කට ස්ථාන මාරු රැඳවියන් සමඟ සමීප සබඳතා පවත්වමින් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වූ බවට චෝදනා ලද බන්ධනාගාර නිලධාරීන් 21දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත ස්ථානමාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය අද(14) පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 14 August 2020
රැකියා 150,000 පත්වීම් ප්රදානය කඩිනමින් මහ මැතිවරණය හේතුවෙන් නතර කෙරුණු, උපාධිධාරීන් හා අඩුආදායම්ලාභින්ට රැකියා ලබා දීමේ වැඩසටහනෙහි පත්වීම් ප්රදානය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. 14 August 2020
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා සහිත හොර කච්චේරියක් වටලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගෙ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා 22ක් ඇතුළු නිලමුද්‍රා 75ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 14 August 2020
අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරු පත්කෙරේ නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා පත්කෙරුණු ලේකම්වරුන්ට අද (13) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ප්රදානය කළේය. 13 August 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026