‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’ නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 03 September 2020
රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ වාහන අලුත්වැඩියා කර යළි භාවිතයට පියවර රාජ්‍ය ආයතනවලට අයත් දැනට භාවිතයට නොගන්නා වාහන 5,588 ක් අතරින් 4,116ක් අලුත්වැඩියා කර යළි භාවිතයට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 03 September 2020
ඉස්සන් ඇති කරන්න අඹකඳවිලත් කඩොලාන විනාශ කරයි ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති. 03 September 2020
20 ට කැබිනට් අනුමැතිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 02 September 2020
‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත කරගැනීමට හැකි බවත් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (02) දැනුම් දී ඇත. 02 September 2020
ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති ආඬිගම නගරයට ආසන්නව පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක් එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති. 02 September 2020
පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම් විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. 02 September 2020
ජනපතිගේ ධූර කාලය - පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් වෙන්නෑ යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් වන වගන්ති වෙනස් නොවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලංකාදීපයට පැවසීය. 01 September 2020
විගණන කොමිසමේ කාර්යාලය කෝටි 232 ක් ගිල ගනී බොරැල්ලේ පිහිටි ජාතික විගණන කොමිසමේ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු සේවාවක් සිදු නොවෙතත් එය පිහිටුවා මේ වනතුරුත් ගත වූ මාස 58ට එහි වියදම් ලෙස රුපියල් කෝටි 232 කට අධික මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ. 01 September 2020
කරදියානට කසළ බැහැරකිරීමේ තහනම තාවකාලිකව ඉවතට කරදියාන කුණු කන්දට මිශ්‍ර සහ අවශේෂ කසළ බැහැර කිරීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අද (01 ) සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසළ බාර ගැනීමට පියවර ගත්බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය. 01 September 2020
රට ඉන්න පාතාලයෝ 13 ක් අත්අඩංගුවට ගන්න රතු වරෙන්තු දැනට විදේශ රටවල සැඟව සිටින නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සදහා එරෙහිව රතු වරෙන්තු ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 31 August 2020
සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය. 31 August 2020
2020 ට අලුත් දේශපාලන පක්ෂ 150 ක් 2020 වර්ෂයට අදාළව දේශපාලන පක්ෂ 150 ක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (31) සඳහන් කළේය. 31 August 2020
ආනවිළුන්දාව ඩෝසර් කිරීම පසුබිමේ සිටි දේශපාලනඥයාගේ සහෝදරයා සොයයි ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි. 30 August 2020
චොකා මල්ලි බන්ධනාගාර රෝහලට මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 30 August 2020
අ’පුරේ හිමිවරු 8 නමක් උපවාසයක අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍ය ආගමකට බඳවා ගන්නා ව්‍යාපාරයට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩවසන හිමිවරු 8 නමක් අද (30) අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ. 30 August 2020
’අලුත් ව්‍යවස්ථාවෙන් පසු පක්ෂයේ ස්ථාවරය කියනවා’ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂයේ ස්ථාවරය හා ඉදිරි තීරණයන් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියේය. 30 August 2020
මුහුණුපොතේ සාදය වටලා 28 ක් අත්අඩංගුවට මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග තරුණ තරුණියන් 28 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි. 30 August 2020
නෙළුව - ලංකාගම - පිටදෙණිය මාර්ගය ඉදිකිරීමට ජනපති අනුමැතිය නෙළුව සිට ලංකාගම ඔස්සේ පිටදෙණිය දක්වා මාර්ගය ඉදිරි මාස 3 ඇතුළත ප්‍රතිසංස්කරණය කර අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය. 29 August 2020
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 29 August 2020
සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා‘ පොලිස් වෙඩි පහරින් මරුට සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා‘ නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට තැත් කිරීමේ දී පොලිස් වෙඩි පහරින් මියගිය බව නවගමුව පොලිසිය කියයි. 29 August 2020
රැම්සා තෙත් බිම ඩෝසර් කළ ඩෝසර්කරු අත්අඩංගුවට ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 28 August 2020
’19 අහෝසි කිරීමට එරෙහිව සියලු කණ්ඩායම් එක වේදිකාවට කැඳවනවා’ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලු කණ්ඩායම්වලට එක වේදිකාවකට එන්නැයි සමගි ජන බලවේගය ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28)පැවසීය. 28 August 2020
සා.පෙළ ලබන ජනවාරියට කල් යයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාපෙළ) විභාගය ලබන ජනවාරි මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසීය. 28 August 2020
කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය වී තිබු ගිණුම් 102 ක් මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 27 August 2020
කෝටි තුනක මත්කුඩු සමඟ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් දැලේ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කොළඹ කෙසෙල්වත්තේ දී රුපියල් කෝටි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු , මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 27 August 2020
අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය. 27 August 2020
විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත. 26 August 2020
කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින් මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 26 August 2020
ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ හිටපු ජනපති සොයා ගෙදරට යති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමේ නිලධාරීහු පිරිසක් ඒ මහතා පදිංචි කොළඹ පිහිටි නිවසට පැමිණියහ. 26 August 2020
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026